ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ පොසොන් පුර අටවක පෝදා 2025 ජුනි 03 අඟහරුවාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
නැඟෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සේරුවිල මංගල මහා සෑ පුණ්‍ය භූමියේ සිට කිලෝමීටර් 5ක පමණ වපසරියක තෝප්පූර් මුස්ලිම් ගම්මානයට මායිම් ව සේරු නම් විලෙහි උතුරු කෙළවරට වන්නට ඓතිහාසික භූ විද්‍යාත්මක කරුණු සියල්ල සපුරමින් නටබුන් වූ එක් විශාල ස්තූපයක් විය. විල්ගම් වෙහෙර ලෙස වර්තමානයේ බොදු දනන් හඳුන්වන්නේ එම පින්බිමයි. රුදුරු ආක්‍රමණයන්ගෙන් මෙන් ම කාලයාගේ ඇවෑමෙන් නටබුන් ව වන ගත වී තිබූ සේරුවිල විල්ගම් වෙහෙර වසර 2200කට පමණ පෙර ඉදිකළ, මහරහතන් වහන්සේගේ නිර්මල පා පහසින් පාරිශුද්ධ වූ පුද බිමකි. සේරුවිල විල්ගම් වෙහෙර රාජ මහා විහාරය අනුරාධපුර යුගයේ දී ඉදිකළ ඉපැරැණි බෞද්ධ විහාරයකි. බුදුරජාණන් වහන්සේගේ විශේෂ ධාතූන් වහන්සේ නමක් තැන්පත් කර ඇති ධාතු ස්තූපයකි. වල් බිහිව, උස් ගොඩැල්ලක් ලෙස පැවතුණු විල්ගම් වෙහෙර, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් 2015 වසරේ දී සංරක්ෂණය කිරීම පිණිස කැණීම් කටයුතු ආරම්භ කළ අතර, මහමෙව්නා භාවනා අසපුවේ මූලිකත්වයෙන් එම ස්තූපය 2016 වර්ෂයේ දී සැදැහැවතුන්ගේ වන්දනාමාන කටයුතු සඳහා ප්‍රතිසංස්කරණය කිරීමට මුල්ගල තැබීය. ස්තූපයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන අතරතුර ස්තූප මළුවේ කැණීම් මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් 2018 වර්ෂයේ ආරම්භ කෙරිණි. මෙම කැණීමෙන් අවධි කිහිපයකට අයත් පුරාවිද්‍යා සාධක රැසක් සොයා ගැනීමට හැකි වූ බව සඳහන් ය. ඒ අතරින් ස්තූප මළුව ගඩොල් භාවිත කොට ඉදිකර තිබීම සුවිශේෂී ය. එසේ ගඩොල් භාවිත කොට තනා ඇති ස්තූප මළු මෙරටින් හමු වන්නේ ඉතා ස්වල්ප වශයෙන් යැයි ද සඳහන් වේ.
ජුනි 02 සඳුදා අ.භා. 08.42 පුර අටවක ලබා 03 අඟහරුවාදා අ.භා 10.02න් ගෙවේ. 03 අඟහරුවාදා සිල්
පුර අටවක
ජුනි 03
පසළොස්වක
ජුනි 10
අව අටවක
ජුනි 18
අමාවක
ජුනි 25
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]