[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

සුදු කළු කර්ම සිඳ බිඳ ලන ධර්ම

කර්මයත්, පුනර්භවයත් අතර පවතින්නේ එක්තරා විදියක වක්‍රාකාර සම්බන්ධයක්. යම්කිසි විපාක වාරයක් හැටියට උත්පත්තියක් ලබන සත්ත්වයා නැවතත් කර්ම රැස් කිරීමේ දී අර කර්ම වේගයට ම නතු වෙලා, අවනත වෙලා ක්‍රියා කිරීමෙන් සංසාරය දිග්ගස්සා ගන්නවා. කර්ම ශක්තිය සංසිඳවලා සංසාරයෙන් මිදෙන්න පුළුවන් වන්නේ, ධර්ම ශක්තිය පිහට කර ගෙනයි. කර්ම චක්‍රය කොයි තරම් බලගතු වුණත් අවසානයේ දී ධර්ම චක්‍රය ජය ගන්නා බව තිලෝගුරු බුදුපියාණන් වහන්සේ ලෝකයාට පහදා දුන්නා. පින්වතුනි, ජේතවනාරාමයේ වැඩ වාසය කළ “තිස්ස” කියන රහතන් වහන්සේ නමක් අවුරුදු දොළහක් තිස්සේ ම එක්තරා මැණික්කරුවකුගේ ගෙදරට පිණ්ඩපාතේ වැඩියා. ඒ මැණික්කරුත් භාර්යාවත් මේ ස්වාමීන් වහන්සේට මවුපිය ස්ථානයෙහි ඉඳගෙන සියලු ඇප උපස්ථාන කරමින් දානය එහෙම පූජා කළා. එක දවසක් දා මේ ස්වාමීන් වහන්සේ මැණික්කරුගේ ගෙදරට වඩිනකොට ඒ මැණික්කාරයා මස් කපමිනුයි හිටියේ. ඒ වෙලාවෙ ම කොසොල් රජ්ජුරුවන්ගෙන් දූතයෙක් ආවා මැණිකකුත් අරගෙන. “මේ මැණික ශුද්ධ කරලා විදලා එවන්න කියලා රජ්ජුරුවෝ කිව්වා.” කියල මේ මැණික්කාරයා මස් කපමින් හිටිය ගමන් ලේ තැවරුණ අතින් ම අර මැණික අරගෙන පෙට්ටිය උඩ තියලා අත හෝදන්න ගියා. මේ ගෙදර හිටියා හුරතලයට ඇති කරන කොස්වාළිහිණියෙක්. මේ පක්ෂියා ලේ ගඳට මේ මැණික මස් කෑල්ලක් කියලා හිතලා ගිල්ලා මේ තෙරුන් වහන්සේත් බලාගෙන සිටියදී. මැණික්කාරයා ගේ ඇතුළේ ඉඳලා ඇවිත් බලන කොට මැණික නැහැ. ඊළඟට ඇහුවා තමන්ගේ බිරිඳගෙන්, දරුවන්ගෙන් එහෙම මැණික ගත්තා ද කියලා. ඔවුන් ගත්තේ නැහැ කිව්වට පස්සේ ගේ ඇතුළට ගිහිල්ලා බිරිඳ සමඟ සාකච්ඡා කරනවා. “එකත් එකටම මේ හාමුදුරුවෝ තමයි මේ මැණික ගත්තේ” කියලා. බිරිඳ කියනවා “අපොයි එහෙම කියන්න එපා මෙච්චර කාලයක්, අවුරුදු දොළහක් තිස්සේ, මේ ස්වාමීන් වහන්සේගේ කිසි වරදක් අපිට පෙනුණේ නැහැ.”


බිනර පුර පසළොස්වක

සැප්තැම්බර් 17 අඟහරුවාදා පූ.භා. 11.44 පුර පසළොස්වක ලබා 18 බදාදා පූ.භා. 08.06 ගෙවේ.
17 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 17

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 24

Full Moonඅමාවක

ඔක්තෝබර් 02

First Quarterපුර අටවක

ඔක්තෝබර් 10

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]