නිවස බෞද්ධ දර්ශනයඅඩුපාඩු සොයනවාද?…

අඩුපාඩු සොයනවාද?…

by Test User
October 6, 2025 1:00 am 0 comment

පින්වතුනි, කිසිදාක මහා සංඝරත්නයේ අඩුපාඩු සොයන්න එපා. කිසිදාක භික්ෂුන් වහන්සේගේ අඩුපාඩු සොය සොයා විවේචනය කරන්න එපා. බරපතළ විදිහේ පාපයක බැඳෙනවා. තම තමන්ගේ සීලය තම තමන් ආරක්ෂා කර ගන්න. මහා සංඝරත්නය දුටු දුටු මානේ දෑත නළලේ තබා වන්දනා කරල හදවත ශ්‍රද්ධාවෙන් ම පුරවාගෙන තමන්ගේ ආත්මයට, ජීවිතයට සැනසිල්ල උපදවා ගන්න.

මේ සංසාර ගමනේ අපි අසරණ සත්ත්වයෝ. අප සනසවන්න, අපගේ රැකවරණයට ඉදිරිපත් වෙන්න කවුරුවත්ම නෑ. අපි වෙනුවෙන් කියලා කතා කළාට මේ ලෝකයේ කිසි කෙනෙක් අපේ පිහිටට ඉන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ හැර. බුදුරජාණන් වහන්සේට පිහිට වෙන්නට පුළුවන් වන්නේ පින්වතුන් ඒ සිරි මුව මඬලින් දේශනා කළ මිහිරි දහම් අපේ ජීවිතයට ගළපා ගත්තොත් පමණයි.

බළන්ගොඩ රාධ ස්වාමීන් වහන්සේගේ සදහම් දෙසුමකිනි

You may also like

Leave a Comment