UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

තලල්ලේ ධම්මාලෝක අනු නා හිමි ගුණ සමරුව

අමරපුර සිරිසද්ධම්මවංශ මහානිකායේ අනුනායක ධුරන්දරව වැඩ විසූ ගල්කිස්සේ තපෝධනාරාමාධිපති සද්ධම්ම වාගීශ්වර ත්‍රිපිටක ධර්ම සාහිත්‍ය ශිරෝමණී සාහිත්‍යාචාර්ය රාජකීය පණ්ඩිත තලල්ලේ ශ්‍රී ධම්මාලෝක අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ආදර්ශවත් සංඝ පීතෘවරයෙක් වූහ. උන්වහන්සේ අඩසිය වසකටත් අධික කාලයක් පුරා ගල්කිස්සේ තපෝධනාරාමාධිපතිව වැඩ වෙසෙමින් රට දැය සමයට මහත් මෙහෙයන් ඉටු කළහ. උන්වහන්සේ මෙරට වැඩසිටි විචිත්‍ර ධර්මකථිකයන් වහන්සේ නමක් ද වූහ.

ඉතිරිය»

පුරාතන භාරතීය අධ්‍යාපන සම්ප්‍රදාය

පෙරදිග ලෝකයේ ඉපැරැණි ම අධ්‍යාපන සම්ප්‍රදාය වන්නේ පැරැණි භාරතීයයන්ගේ වේද අධ්‍යාපනයයි. ඉන්දු ආර්යයන්ගේ දිගු කාලීන ඥානය අන්තර්ගත ඉගැන්වීම් සමූහය වේදයේ ඇතුළත් ය. වේද යනු (විද් – උතුම්) දැනුම, දැනීම යන අර්ථය ගෙන දෙන්නකි. ඉන්දු ආර්යයන් ඔවුන්ගේ දිගු කාලීන විශ්වීය අත්දැකීම් එක්කොට ගොනැඟූ මෙම වේදාන්ත දර්ශනය ඔවුන්ගේ සිතුම් පැතුම් චර්යාවන් සහ ආගමික මෙන්ම පාරිසරික විශ්ව ඥානය ද අන්තර්ගත කොට ගොඩනගන ලද්දකි. එය හුදෙක් ආගමික අර්ථයෙන් ආගමික අභිලාෂයන් මස්තකප්‍රාප්ත කර ගැනීම සඳහා ම සකස් වුණ ද එම වේද සාහිත්‍ය තුළ ඔවුන්ගේ ඉහත කී සියලු චින්තනයන් හා සංස්කෘතිය පිළිබිඹු වේ. ආර්යයන් ඔවුන්ගේ ඥානය සංග්‍රහ කර ඇත්තේ ‘සංහිතා’ යනුවෙනි. බ්‍රාහ්මණ, ආරණ්‍යක, උපනිෂද් ආදි වේදයේ විවිධ කොටස්වලින් ඉහත කී ඥාන සම්භාරය පිළිබිඹු වේ. සංහිතාවන් කොටස් හතරකි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සිවු සඟරා වත

ලොවුතුරා දහම තුළින් අප සසර ගමන කෙටි කර ගැනීමට ලැබෙන ශක්තිය අප්‍රමාණ ය. අප කාගේත් දිවි පවත්නා කාලය ඉතා අල්ප ය. ඒ අල්ප දිවියෙන් පිනට දහමට යොමු කෙරෙන කාලය බොහෝ සෙයින් ඊටත් වඩා අල්ප ය. ගෙවී ගෙන යන කාලය පිළිබඳව සිතා බලන හැම විට අතීත ආවර්ජනයේදී සතුටුවීමට හැකි අතීතයක් තිබේ ද?. නොමැති නම් අනාගත කාලය සුචරිත දහමින් ආලෝකවත් කර ගන්නට වර්තමානය පිරිසුදු පිවිතුරු කර ගත යුතු කාලය එළඹී ඇත.

ඉතිරිය»

 

පිළියන්දල දැල්තර ශ්‍රී සුමනාරාමයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ  වසර 150 ක් තරම් අතීත උරුමයකට හිමිකම් කියන පිළියන්දල දැල්තර ශ්‍රී සුමනාරාමයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ගේ ඡායාරූපයකින් මෙවර මුල් පිටුව සැරසෙයි. ධර්මදාස නම් මූර්ති ශිල්පියකු විසින් එම බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කර ඇත. ඡායාරූපය – ජනක වෙත්තසිංහ

දුරුතු අව අටවක පෝය

දුරුතු අව අටවක පෝය ජනවාරි 07 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 04.43 ට ලබයි.
8 වන දා සිකුරාදා පූර්වභාග 03.45 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම 07 වන දා බ්‍රහස්පතින්දා ය.
මී ළඟ පෝය ජනවාරි 14 වන දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 07

New Moonඅමාවක

ජනවාරි 14

First Quarterපුර අටවක

ජනවාරි 23

Full Moonපසෙලාස්වක

ජනවාරි 29

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]