[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

ලොවට විමුක්තිය උදාකර දුන් බුද්ධ දිවාකරයාණෝ

අපගේ ශාස්තෘ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වය පිණිස සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාවට උතුම් සමතිස් පාරමී ධර්මයන් පූරණය කළ සේක. ඒ මහා පුණ්‍ය මහිමය නිසාවෙන් දෙතිස් මහා පුරිස් ලකුණින් සමලංකෘත පින් සිරුරක් දරා වැඩ සිටි සේක. එමෙන් ම ගුරු උපදේශ රහිත ව චතුරාර්ය සත්‍යය පරිපූර්ණ ලෙස අවබෝධ කොට ගෙන අපමණ ඤාණ බලයෙන් ද, ගුණ බලයෙන් ද, එමෙන් ම සෘද්ධිබල ඤාණයන්ගෙන් ද සමන්විත ව වැඩසිටි සේක. ඒ අතර තථාගත ශ්‍රී ශරීරයෙන් එකවර ගිනි ජාලා සහ ජල දහරා විහිදුවන යමක මහා ප්‍රාතිහාර්ය ඤාණය සුවිශේෂ වූවකි. ශ්‍රාවකයන් හා සාධාරණ නො වූ භාග්‍යවතුන් වහන්සේට පමණක් ආවේණික එම යමක මහා ප්‍රාතිහාර්ය පෑ ප්‍රධාන අවස්ථා තුනක් ධර්මයේ සඳහන් වේ. සම්බුද්ධත්වය ලබා සතියක් ගත වූ තැන දෙව් බඹුන්ගේ සැක දුරු කරනු පිණිස ජය ශ්‍රී මහා බෝධි මූලයේ ඉහළ අහසේ දී, සම්බුද්ධත්වයෙන් දෙවන වර්ෂයේ දී ඥාතීන්ගේ මානය දුරු කිරීම පිණිස ශාක්‍ය දේශයේ කිඹුල්වත් පුර අහස් කුසේ දී හා තීර්ථකයන් දමනය කිරීම පිණීස සැවැත්නුවර ගණ්ඩම්බ රුක සමීපයේ ආකාශයේ දී ය. මේ අසිරිමත් යමාමහ පෙළහර පිළිබඳ ව ඛුද්දක නිකායේ පටිසම්භිදා මග්ග පොත් වහන්සේගේ සඳහන් වන්නේ මෙලෙසිනි. තථාගතයන් වහන්සේගේ ශ්‍රී සම්බුද්ධ ශරීරයෙහි උඩු කයින් ගිනි ජාලා පතුරවන සේක. යටි කයින් ජල දහරා පතුරවන සේක. එමෙන් ම යටිකයින් ගිනි ජාලා පතුරුවන සේක. උඩු කයින් ජල දහරා පතුරුවන සේක. ඉදිරිපස කයින් ගිනිජාලා පතුරුවන සේක. පසුපස කයින් ජලදහරා පතුරුවන සේක. යළි ඉදිරිපස කයින් ජල දහරා පතුරුවන සේක. පසුපස කයින් ගිනි ජාලා පතුරවන සේක. දකුණු ඇසින් ගිනි ජාලා පතුරවන සේක. වම් ඇසින් ජල දහරා පතුරවන සේක. යළි දකුණු ඇසින් ජල දහරා පතුරවන සේක. වම් ඇසින් ගිනිජාලා පතුරවන සේක. දකුණු කන්සිළෙන් ගිනිජාලා පතුරවන සේක. වම් කන්සිළෙන් ජල දහරා පතුරවන සේක. යළි වම් කන්සිළෙන් ගිනි ජාලා පතුරවන සේක. දකුණු කන්සිළෙන් ජල දහරා පතුරවන සේක. දකුණු නැහැ සිලෙන් ගිනි ජාලා පතුරවන සේක. වම් නැහැසිළෙන් ජල දහරා පතුරවන සේක. යළි වම් නැහැසිළෙන් ගිනි ජාලා පතුරවන සේක. දකුණු නැහැසිළෙන් ජල දහරා පතුරවන සේක. දකුණු උරහිසින් ගිනි ජාලා පතුරවන සේක. වම් උරහිසින් ජල දහරා පතුරවන සේක. යළි වම් උරහිසින් ගිනිජාලා පතුරවන සේක. දකුණු උරහිසින් ජල දහරා පතුරවන සේක.


පොසොන්  පුර අටවක

ජුනි 02 සඳුදා අ.භා. 08.42
 පුර අටවක ලබා 03 අඟහරුවාදා අ.භා 10.02න් ගෙවේ.
 03 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුනි 03 

Full Moonපසළොස්වක

ජුනි 10

Second Quarterඅව අටවක

ජුනි 18 

Full Moonඅමාවක

ජුනි 25


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]