ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ පොසොන් පුර අටවක පෝදා 2025 ජුනි 03 අඟහරුවාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
කර්මය පිළිබඳ වැරැදි අර්ථ කථනයන් හා අතාර්කික මත ගැන අංගුත්තර නිකායේ සඳහන් වේ. නුවණැත්තන් ඒ ගැන පරීක්ෂා කොට පහත සඳහන් මත අත්හැර දැමීම නුවණට හුරු ය. සියල්ල පූර්ව ජාතියේ කළ ක්‍රියාවන් ගේ ප්‍රතිඵලය යි විශ්වාස කිරීම, උත්තරීතර පාලකයකු ගේ නිර්මාණයන්හි විපාක යැයි ඇදහීම හා සියල්ල පැන නඟිනුයේ හේතුවක් හෝ ඵලයක් හෝ නොමැතිව ය යන විශ්වාස ය. පුද්ගලයකු මිනීමරුවකු, හොරකු, ස්ත්‍රී දූෂකයකු වීමත් ඔහුගේ ක්‍රියාවන් පූර්ව ක්‍රියාවන් නිසා ඇති වූවක් සේ ද, උත්තරීතර පාලකයකු ගේ නිපදවීමක් හේතු කොට සිදුවන්නක් ද, ඒ ඒ අවස්ථාව අනුව නිකම් සිදුවූවක් ද වේ නම් ඒ පුද්ගලයා ගේ අයහපත් ක්‍රියාවට ඔහු වග කිව යුත්තකු සේ සැලකිය නො හැකි ය. කර්මය පිළිබඳ ව තවත් සදොස් අදහසක් මෙසේ දැක්වේ. කර්මය ක්‍රියාත්මක වන්නේ යම් පුද්ගලයකු විශ්වාස කරනු ලබන, ඔහු ගේ ඇදහිල්ල අනුව ය. මිනිසා ගේ ඊළඟ ජීවිතය පිළිබඳ ඉරණම ඔහු තෝරාගත් විශේෂ ආගම මත යන්තමින් හෝ රඳා පවතී යැයි සිතිය නො හැකි ය. ඔහු අදහන ආගම කුමක් වුව ද මිනිසා ගේ ඉරණම මුළුමනින් ම රඳා පවත්නේ ඔහු ගේ කයින්, වචනයෙන්, සිතුවිල්ලෙන් කරන ක්‍රියාවන් මත ය. ඔහුට කවර අඩයාලමක් තිබුණ ද යහපත් ක්‍රියාවන්ගෙන් පිරි නො කිලිටි ජීවිතයක් ගත කරයි නම්, ඊළඟ ජීවිතයේ හෝ වාසනාවත් ජීවිතයකට හිමිකම් ලබයි. තම සිතෙහි දුෂ්ට සිතිවිලි රඳවා ගනිමින්, පාප ක්‍රියාවන්හි යෙදෙමින් ජීවත් වන මිනිසා ගේ ඊළඟ ජීවිතය ද කාලකණ්ණි තත්ත්වයට පත් වේ. බෞද්ධයෝ මරණින් පසු සුගතිගාමී වීමට වාසනාව ඇත්තේ තමනට පමණකැයි කිසි විටෙකත් නො කියති. කවර ආගමක් ඇදහුව ද මිනිසා ගේ කර්මානුකූල සිතුවිලි ඔහුගේ ඉරණම මේ තම ජීවිතයේ දී එය තීරණය කරනු ඇත.කර්මය පිළිබඳ ඉගැන්වීම් පශ්චාත් මරණ පරීක්ෂණ තීන්දුවල නිර්නායකයක් හෙවත් ප්රදර්ශකයක් නො වේ. බුදුරජාණන් වහන්සේ කර්ම න්‍යාය දේශනා කෙළේ ධනවතුන් ආරක්ෂා කිරීමට හෝ දුප්පතුන් සැනසීමට හෝ ඊළඟ ජීවිතයේ දී උරුම වන වාසනා මහිමය පිළිබඳ මනෝ දර්ශකයක් දැක්වීමට හෝ නො වේ.බුදු සමයට අනුව කර්මය පැහැදිලි කරන්නේ මනුෂ්‍ය වර්ගයා අතර පවතින අසමානතාව යි. මේ විෂමතා ජන්මය, පරිසරය, ස්වභාව ධර්මය මෙන් ම කර්මය හෙවත් අපේ ම ක්‍රියාවන් නිසා වූවකි. ඇත්ත වශයෙන් අපේ ජීවිතයේ ජයග්‍රහණයට හෝ පරාජයට හෝ වගකිවයුතු සාධකයන්ගෙන් කර්මය ද එකකි. කර්මය අදිසි බලවේගයක් බැවින් එහි ක්‍රියාකාරීත්වය මසැසින් දකිනු බැරි ය. කර්මය ක්‍රියාත්මක වන අයුරු අවබෝධ කර ගැනීමට නම් බිජුවට හා සැසඳිය යුතු ය. විශ්වාසය තැබිය හැකි ය.
ජුනි 02 සඳුදා අ.භා. 08.42 පුර අටවක ලබා 03 අඟහරුවාදා අ.භා 10.02න් ගෙවේ. 03 අඟහරුවාදා සිල්
පුර අටවක
ජුනි 03
පසළොස්වක
ජුනි 10
අව අටවක
ජුනි 18
අමාවක
ජුනි 25
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]