ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ දුරුතු අමාවක පෝදා 2025 ජනවාරි 29 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
උඩුනුවර හියරාපිටිය ගමේ පැන්හැල්ල කඳු මුදුනේ පිහිටි පුරාණ බෞද්ධ සිද්ධස්ථානයකි ලංකාතිලක රාජමහා විහාරය. මේ පුණ්‍ය භූමිය. ගම්පොල යුගයේ ඉදි වූ විශිෂ්ඨතම වාස්තු ලක්ෂණ පෙන්නුම් කරන අපූර්ව නිර්මාණයකි. මේ පුදබිම ක්‍රි. ව. 14 වැනි සියවස දක්වා ඈතට දිවයන අතීතයකට උරුමකම් කියයි. පැරැණි මූලාශ්රයන්ට අනුව ලංකාතිලක විහාරය 4වැනි බුවනෙකබාහු රජු ක්‍රි.ව. 1341 – 1351 අතර කාලයේ ඉදි කරන ලද බව විශ්වාස කෙරේ. රජු විසින් විහාරයේ ඉදිකිරීම් සිය ප්‍රධාන අමාත්‍ය සේනාධිලංකාරයන් වෙත පවරනු ලැබූ බවත්, එම අමාත්‍යවරයා දකුණු ඉන්දියානු වාස්තුවේදී ස්ථපතිරායර්ගේ සහය ඇතිව විහාරය ගොඩනැංවූ බවත් පැවසේ. ස්වභාවික ව පිහිටි, අක්‍රමවත් බෑවුමක් සහිත ගල් පර්වතයක් මස්තකයෙහි කළුගල් අත්තිවාරමක් සහිත ව ගඩොලින් ඉදි වූ මේ ගොඩනැඟිල්ලේ නැඟෙනහිර දෙසට මුහුණලා බුදු පිළිම වහන්සේ සහිත විහාරගෙය ද, බටහිරට මුහුණ ලා හින්දු ආගමික දේවාල ද ඉදිකොට ඇත. පිළිමගෙය ඊට ම ආවේණික වූ සාම්ප්‍රදායික සිංහල මූර්ති හ වාස්තු ලක්ෂණයන්ගෙන් නිර්මිත ය. පිළිමගෙයි ඇතුල් බිත්ති මහනුවර යුගයේ සිතුවම්වලින් සමන්විත යැයි සඳහන් වේ. අදවන විට බිම් මහලත්, පළමුවැනි මහලේ කොටසකුත් පමණක් දැකගත හැකි පිළිමගෙය, අතීතයේ මහල් හතරකින් සමන්විත ව තිබූ බව විහාරයෙන් හමු වූ ලංකාතිලක තඹ තහඩුවට අදාළ තොරතුරුවලින් හෙළිදරව් කර ඇත. ඒ වගේ ම සිංහල සහ දෙමළ භාෂා ද්විත්වයෙන් ම කරවන ලද ශිලා ලේඛන විහාර පරිශ්‍රය තුළ දී දැක ගත හැකි ය.
ජනවාරි 28 අඟහරුවාදා අ.භා 07.33 අමාවක ලබා 29 බදාදා අ.භා 06.04න් ගෙවේ. 29 බදාදා සිල්
අමාවක
ජනවාරි 29
පුර අටවක
පෙබරවාරි 05
පසළොස්වක
පෙබරවාරි 12
අව අටවක
පෙබරවාරි 20
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]