[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

චේතනාව කර්මය උසුලා සිට

මේ සෑම තැන්හි දී ම කර්මය සමඟ ළඟින් ම සිටින්නේ චේතනාව ය. චේතනාවෙන් තොරව කර්මය ගැන කතා කළ නොහැකි ය. චේතනාව කර්මය උසුලා සිටී යන්න ඉතා නිරවද්‍ය වන්නේ එම හේතුවෙනි. කර්මය වනාහි ක්‍රියාව ය. සියලු සත්ත්වයින් කර්මය තුළින් ඉදිරියට ගමන් කරන්නාහ. එසේ නොමැති වුවහොත් අජීවි වස්තූන් බවට පත් වෙති. එම කර්මයන් පුද්ගල අවශ්‍යතා මත සිදුවෙති. නමුදු බුදු දහම තුළ දක්වා ඇති පරිදි අප බාහිර වශයෙන් දකින කර්මය හුදකලා වූවක් නොවේ. එයට හේතු ව එය චේතනාවක් සමඟ සාපේක්ෂ ව පවතින්නක් බැවිනි. චේතනාවට කර්මය බව කීවොත් එය ඉතා නිවැරැදි ය. ඒ පිළිබඳ පැහැදිලි කොට ඇත්තේ “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායෙන වාචාය මනසා....” යනුවෙනි. කර්මය නම් වූ පුද්ගල ක්‍රියාව සුත්ත නිපාතයේ වාසෙට්ඨ සූත්‍රය තුළින් පැහැදිලි කොට ඇත්තේ ජාතිය නොහොත් ඉපදීමේ දී කස්සක, සිප්පික, වාණිජ, බ්‍රාහ්මණ, වසල ආදී නම් භාවිත කළ ද ක්‍රියාව අනුව ම සමාජ මට්ටම නිර්ණය වන බවයි. ඒ පිළිබඳ තවත් විග්‍රහාත්මකව විමසා බැලීමේ දී පැහැදිලි වන්නේ කර්මය යනු චේතනා චෛතසිකය ම බවයි. සිත, කය, වචනය තුළින් සිදුවන ක්‍රියාවට චේතනාව මුල් වේ. ඒ බව ධම්ම පදය තුළ සඳහන් පළමු වග්ගය වූ යමක වග්ගයේ පළමු හා දෙවැනි ගාථා ද්වය නිදසුන් සපයනු ඇත. ඒ අනුව වේදනා, සංඥා, සංකාර යන ස්කන්ධත්‍රයට අයත් වූ ධර්ම සංඛ්‍යාත චෛතසිකයෝ සිත පෙරටු කොට ඇත්තෝ ය. සිතින් ම උපදනාහ. ඉදින් ලෝභාදී අකුසල ගති හා යෙදීමෙන් කිලිටි වූ සිතින් මුසාවාදා දී චතුර්විධ වාග් දුෂ්චරිතයන් අතරෙන් යමක් කියයි ද, ප්‍රාණඝාතාදී ත්‍රිවිධ කායදුෂ්චරිතයන් අතරෙන් යමක් කරයි ද, අභිද්‍යාදී ත්‍රිවිධ මනෝ දුශ්චරිතයන් අතරෙන් යමක් සිතයි ද, ඒ හේතු කොට කර්ම උපදි. හොඳ චෛතසිකයන් මුල් වී සිත, කය, වචනාදී ත්‍රිවිධ ද්වාරයෙන් යමක් කරයි ද, කියයි ද, සිතයි ද, ඒවා ද කුසල කර්ම ගණයට ගැනේ. නරක චෛතසිකයන් මුල් වී සිත, කය, වචනාදී ත්‍රිවිධ ද්වාරයෙන් යමක් කරයි ද, කියයි ද ඒවා අකුසල කර්ම ගණයට ගැනේ.


ඇසළ අමාවක

අගෝස්තු 03 සෙනසුරාදා අ.භා 03.56 අමාවක ලබා 04 ඉරිදා අ.භා. 04.48 ගෙවේ.
03 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 03

First Quarterපුර අටවක

අගෝස්තු 12

Full Moonපසළොස්වක

අගෝස්තු 19

Second Quarterඅව අටවක

අගෝස්තු 26

 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]