හිත සුව සදන
චිත්ත ස්වරූප
‘දුල්ලභංච මනුස්සත්තං’ මිනිසත් බව ලැබීම ඉතාම දුර්ලභ ය. ඒ නිමක් නොපෙනෙන සංසාර
චාරිකාවේ අනේකවිධ දුක්ඛ දෝමනස්සයන්ට ගොදුරු වෙමින් අපමණ වෙහෙසක් දරා ලබා ගත් දුර්ලභ
මනුෂ්‍ය ජීවිතය අර්ථවත් ව ගත කළ යුතු ය.
මිනිස් සිතෙහි පහළ වන අප්‍රමාණ චිත්ත ස්වරූපයන් අතුරින් සමහරක් යහපතට හේතුවෙත්.
සමහරක් අයහපතට හේතුවෙත්. පුද්ගලයාගේ හිතසුව පිණිස හේතුවන බලවත් චිත්ත ස්වරූප
සතරෙකි. ඒවා සතර බ්‍රහ්ම විහරණ නම් වෙත්. එයින් පළමු වන්නේ මෛත්‍රියයි. දුක සැප
දෙකේ දී ම සමස්තයේ යහපත ම සඳහා ආශීර්වාද පතන උතුම් මානසික ස්වභාවය
මෛත්‍රියයි.මිත්‍රශීලීභාවයයි.
කථඤච භික්ඛවේ භික්ඛු කරුණා
සහගතෙන චෙතසා
එකං දිඝං එරිත්වා විහරති,
සෙය්‍යථාපි නාම එකං’
පුග්ගලං දුග්ගතං දුරුපෙතං
දිස්වා කරුණායෙය්‍ය
එවමේච සබේබ සතේත කරුණාය එරති”
විභංග ප්‍රකරණයේ සඳහන් වන පරිදි කරුණාව දැක්විය යුතු ආකාර ඇති, ඉතා දුකට පත්,
දිළිඳු අත් පා සිඳ ඇති ව, කබලක් පෙරටුවෙහි තබාගෙන, අම්බලමක වැතිර සිටින, අතින්
පයින් පණුවෝ හැලෙන, ඒ නිසා ම බැගෑපත් හඬින් හඬන, බැගෑපත් මිනිසකු දැක අහෝ මේ
මනුෂ්‍යයා දුකට පැමිණියේ ය. මොහු මේ දුකෙන් මුදා ගන්නේ නම් ඉතා යහපතෙකැයි කරුණා
වැඩිය යුතු ය.
බ්‍රහ්මාති භික්ඛවේ මාතා පිතුන්නං
ඒතං අධිවචනං
පුබ්බ දේවාති භික්ඛවේ මාතා
පිතුන්නං ඒතං අධිවචනං
පුබ්බා චරියාති භික්ඛවේ මාතා
පිතුන්නං ඒතං අධිවචනං
ආහුනෙය්‍යාති භික්ඛවේ මාතා
පිතූන්නං ඒතං අධිවචනං
යම් සේ මහා බ්‍රහ්මයාහට මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා ලක්ෂණ හතර තිබේ ද, එසේම
දෙමාපියනට ද දරුවන් කෙරෙහි මෙම ගුණ හතර පිහිටා ඇති බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ
සේක. සතර බ්‍රහ්ම විහරණ පිළිබඳ විශුද්ධි මාර්ගයේ ද සඳහන් වේ. එනම්
මෙත්තා - “මිජ්ජතීති මෙත්තා -
සිනියහති අතේථා
යම් ධර්මයක් සිත ස්නේහ කෙරේ ද? ඒ මෛත්‍රියයි. (මිත්‍ර ගුණය)
කරුණා - පරදුකේඛ සති සාධුනං හදය කම්පනං කරොතිතී කරුණා - දුක් ඇති කල්හි සාධුන්ගේ
හෘදය කම්පනය කරන්නේ කරුණාය.
මුදිතා - “මෝදත්තිතාය තං - සමංගිතො සයං වා මොදති, මො දන මත්තමෙ ව වා මුදිතා’ යම්
ධර්මයක් කරණ කොටැගෙන ඒ ධර්මයෙන් යුක්ත වූවෝ මෝදනය වෙත්ද, සතුටු වෙත් ද? ඒ මුදිතා ය.
උපෙක්ඛා - “අවෙරා හොන්තූති ආදිව්‍යාපරප්ප හා ණෙන මජඣත්ත භාවූප ගමනෙනච උපෙක්ඛතිති
උපෙක්ඛා - අවෛර වෙත්වා යනාදී ව්‍යාපාර දුරු කිරීමෙන් ද මධ්‍යස්ථ භාවයට පැමිණීමෙන් ද
උපේක්ෂා කරන්නේ උපේක්ෂා ය.
සතර බ්‍රහ්ම විහරණ තුළ සඳහන් මෙත්තා හෙවත් මෛත්‍රිය වැඩීමෙන් යහපත් ප්‍රතිඵල
එකොළොසක් අපේක්ෂා කළ හැකි ය. එනම්
සුව සේ නිදයි.
ඒ අනුව මෛත්‍රිය වැඩීම සුව නින්දක් ලැබීමේ පහසු මගක් වෙයි.
සුව සේ අවදි වෙයි
මෛත්‍රී සහගත චිත්ත ඒකාග්‍රතාව නිසා සුව නින්දක් ලද තැනැත්තා අරුණෙහි පිබිදෙන
කුසුමක් මෙන් අවදිව සුබවාදී ආකල්පයන්ගෙන් යුතු පී‍්‍රතිමත් දවසකට සූදානමින් අවදි
වෙයි.
අසුබ සිහින නොදකියි.
ප්‍රසන්න සුබ සිහින දකී. එසේ නැතහොත් කිසිදු සිහින දැකීමකින් තොරව පූර්ණ සුවදායී
නින්දක් ලබයි.
මිනිසුනට පි‍්‍රය වෙයි
මෛත්‍රි චිත්තය වඩන්නාට සතුරන් නැති වෙයි. එබඳු පුද්ගලයකු තුළ ඇති පිවිතුරු ආදරණීය
ස්වභාවය නිසා මිනිස්සු ඔහුට පි‍්‍රය කරති. මෛත්‍රී සහගත පුද්ගලයා පහසුවෙන් යහපත්
මිතුරන් ලබන අතර, ඔවුන් සමඟ අඛණ්ඩ සම්බන්ධතාවයෙන් යුතු ව කටයුතු කරයි.
අමනුෂ්‍යයනට පි‍්‍රය වෙයි.
මෛත්‍රිය වඩන්නාට දිව්‍ය, ගාන්ධර්ව, යක්ෂ, රාක්ෂ, ආදීහු මෙන් ද තිරිසන් සත්තු ද
අමනුෂ්‍ය ගණයට අයත් හුද ආදී සියලු දෙනා ම පි‍්‍රය කරයි.
දෙවියන්ගේ රැකවරණය ලබයි
මෙත් වැඩීමෙන් දෙවියන්ට පි‍්‍රය වූ පුද්ගලයා නිසැක ලෙස ම දෙවියන් විසින් රකිනු
ලබයි.
ගිනි වස - විස හා ආයුදවලින් හානි නොලබයි. නොබියව ජීවත්විය හැකි වෙයි.
පහසුවෙන් සිත එකඟ කර ගනී.
මෛත්‍රී සහගත සිතක ගැටීම් නැත. එනිසා සිත එක අරමුණක රඳවා ගැනීම පහසු ය.
පැහැපත් ප්‍රසන්න මුහුණෙන් යුතුවෙයි. මෙය හදවතින් ම උපන් පැහැපත් බවයි. මුහුණ
හදවතෙහි කැඩපත ලෙස සලකනු ලබයි.
සැනසිල්ලේ මිය යයි.
සැනසිලිදායක මරණය වැදගත් වන්නේ මැරෙන මොහොතේ උපදින අවසාන සිතිවිල්ල මතුභවය සඳහා
පදනම් වන හෙයිනි. අවසන් මොහොතේ උපදින සිහිනුවණින් යුතු ප්‍රසන්න සිතිවිල්ල
පුද්ගලයාගේ මතුභවය සුගතිගාමී කිරීමට හේතුවෙයි.
බඹලොව උපත ලබයි.
මරණින් මතු බ්‍රහ්ම ලෝකයෙහි උපත ලබනු ඇත.
රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපි ලේඛන ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි.
හේමමාලා රන්දුනු |