බුදු දහමෙන් හැඩවන
ලෞකික ජීවිතය
ශාස්ත්‍රවේදී
වැලිපත ධම්මාරාම හිමි
බෞද්ධයාගේ අවසන් ප්‍රාර්ථනාව වන්නේ නිර්වාණාවබෝධය යි. බෞද්ධ ප්‍රතිපදාවන් හි
පරිසමාප්තිය ද එයයි. ඒ මොහොත දක්වා ගත කරන ජීවිතය ලෞකික ය.
නිවන පසක් කළ පුද්ගලයා නෙළුම් මලකට උපමා කරන්නේ ද එහෙයිනි. නෙළුම් මල හැදී
වැඩෙන්නේ, මඩ, ජලය, මුල්, කොළ, දඬු, සූර්යාලෝකය සාධක කරගෙන ය. මෙම සාධකය පදනම් කර
ගන්නාක් මෙන් රහතුන් වහන්සේගේ ද ජීවිතය සමාජගත සහ සම්බන්ධතා රාශියකට සම්බන්ධකම්
පවතියි.
මේ පිළිබඳ වැදගත් තොරතුරු රාශියක් දැකගත හැකි වේ. සුද්ධෝදන රජුගේ ඉල්ලීම පරිදි කුල
දරුවන් පැවිදි කිරීමේ දී, එය සිදු කිරිම දෙමව්පිය අවසරය මත සිදුවිය යුත්තකි. රජ
සමයන් හී පැනවු විනය නීති හා අපහැදුණු අයගේ පැහැදීම පිණිස විනය මෙන්ම මහජන උද්ඝෝෂණ
මූලික කරගෙන ද, භීක්‍ෂූ භික්‍ෂුණින් උදෙසා විනය නීති පැණවීම පැවිදි ජීවිතය නිසි මගට
යොමු කිරීමට ඉවහල් වී ඇති අයුරු පැහැදිලි වේ. එසේම ගිහි ජීවිතය සඳහා පැනවූ නීති
රීති ආචාර ධර්ම පද්ධතියක් මත ක්‍රියාත්මක වුව ද එහි පැවැත්ම ගිහි සමාජය මත පදනම්ව
පවතියි. එසේම බුදු බව ලැබීම යනු විශාල සමාජ සේවාවක පරිසමාප්තිය යි. බෝධිසත්ත්ව
අවධියේ දී කළා වූ සමාජ මෙහෙවර ජාතක කතා පාලියේ ඉතා පැහැදිලි ව පෙන්වා දී ඇත.
සතුට, නිරෝගී බව, සමගිය, අර්ථ ක්‍රමය, දේශපාලනික, අඹු සැමි සබඳතා, ආර්ථික
සුරක්‍ෂිතතාවය, ගිහි ජීවිතයේ ලෞකික සාර්ථකත්වයට මඟ පෙන් වූ ව්‍යග්ඝපජ්ජ, සිඟාලෝවාද,
පරාභව, වසල සූත්‍ර ආදී සූත්‍ර නිකාය සාහිත්‍යයේ දක්නට ලැබේ. මේවා අගාරික ජීවිතයේ
පැවැත්ම පිණිස දේශනා කළ සූත්‍ර වේ. බුදු සමය, ලෞකික යහපත පිණිස ජීවන රටාව අගයකොට
ඇති බව පෙන්වා දිය හැක.
ගිහි ජීවිතයේ පදනම අඹු සැමි සබඳතාවයි. යුතුකම් හා වගකීම්වලින් පිරි සමාජයක් බුදු
දහම
පෙන්වා දී තිබේ. අඹු සැමියන් විසින් දරුවන් බිහි කිරීම නිසා මව්පිය සබඳතාවයක් හට
ගනී.
අනෙක් සියලුම බන්ධනවලට වඩා මව් පිය දූ දරු සබඳතාව ය ඉතා ප්‍රබලය.
“රාහුලෝ ජාතෝ, බන්ධනං ජාතං” රාහුල කුමරුගේ ඉපදීම, සිදුහත් කුමරුට දැනුනේ බන්ධනයේත්
ඉහළ ම බන්ධනයක් ලෙස යි. මව් පිය දූ දරු සබඳතාව සිඟලෝවාද සූත්‍රය ඉතා ඉහළින් පෙන්වා
දී තිබේ. එසේම ස්වාමි භාර්යා සම්බන්ධතාව අන්‍යොන්‍ය විශ්වාසය, සුහදශීලී බව,
සංග්‍රහශීලීබව පවුල් ජීවිතයේ සාර්ථකත්වය යි. පාලක හා පාලිත දෙපක්‍ෂය ආයතනයක් තුළ
කටයුතු කළ යුතු ආකාරය මේ සූත්‍ර දේශනා තුළින් විස්තර කර දී තිබේ. සාර්ථක ගිහි
ජීවිතයක් ගත කරන්නෙක් මනා අධ්‍යාපනයක් ලැබිය යුතු කෙනකු වෙයි. ගුරු, ශිෂ්‍ය සබඳතාවය
සමාජය තුළ ඉතා වැදගත් වේ. ගුරුවරාය විසින් ශිෂ්‍යයා සමාජය තුළ මනාව හික්මිය යුතු
වේ.
ගුරුවරයාගේ ප්‍රධාන කර්තව්‍ය එයයි. ගුරු සේවාව සහ ගුරු වෘත්තීය, එකක් නොව දෙකක් බව
මින් පැහැදිලි වේ. ගුරුවරයා සේවාව කරන තෙක් ශිෂ්‍යයා හික්මිය හැකි ය. එහෙත්
ගුරුවරයා වෘත්තියකට පැමිණිය පසු ශිෂ්‍යා පිළිබඳ ව නොව වෘත්තීය පිළිබඳ ව අවධානය යොමු
කරයි. ගුරු,ශිෂ්‍යය සබඳතාව ගිලිහීමට ප්‍රධාන හේතුව වන්නේ ද මෙයයි.
“අපදානසොභිනීපඤ්ඤා” චරිත සෝභනය කරව. ප්‍රඥාවේ කාර්ය භාරය එයයි.
ස්වකීය චරියා රටා සංවර්ධනය කරගෙන සිල්වත්, ගුණවත්, ණැනවත් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක්
අනලස් ව, කුසීත නොවී, දුක සැප අවබෝධ කර ගිනිමින් එදි නෙදා ජීවිතය සාර්ථක ජීවිතයක්
බවට පත් කර ගනී. ශ්‍රද්ධාවෙන් හා ප්‍රඥාවෙන් යුතුව කටයුතු කරයි. අංග සම්පූර්ණ ගිහි
ජීවිතයක් බුදු දහම තුළින් ගොඩනඟන්නට ධර්මය පිටුවහලක් වී ඇති බව මෙහි දී දැකිය හැකි
ය.
බෞද්ධ සාහිත්‍ය හා බෞද්ධ සංස්කෘතිය තුළින් ගොඩනැඟුණ ආචාර ධර්ම ජීවිතය හා බද්ධ වීම
තුළින් යහ පැවැත්ම, ලජ්ජා සහ බය, හැසිරීම් රටා, සතර ඉරියව්, මනා පැවැත්ම බුදු දහම
තුළින් පෙන්වා දී තිබේ. මේ අනුව බලන කළ බුදු දහම ලෝකෝත්තර ජීවිතයට පමණක් නොව ලෞකික
ජීවිතය සාර්ථක කර ගැනීමට මඟ පාදා දුන් නිර්මල දර්ශනයක් බව පෙන්වා දිය හැකි ය. |