දුෂ්කරතා මඟහරිනු පිණිස මායාවෙන් ඔබ්බට...
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශය,
කැලණිය විශ්වවිද්‍යාලය
පී. එච්. ඉඳුරංගා තත්සරණි
බුදු සමයට අනුව පුද්ගලයා ආත්මීය වශයෙන් සලකුණු ලබන සංසිද්ධීන් සියල්ලක් ම විපල්ලාස
නම් වේ. බුදු සමයෙහි ඉගැන්වෙන ගැඹුරු ධර්ම කරුණක් වන මෙය විපල්ලාස සූත්‍රයෙහි
විස්තර කොට ඇත.
තත් සූත්‍රයට අනුව ත්‍රිවිධාකාර වූ විපල්ලාසයෝ පහත පරිදි ය.
1. සඤ්ඤා විපල්ලාස (සංජානනය)
2. චිත්ත විපල්ලාස (චින්තනය)
3. දිට්ඨි විපල්ලාස (සංවේදනය) ලෙස ඒවා වර්ගීකරණය කළ හැකි ය.
සඤ්ඤා විපල්ලාස
විපල්ලාස යනු යම් දෙයක සැබෑ ස්වභාවය හඳුනා ගැනීමට නොහැකිව ඒ පිළිබඳ මායාත්මක
අවබෝධයක් ලබා ගැනීම ය. එය සත්‍ය වශයෙන් ම නොපවතින නිසා සාමාන්‍ය පුද්ගලයා ජීවිතයෙහි
විවිධ දුෂ්කරතාවලට මුහුණ දේ. සඤ්ඤා විපල්ලාස යනු ඉන්ද්‍රිය ගෝචර වන අරමුණෙහි සැබෑ
ස්වභාවය වටහා නොගෙන ඒ පිළිබඳ ව වැරැදි සංඥාවක් ඇති කර ගැනීම ය. එසේ ඇතිකර ගන්නා
විපල්ලාස ධර්මයන් හතරකි. එනම්,
අනිත්‍ය දෙය නිත්‍ය ලෙස ගන්නා සඤ්ඤා විපල්ලාසය (අනිච්චේ භික්ඛවේ නිච්චන්ති සඤ්ඤා
විපල්ලාසෝ)
දුක්ඛ දෙය සුඛ ලෙස ගැනීමෙන් ඇති වන සඤ්ඤා විපල්ලාසය (දුක්ඛේ භික්ඛවේ සුඛන්ති
සඤ්ඤා විපල්ලාසෝ)
අනාත්ම දෙය ආත්ම ලෙස ගැනීමෙන් ඇති වන සඤ්ඤා විපල්ලාසය (අනත්තනි භික්ඛවේ
අත්තාති සඤ්ඤා විපල්ලාසෝ)
අසුබ දෙය සුබ ලෙස ගැනීමෙන් ඇති වන සඤ්ඤා විපල්ලාසය (අසුභේ භික්ඛවේ සුභන්ති
සඤ්ඤා විපල්ලාසෝ) (අංගුත්තර නිකාය විපල්ලාස සූත්‍රය)
සඤ්ඤා විපල්ලාසයට විරුද්ධ වූ සඤ්ඤා විපල්ලත්ත ආකාර හතරකින් විපල්ලාස සූත්‍රයෙහි
දක්වා ඇත.
ඒවා පහත පරිදි ය.
අනිත්‍ය දෙය අනිත්‍ය ලෙස ගැනීමෙන් ඇති වන සඤ්ඤා විපල්ලත්තය (අනිච්චේ භික්ඛවේ
අනිච්චන්ති න සඤ්ඤා විපල්ලත්තො)
දුක් සහගත දෙය දුකක් ලෙස ගැනීමෙන් ඇති කර ගන්නා සඤ්ඤා විපල්ලත්තය
(දුක්ඛේ භික්ඛවේ දුක්ඛන්ති න සඤ්ඤා විපල්ලත්තො)
අනාත්ම දෙය අනාත්ම ලෙස ගැනීමෙන් ඇති කර ගන්නා සඤ්ඤා විපල්ලත්තය (අනත්තති
භික්ඛවේ අනත්තාති න සඤ්ඤා විපල්ලත්තො)
අසුබ දෙය අසුබ යැයි ගැනීමෙන් ඇති වන සඤ්ඤා විපල්ලත්තය (අසුභයේ භික්ඛයේ අසුභන්ති
න සඤ්ඤා විපල්ලත්තො)
චිත්ත විපල්ලාස
සිතින් හා සිතිවිලිවලින් විපර්යාසයට පත්වීම මෙයින් අදහස් වේ. විපරීත චිත්තය ලෙස ද
මේ සඳහා නම් භාවිත වේ. විපල්ලාස සූත්‍රයට අනුව මෙහිද ස්වභාවයන් හතරකි.
අනිත්‍ය දෙය නිත්‍ය ලෙස ගැනීමෙන් ඇති කර ගන්නා චිත්ත විපල්ලාසය (අනිච්චේ භික්ඛවේ
නිච්චන්ති චිත්ත විපල්ලාසෝ)
දුක් දෙය සුව ලෙස ගැනීමෙන් ඇති කර ගන්නා චිත්ත විපල්ලාසය (දුක්ඛේ භික්ඛවේ සුඛන්ති
චිත්ත විපල්ලාසෝ)
අනාත්ම දෙය ආත්ම ලෙස ගැනීමෙන් ඇති කරගන්නා චිත්ත විපල්ලාසය (අනත්තනි භික්ඛවේ
අත්තානි චිත්ත විපල්ලාසො)
4. අසුබ දෙය සුබ ලෙස ගැනීමෙන් ඇති කර ගන්නා චිත්ත විපල්ලාසය (අසුභේ භික්ඛවේ සුභන්ති
චිත්ත විපල්ලාසො)
ඉන්ද්‍රියන්හි ගැටෙන අරමුණු පිළිබඳ වැරැදි අවබෝධයෙන් ගොඩනඟා ගන්නා සිතිවිලි නිසා
සිත විපර්යාසයට පත්වන ආකාරය ආකාර හතරකින් ඉහත විවරණය කරන ලදි. පහත දැක්වෙනුයේ
ඉන්ද්‍රියයන්හි ගැටෙන අරමුණු සිතින් නිවැරැදි ව හඳුනා ගැනීමෙන් සිත විපර්යාසයට පත්
නො වන ආකාරයන් ය.
1. අනිත්‍ය දෙය නිත්‍ය ලෙස ගැනීමෙන් ඇති කර ගන්නා චිත්ත විපල්ලත්තය (අනිච්චේ
භික්ඛවේ අනිච්චන්ති න චිත්ත විපල්ලත්තෝ)
2. දුක් දෙය දුක් ලෙස දැකීමෙන් ඇති කර ගන්නා චිත්ත විපල්ලත්තය ( දුක්ඛේ භික්ඛවේ
දුක්ඛන්ති න චිත්ත විපල්ලත්තෝ)
3.අනාත්ම දේ අනාත්ම ලෙස දැකීමෙන් ඇති කරගන්නා චිත්ත විපල්ලත්තය (අනත්තනි භික්ඛවේ
අනත්තාති න චිත්ත විපල්ලත්තෝ)
4. අසුබ දෙය අසුබ ලෙස දැකීමෙන් ඇති කර ගන්නා චිත්ත විපල්ලත්තය (අසුභේ භික්ඛවේ
අසුබන්ති න චිත්ත විපල්ලත්තෝ)
දිට්ඨි විපල්ලාස
පුද්ගලයාගේ දැනීම් පදනම් කර ගනිමින් ඇති වන විපර්යාසයන් මේ මඟින් විස්තර කොට ඇත.
මෙහිදී ද සිදු වන්නේ යමකු ඉන්ද්‍රියයන්ට අරමුණු වූ දෙයෙහි ආත්මගත ව ඔහු හෝ ඇය
කැමැති අයුරින් අදහස් ගොඩනඟා ගැනීම ය. ඒවා ද සතරකි.
අනිත්‍ය දෙය නිත්‍ය ලෙස ගැනීමෙන් ඇතිවන දිට්ඨි විපල්ලාසය (අනිච්චේ භික්ඛවේ
නිච්චන්ති දිට්ඨි විපල්ලාසෝ)
දුක් දෙය සැප ලෙස ගැනීමෙන් ඇතිවන දිට්ඨි විපල්ලාසය (දුක්ඛේ භික්ඛවේ සුඛන්ති දිට්ඨි
විපල්ලාසෝ)
අනාත්ම දෙය ආත්ම ලෙස ගැනීමෙන් ඇතිවන දිට්ඨි විපල්ලාසය (අනත්තනි භික්ඛවේ අත්තානි
දිට්ඨි විපල්ලාසෝ)
අසුබ දෙය සුබ ලෙස ගැනීමෙන් ඇති වන දිට්ඨි විපල්ලාසය (අසුභේ භික්ඛවේ සුභන්ති දිට්ඨි
විපල්ලාසෝ)
අභිධර්මාවතාරය නම් කෘතියෙහි නිත්‍ය වූ දෙය සුව ලෙස ගැනීමත්, ආත්ම වූ දෙය සුබ ලෙස
ගැනීමත් නිසා සිතිවිලිවල විපර්යාසයන් ඇති වන බව. “නිච්චං සුඛං අත්තා සුභන්ති ඒවං
පවත්තා.....” ලෙස දක්වා ඇත.
පුද්ගලයා වනාහි මේ සසර දුකින් මිදීමට නම්, යම් දෙයක සැබෑ අරුත නිසි පරිදි හඳුනා
ගැනීමේ හැකියාව තිබිය යුතු ය. ජීවිත කාලය තුළ මායාත්මක ලෝකයක ජීවත් නොවී එයින්
ඔබ්බට ගොස් බැලීම තුළින් ජීවිතයෙහි මුහුණ දෙන දුෂ්කරතාවලින් මිදී ජීවිතයේ යථාර්ථය
දැකීමට හැකිවනු නො අනුමාන ය. |