[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

සම්බුදු සසුනේ විමුක්තිය ලබමින් කාන්තාව ලොව දිනූ වගයි

බමුණු මත දැඩි ව මුල්බැසගත් සමයක බුදුරජාණන් වහන්සේ කාන්තා විමුක්තිය අරමුණු කර භික්ෂූණී ශාසනය පිහිටු වීමට ක්‍රියා කළා. වස් තුන් මාසය තුළ එළඹුණු දෙවන පොහොය වන බිනරපුර පසළොස්වක දිනය අද අපි මහත් භක්තියෙන් සිහිපත් කරන්නේ මෙම කාත්තා විමුක්තිය උදා වූ විශ්ව කීර්තිමත් දිනය වශයෙනු යි. එදා බමුණු මතවාදය නිසා ම බුදුරජාණන් වහන්සේ දවස ස්ත්‍රීභාවය ලබා තෙරණියක් බවට පත් වූ මුත්තා තෙරණිය විසින් කරන මේ ප්‍රකාශය කෙ තරම් අව්‍යාජ වූවක් දැයි අපට සිතා ගත හැකියි. ඇය ප්‍රකාශ කරනවා ” "මම මිදුණා. ඇත්තට ම සදහට ම මම මිදුණා. කාගෙන් ද? පැති තුනකින්. ඒවා තමා මම දිවා රෑ නො බලා ගෙදරදොර කටයුතු ඉටු කරන්න, දරුවන්ට කෑම බීම හොයා ගන්න, ගෙදරට යමක් සපයා ගන්න කය වෙහෙසා වැඩ කරන්නට යොදා ගත් උදැල්ල කියන මේ උපකරණය යොදා ගෙන කරපු කුලී වැඩවලින්. ඒ වගේම දිවා රෑ හාල්, වී, වෙනත් ඇට වර්ග කොටා සුද්ද කරලා ඒවා ආහාරයට ගැනීමට යොදා ගත් මෝල් ගහෙනුත් මම මිදුණා. දිවා රෑ නැතුව වෙහෙසී වැඩ කරලා රෑට යන්තම් නින්දක් ගන්න මම සූදානම් වෙන කොට මට දොස් පරොස් කියා ගෙන ගෙට ගොඩවදින ඒ මගේ රුදුරු සැමියාගෙනුත් මම මිදුණා. කොහොමද මම මිදුණේ ? ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ දහම් මග අනුගමනය කිරීමෙන්”.  එය තවත් විදිහකින් කියනවා නම් ලෝක තත්ත්වය දැන හඳුනා ගෙන, නිවැරැදි දැක්මක් ඇති කර ගැනීමෙන්. සදාකල් පවතින සැනසීමක් උදා කර ගැනීමෙන් සසර දුකින් මිදුණා. මේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ එදා කාන්තාව අන්ත අසරණ තත්ත්වයකට පත් වී තිබුණු ආකාරය නොවේ ද? එයින් මිදුණේ බුදුරජාණන් වහන්සේගේ මේ සසුන නිසයි.


බිනර පුර පසළොස්වක

සැප්තැම්බර් 17 අඟහරුවාදා පූ.භා. 11.44 පුර පසළොස්වක ලබා 18 බදාදා පූ.භා. 08.06 ගෙවේ.
17 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 17

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 24

Full Moonඅමාවක

ඔක්තෝබර් 02

First Quarterපුර අටවක

ඔක්තෝබර් 10

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]