අනතිමානී ගුණ සුපෝෂිත
වතෝගල ධම්මික
නා හිමිපාණන් වහන්සේ
ඌරුගමුවේ අස්සජී හිමි
ඉතාලියේ බ්‍රේෂියා බෞද්ධ විහාරාධිපති, ඉතාලියේ ප්‍රධාන අධිකරණ සංඝනායක, රාජකීය
පණ්ඩිත ශාස්ත්‍රපති වතෝගල ධම්මික නාහිමි’ සිරිලක ථෙරවාදී භික්ෂු පරපුරේ උදාර ගුණයන්
මැනවින් ප්‍රකට කරන අනතිමානී ගුණයෙන් යුත් කීර්තිමත් යතිවර නමකි. නිර්මල ථෙරවාදී
බුදුදහම ඉතාලි දේශය තුළ ව්‍යාප්ත කරමින් උන්වහන්සේ පවත්වා ගෙන යන උතුම් ශාසනික,
සංස්කෘතික සහ අධ්‍යාපනික සේවාව බෙහෙවින් ම ඇගයිය යුතු වටිනාකමකින් යුක්ත ය.
දකුණු පළාතේ ගාලු දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල වතෝගල නමැති පෞරාණික සුන්දර ගම්
ප්‍රදේශයක් වෙයි. එහි වෙසෙන සැදැහැවත් අරඹවෙලගේ ඇලිස්නෝනා මහෝපාසිකා මාතාවගේ සහ
නැසීගිය වතෝගල හේවගේ මුනිදාස මහෝපාසක මහතාණන්ගේ අතිජාත පුත්‍ර රත්නයක් ලෙස වර්ෂ
1960 ජූනි මස 11 වැනි දින වතෝගල ධම්මික නාහිමියෝ ජන්මලාභය ලැබූහ. කුඩා කල සිට ම ඉතා
සැදැහැයෙන් ක්‍රියා කළ හෙයින් වර්ෂ 1975 මැයි මස 22 වැනි දා උතුම් වූ ප්‍රව්‍රජ්‍යා
භාවයට පත් වූහ. එහි දී ධම්මික නාහිමිගේ අස්මදාචාර්ය පාදෝත්තමයාණන් වහන්සේ වූයේ
කුඹල්ගොඩ සුගුණතිස්ස මාහිමි සහ රෑකඩහේනේ කුසලඤාණ නාහිමින් ය.
කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය මහ පිරිවෙණින් සාම්ප්‍රදායික පාරිවේණික අධ්‍යාපනය ලැබූ
ධම්මික නාහිමි පසුව කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණි. කලක් ගාල්ලේ නාකියාදෙණිය
ශ්‍රී සරණපාල පිරිවෙණේ පරිවේණාචාර්යවරයකු ලෙස සේවය කළේය.
පසුව ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති, ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක
පරවාහැර චන්දරතන නාහිමිගේ ඇරයුමෙන් වර්ෂ 1997 ප්‍රංශයට වැඩම කොට එහි වසර 05ක්
පුරාවට ම ධර්මදූත හා සංස්කෘතික ක්‍රියාකාරකම්වල නිරත විය. වර්ෂ 2002 සිට 2007 දක්වා
ඉතාලියේ වෙරෝනා බෞද්ධ මධ්‍යස්ථානාධිපති ගම්මැදගම පියදස්සි හිමියන්ගේ ඇරයුමෙන් තත්
විහාරස්ථානයේ ආගමික කාර්යයන්හි නිරත වුණි.
වර්ෂ 2007 සිට 2010 පෙබරවාරි 17 දක්වා ගී‍්‍රසියේ ඇතෑන්ස් බෞද්ධ විහාරාධිපති ලෙස ද
වර්ෂ 2012 සිට ඉතාලියේ බ්‍රේෂියා බෞද්ධ විහාරාධිපති ලෙස අද දක්වා ම ක්‍රියා කරයි.
ඉතාලියේ ශ්‍රී ලංකා ආගමික අධ්‍යාපනික හා සංස්කෘතික සංවිධානයේ සහ බ්‍රේෂියා එක්සත්
සුභසාධන හා අවමංගල්‍යාධාර සමිතියේ අනුශාසක ලෙස ද සිදුකරනුයේ කාලීන සමාජ සේවාවකි.
ග්‍රන්ථකරණය කෙරෙහි ද වතෝගල ධම්මික නාහිමි දක්වා ඇත්තේ සුවිශේෂී දක්ෂතාවකි. ස්වකීය
භාෂා සාහිත්‍ය දැනුම් සම්භාරය මේ යැයි , විදහා දක්වමින් භක්ති කුසුමාවලී (පාලි
පද්‍ය) ව්‍යවහාර සංඛ්‍යානාම පිළිබඳ සමාජවාග් විද්‍යාත්මක විග්‍රහය, ජීවිතය සරසන
කර්මය හා කර්මඵලය සහ බුදුන්වහන්සේ අනුදැන වදාළ ශ්‍රද්ධාව යන ග්‍රන්ථ
මුද්‍රණද්වාරයෙන් පළකොට තිබීම ශාස්ත්‍රීය වශයෙන් ධම්මික නාහිමි සිදුකළ මහානීය
සේවාවකි. |