ශ්රී බුද්ධ වර්ෂ 2568 ක් වූ දුරුතු අමාවක පෝදා 2025 ජනවාරි 29 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයෙන් ලැබිය හැකි අග්‍රඵලය වන්නේ දහම් අවබෝධය හෙවත් නිවන යි. එම දහම් අවබෝධයෙහි පළමු පියවර සෝතාපන්න ඵලයයි. “සෝත” යනු සැඩ පහරයි. මෙම දහම් සැඩ පහරට හසු වූ කෙනා කිසිදු අනතුරකට පත් නොවී නිවනින් සැනසීම ලබයි. සූත්‍ර දේශනාවල සෝතාපන්න ඵලයට පත්වීම විවිධ අයුරින් විස්තර කර ඇත. සංයෝජන දුරුවීමක් වශයෙන් සෝතාපන්න ඵලය විස්තර කිරීමේ දී සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත. පරාමාස යන සංයෝජන තුන දුරු වීම සෝතාපන්න ඵලයයි. සක්කායදිට්ඨිය දුරුවීම නිසා ම ඉතිරි සංයෝජන දෙක ද දුරු වන බව ඉතා වැදගත් කරුණකි. මෙම සංයෝජන වෙන් වෙන් වශයෙන් ප්‍රහාණය (දුරුකිරීම) කළ නො හැකි බව තේරුම් ගත යුතු ය. බොහෝ විට සීලබ්බත පරාමාස වශයෙන් විස්තර කරන්නේ අතීතයේ පැවැති “අජවෘත” (එළුවන් සේ හැසිරීම) “ගෝවෘත” (ගවයන් සේ හැසිරීම) ආදී සීල ව්‍රත පමණි. නමුත් තමන් සමාදන් වූ සීලය ද මමත්වයෙන් දැඩි ව අල්ලා ගැනීම සීලබ්බත පරාමාස බව දැන සිටිය යුතු ය. සීලය මුල්කොට තමා හුවා දැක්වීමත්, අන්අය හෙළා දැකීමත් එහි ම ලක්ෂණයකි. අතීතයේ මම සිටියෙම් ද? අනාගතයේ මම සිටින්නෙම් ද? වර්තමානයේ මම කොහි සිටි පැමිණියෙම් ද? ආදී වශයෙන් තමා පිළිබඳ සැක කිරීම විචිකිච්ඡාවයි. මේ නිසා විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන සංයෝජන දෙක ද මමත්වය මුල් කොට පැනනඟින බව පැහැදිලි වේ. එබැවින් මමත්වය හෙවත් සක්කාය දිට්ඨිය දුරු වීමෙන් එම සංයෝජන දෙක ද දුරු වී යයි. “කාය” යන වචනයෙහි සමූහය (ගොඩ) යන අර්ථය ඇත. මේ නිසා සමූහයක් ඇත යන වැරැදි අදහස සක්කාය දිට්ඨිය යි. මෙය “ස්වකාය” (තමාගේ කය) දිට්ඨිය ලෙස හඳුන්වා දෙන අවස්ථා ද ඇත. නමුත් එය අවබෝධය දුරස් කරවන, අවබෝධයෙන් බැහැර කරවන වැරැදි අදහසකි. බුදුරජාණන් වහන්සේ, සූත්‍ර දේශනාවල දී සක්කාය දිට්ඨිය දේශනා කොට වදාළ ආකාරය පළමු ව විමසා බලමු.
ජනවාරි 28 අඟහරුවාදා අ.භා 07.33 අමාවක ලබා 29 බදාදා අ.භා 06.04න් ගෙවේ. 29 බදාදා සිල්
අමාවක
ජනවාරි 29
පුර අටවක
පෙබරවාරි 05
පසළොස්වක
පෙබරවාරි 12
අව අටවක
පෙබරවාරි 20
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]