[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

බිනර පුර පසළොස්වක

සැප්තැම්බර් 17 අඟහරුවාදා පූ.භා. 11.44 පුර පසළොස්වක ලබා 18 බදාදා පූ.භා. 08.06 ගෙවේ.
17 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 17

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 24

Full Moonඅමාවක

ඔක්තෝබර් 02

First Quarterපුර අටවක

ඔක්තෝබර් 10

 

සම්බුදු සසුනේ විමුක්තිය ලබමින් කාන්තාව ලොව දිනූ වගයි

බමුණු මත දැඩි ව මුල්බැසගත් සමයක බුදුරජාණන් වහන්සේ කාන්තා විමුක්තිය අරමුණු කර භික්ෂූණී ශාසනය පිහිටු වීමට ක්‍රියා කළා. වස් තුන් මාසය තුළ එළඹුණු දෙවන පොහොය වන බිනරපුර පසළොස්වක දිනය අද අපි මහත් භක්තියෙන් සිහිපත් කරන්නේ මෙම කාත්තා විමුක්තිය උදා වූ විශ්ව කීර්තිමත් දිනය වශයෙනු යි. එදා බමුණු මතවාදය නිසා ම බුදුරජාණන් වහන්සේ දවස ස්ත්‍රීභාවය ලබා තෙරණියක් බවට පත් වූ මුත්තා තෙරණිය විසින් කරන මේ ප්‍රකාශය කෙ තරම් අව්‍යාජ වූවක් දැයි අපට සිතා ගත හැකියි. ඇය ප්‍රකාශ කරනවා ” "මම මිදුණා. ඇත්තට ම සදහට ම මම මිදුණා. කාගෙන් ද? පැති තුනකින්. ඒවා තමා මම දිවා රෑ නො බලා ගෙදරදොර කටයුතු ඉටු කරන්න, දරුවන්ට කෑම බීම හොයා ගන්න, ගෙදරට යමක් සපයා ගන්න කය වෙහෙසා වැඩ කරන්නට යොදා ගත් උදැල්ල කියන මේ උපකරණය යොදා ගෙන කරපු කුලී වැඩවලින්. ඒ වගේම දිවා රෑ හාල්, වී, වෙනත් ඇට වර්ග කොටා සුද්ද කරලා ඒවා ආහාරයට ගැනීමට යොදා ගත් මෝල් ගහෙනුත් මම මිදුණා. දිවා රෑ නැතුව වෙහෙසී වැඩ කරලා රෑට යන්තම් නින්දක් ගන්න මම සූදානම් වෙන කොට මට දොස් පරොස් කියා ගෙන ගෙට ගොඩවදින ඒ මගේ රුදුරු සැමියාගෙනුත් මම මිදුණා. කොහොමද මම මිදුණේ ? ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ දහම් මග අනුගමනය කිරීමෙන්”.  එය තවත් විදිහකින් කියනවා නම් ලෝක තත්ත්වය දැන හඳුනා ගෙන, නිවැරැදි දැක්මක් ඇති කර ගැනීමෙන්. සදාකල් පවතින සැනසීමක් උදා කර ගැනීමෙන් සසර දුකින් මිදුණා. මේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ එදා කාන්තාව අන්ත අසරණ තත්ත්වයකට පත් වී තිබුණු ආකාරය නොවේ ද? එයින් මිදුණේ බුදුරජාණන් වහන්සේගේ මේ සසුන නිසයි.

සුදු කළු කර්ම සිඳ බිඳ ලන ධර්ම

කර්මයත්, පුනර්භවයත් අතර පවතින්නේ එක්තරා විදියක වක්‍රාකාර සම්බන්ධයක්. යම්කිසි විපාක වාරයක් හැටියට උත්පත්තියක් ලබන සත්ත්වයා නැවතත් කර්ම රැස් කිරීමේ දී අර කර්ම වේගයට ම නතු වෙලා, අවනත වෙලා ක්‍රියා කිරීමෙන් සංසාරය දිග්ගස්සා ගන්නවා. කර්ම ශක්තිය සංසිඳවලා සංසාරයෙන් මිදෙන්න පුළුවන් වන්නේ, ධර්ම ශක්තිය පිහට කර ගෙනයි. කර්ම චක්‍රය කොයි තරම් බලගතු වුණත් අවසානයේ දී ධර්ම චක්‍රය ජය ගන්නා බව තිලෝගුරු බුදුපියාණන් වහන්සේ ලෝකයාට පහදා දුන්නා. පින්වතුනි, ජේතවනාරාමයේ වැඩ වාසය කළ “තිස්ස” කියන රහතන් වහන්සේ නමක් අවුරුදු දොළහක් තිස්සේ ම එක්තරා මැණික්කරුවකුගේ ගෙදරට පිණ්ඩපාතේ වැඩියා. ඒ මැණික්කරුත් භාර්යාවත් මේ ස්වාමීන් වහන්සේට මවුපිය ස්ථානයෙහි ඉඳගෙන සියලු ඇප උපස්ථාන කරමින් දානය එහෙම පූජා කළා. එක දවසක් දා මේ ස්වාමීන් වහන්සේ මැණික්කරුගේ ගෙදරට වඩිනකොට ඒ මැණික්කාරයා මස් කපමිනුයි හිටියේ. ඒ වෙලාවෙ ම කොසොල් රජ්ජුරුවන්ගෙන් දූතයෙක් ආවා මැණිකකුත් අරගෙන. “මේ මැණික ශුද්ධ කරලා විදලා එවන්න කියලා රජ්ජුරුවෝ කිව්වා.” කියල මේ මැණික්කාරයා මස් කපමින් හිටිය ගමන් ලේ තැවරුණ අතින් ම අර මැණික අරගෙන පෙට්ටිය උඩ තියලා අත හෝදන්න ගියා. මේ ගෙදර හිටියා හුරතලයට ඇති කරන කොස්වාළිහිණියෙක්. මේ පක්ෂියා ලේ ගඳට මේ මැණික මස් කෑල්ලක් කියලා හිතලා ගිල්ලා මේ තෙරුන් වහන්සේත් බලාගෙන සිටියදී.


දියුණුවේ හිණිමඟ දූරදර්ශී නායකත්වය ය

බුදුහිමියන් ජීවමාන ව වැඩ විසූ කාලයේ මගධ රාජ්‍යයේ පාලකයා වූයේ අජාසත්ත රජුයි. අසල්වැසි රටක් වූ වජ්ජි රාජ්‍යය තමන්ගේ පාලනයට නතු කර ගැනීමට අජාසත්ත රජුට අවශ්‍ය වුණා. මේ සඳහා ඔහු තමන්ගේ ප්‍රධාන අමාත්‍යවරයා වූ වස්සකාර හරහා බුදුහිමියන්ගෙන් උපදෙස් පැතුවා. තමන් හමුවට ආ වස්සකාර අමාත්‍යවරයාට බුදුහිමියන් පැවසුවේ වජ්ජි රාජ්‍ය පාලනය කළ ලිච්ඡවී රජ දරුවන් අනුගමනය කරන සත් විධ ක්‍රමවේදය තිබෙන තෙක් ඔවුන් පරාජය කළ නොහැකි බවයි. වස්සකාර අමාත්‍යවරයා මේ සත් විධ ක්‍රමවේදය කුමක්දැයි විමසා සිටියා. එයට පිළිතුරක් ලෙස බුදු හිමියන් ‘සප්ත අපරිහානිය ධර්ම ලෙස හැඳින්වෙන එම සත්විධ ක්‍රමවේදය දේශනා කරනු ලැබුවා. මෙම ක්‍රමවේදය සාර්ථක රාජ්‍ය පාලනයක් සඳහා පමණක් නොව ඕනෑම සමාගමක, ආයතනයක, සමිතියක මෙන් ම පවුලක සාර්ථකත්වය සඳහා වර්තමානයේත් බෙහෙවින් වැදගත් වෙනවා.

 

උපුල් මල් දමක් සේ හිස පැළඳි උතුම් අෂ්ට ගරු ධර්ම

එසමයෙහි බුදුරදුන් වැඩ සිටියේ කිඹුල්වත්පුර නුවර නිග්‍රෝධාරාමයේ ය. එහිදී මහා ප්‍රජාපතී ගෝතමී දේවිය උන්වහන්සේ වෙත එළඹ වැඳ එකත්පසෙක සිට කාන්තාවන්ට බුදුසසුන තුළ පැවිද්ද හා උපසම්පදාව ලබා දෙන ලෙසට තෙවරක් ම ආයාචනා කළා ය. එහිදී බුදුරදුන් වදාළේ “ගෞතමියනි, තථාගතයන් දැන හෙළි පෙහෙළි කළ සස්නෙහි ගිහි ගෙයින් නික්ම මාගමක්හු පැවිදි වනු ඔබට රිසි නොවේවා!” යන්නයි. බුදුරදුන් ඊළඟ වස් සමය වැඩ සිටියේ විශාලා මහනුවර මහ වනයෙහි කූටාගාර ශාලා විහාරයෙහි ය. එහි දී ද මහා ප්‍රජාපතී ගෝතමී දේවිය කලින් රෝහිණී නදී තීරයේ දී බුදුරදුන් සමීපයේ පැවිදි වූ ශාක්‍ය කෝලිය දෙරට කුමාරවරුන් පන්සියයක්ගේ භාර්යාවන් ද කැටුව කෙස් වැටි කපා හැර කහ වස්ත්‍ර පොරවා මැටි පාත්‍ර ගෙන ඉතා ම දුක සේ සැතපුම් ගණනාවක් පයින් ම විශාලා මහනුවර කරා පැමිණියහ. පිරිස පනස් එක් යොදුනක් ම පා ගමනින් පැමිණි බැවින් කූටාගාර ශාලා විහාරයට ළඟා වන විට ශරීරය දහදියෙන් තෙත්ව, දූවිල්ලෙන් ගැවසී, දෙපා ඉදිමී දුර්වර්ණ වී පැවතිණ. එබැවින් විහාරගෙය තුළට ඇතුළු වීමට තරම් හැකියාවක් නොමැති කාන්තා පිරිස කූටාගාර ශාලාවේ දොරටුව අබියස ශෝකීබර ව සිටියහ.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]