ශ්රී බුද්ධ වර්ෂ 2568 ක් වූ දුරුතු අමාවක පෝදා 2025 ජනවාරි 29 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
සත්පුරුෂයා බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය සරණ ගිය අයෙකි. සිල්වත් වූ කල්‍යාණ ධර්ම ඇත්තෙකි. බොහෝ අයට උපකාර ඇත්තෙකි. හේ සත්පුරුෂ ඇසුරට ම පි‍්‍රය කරයි. ධර්ම ශ්‍රවණයට ආසා කරයි. ඔහු සෑම විට ම ධර්මයට ම සත්කාර කරමින්, ගරු කරමින් ධර්මය ම පුදයි. මහා මේඝය යම් සේ පරිසරය සුවපත් කරන්නේ ද එසේම, දෙව් මිනිස් ලෝකයාගේ ජීවිතය සුවපත් කරන්නේ ද, අවිදු අඳුර දුරලන්නේ ද, ආලෝකය ලබා දෙන්නේ ද අන් කිසිවකුත් නොව, ඒ මේ ලොව පහළ වන ශාන්ත සත්පුරුෂයෝ ම ය. මෙත් කරුණා ගුණ පෙරදැරි ව යහපත - අයහපත, කුසල් - අකුසල්, ධර්මය - අධර්මය, විනය - අවිනය, සත් පුරුෂබව - අසත් පුරුෂ බව තෝරා බේරා දී අභය, අවෛරය ලොවට දන් දී මේ මුළු මහත් ලෝකය ම සුවපත් කරන්නෝ ඒ සත්පුරුෂයන් වහන්සේ ම ය. සියලු ලොව අවබෝධ කර ගත් ඒ බුදුරජාණෝ වැසි දිය දහරත්, සත්පුරුෂයාත් එකිනෙකා සසඳමින් මෙසේ දේශනා කොට වදාළ සේක. “මහණෙනි, එය මෙබඳු දෙයකි. මහ වැස්ස සියලු ගොවිබිම් සරු කරන්නේ බොහෝ ජනයාට හිතසුව පිණිස වෙයි ද, එසෙයින් ම මහණෙනි, සත්පුරුෂයා යම් පවුලක උපදින්නේ, බොහෝ දෙනාට යහපත, හිතසුව පිණිස ම වේ. මවුපියන් හට යහපත, හිතසුව පිණිස වේ. අඹු දරුවන් හට යහපත ම, හිත සුව පිණිස වේ. දාස කම්කරු පුරුෂයන් හට යහපත, හිත සුව පිණිස වේ. යහළු මිත්‍රයින් හට යහපත, හිතසුව පිණිස වේ. මිය පරලොව ගිය ඥාතීන්ට යහපත හිතසුව පිණිස වේ. රජු හට යහපත, හිතසුව පිණිස වේ. දෙවියන් හට යහපත, හිතසුව පිණිස වේ. ශ්‍රමණ බ්‍රාහ්මණයන් හට යහපත, හිතසුව පිණිස වේ.” සත්පුරුෂයා බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය සරණ ගිය අයෙකි. සිල්වත් වූ කල්‍යාණ ධර්ම ඇත්තෙකි. බොහෝ අයට උපකාර ඇත්තෙකි. හේ සත්පුරුෂ ඇසුරට ම පි‍්‍රය කරයි. ධර්ම ශ්‍රවණයට ආසා කරයි. ඔහු සෑම විට ම ධර්මයට ම සත්කාර කරමින්, ගරු කරමින් ධර්මය ම පුදයි. විශේෂයෙන් ම සත්පුරුෂයා කෙළෙහි ගුණ දන්නා, දකිනා අයෙකි. දෙමවුපියන්ට සලකයි.
ජනවාරි 28 අඟහරුවාදා අ.භා 07.33 අමාවක ලබා 29 බදාදා අ.භා 06.04න් ගෙවේ. 29 බදාදා සිල්
අමාවක
ජනවාරි 29
පුර අටවක
පෙබරවාරි 05
පසළොස්වක
පෙබරවාරි 12
අව අටවක
පෙබරවාරි 20
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]