නිවස විශේෂාංගක්ෂණ සම්පත්තිය

ක්ෂණ සම්පත්තිය

by Test User
August 13, 2026 12:43 pm 0 comment

අපට මේ ධර්මය අහන්න ලැබුණේ මේ ආත්මයේ අපි මිනිසුන් වෙලා උපන් නිසයි. මනුස්ස ආත්මයේ උපන් හැමෝට ම බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයක් අහන්න ලැබෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් අහන්න ලැබුණත් පිළිවෙළකට ඉගෙන ගන්න ලැබෙන්නේ නෑ. අපට දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය පැහැදිලි ව පිළිවෙළකට ඉගෙන ගන්න ලැබෙනවා. ඒ වගේ ම ඒ ධර්මයට අනුකූල ව ජීවිතය ගත කරන්න පුළුවන් පරිසරයක ඉන්න ලැබිලත් තිබෙනවා. මේ ඔක්කොම කරුණු එකතු වූ විට, ක්ෂණ සම්පත්තිය කියා කියනවා.

මේ ක්ෂණ සම්පත්තිය කෙනකුට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින්. ඔබ මරණයට පත් වූ පසු නිරයේ හෝ තිරිසන් ලෝකයේ හෝ ප්‍රේත ලෝකයේ හෝ උපන්නොත් මේ අවස්ථාව ආයේ ලැබෙන්නේ නෑ. සසර ගමන අති දුෂ්කර, දුක් සහිත එකක්. එනිසයි ලැබුණු ක්ෂණ සම්පත්තියෙන් ප්‍රයෝජන ගත යුත්තේ.

You may also like

Leave a Comment