UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

තපෝධනාරාමයේ විවෘත කිරීමේ උළෙල 8 වන දා

ගල්කිස්ස තපෝධනාරාමයේ ධර්ම ශාලාව සහිත ශ්‍රී ලංකා කොරියා මුන්වා මධ්‍යස්ථානය සමග බෝධි ප්‍රාකාරය වටා ඇති රන්වැට විවෘත කිරීමේ උළෙල මෙම මස 8 වනදා පස්වරු 2 ට අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ විශේෂ සහභාගිත්වයෙන් සිදු කැරේ.

ඒ නිමිත්තෙන් අමරපුර මහා සංඝ සභාවේ සභාපති අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනාහිමියන්ගේ මුලසුනින් උත්සව සභාවක් පැවැත්වේ.

දකුණු කොරියාවේ යෝරේ නිකායේ මහ නාහිමියන් ප්‍රධාන දූත පිරිසක්ද ඊට සහභාගිවීමට නියමිතය.

එම අවස්ථාවට බළන්ගොඩ සුධම්මවංශ මහ නාහිමි, ආචාර්ය බ්‍රාහ්මණවත්තේ සීවලී අනුනාහිමි, දිවියාගහ යසස්සි නාහිමි, අත්තුඩාවේ පියරතන නාහිමි, වටිනාපහ සෝමානන්ද මාහිමි, පස්සරමුල්ලේ දයාවංශ හිමි, ගලගම ධම්මරංසි හිමි මහාචාර්ය කන්දේගොඩ විමලධම්ම හිමි, පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි, පාර්ලිමේන්තු මන්ත්‍රී අක්මීමන දයාරතන හිමි, වත්තේගම ජිනරතන නාහිමි, මිහිරිපැන්නේ සෝභිත නාහිමි, ආපදා කළමනාකරණ හා මානව හිමිකම් පිළිබඳ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා, ජාතිය ගොඩනැගීමේ අමාත්‍ය පී.රෝහිත අබේගුණවර්ධන මහතා තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය නන්දන ගුණතිලක මහතා, පාරිසරික හා ස්වාභාවික සම්පත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මහාචාර්ය දයා එදිරිසිංහ මහතා ඇතුළු ආරාධිත අමුත්තන් රැසක්ද සහභාගිවීමට නියමිතය.

දුරුතු අව අටවක පෝය

දුරුතු අව අටවක පෝය ජනවාරි 07 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 04.43 ට ලබයි.
8 වන දා සිකුරාදා පූර්වභාග 03.45 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම 07 වන දා බ්‍රහස්පතින්දා ය.
මී ළඟ පෝය ජනවාරි 14 වන දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 07

New Moonඅමාවක

ජනවාරි 14

First Quarterපුර අටවක

ජනවාරි 23

Full Moonපසෙලාස්වක

ජනවාරි 29

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]