[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

ජීවිතයට නිති රැකවරණය

මෛත්‍රී බුදු සමිඳුන් ලොව පහළ වන්නේ මිනිස් ආයුෂ වර්ෂ අසූදහස දක්වා වර්ධනය වූ කාලයක බව අපගේ ගෞතම බුදු සමිඳුන් ඉතා පැහැදිලි ලෙස චක්කවත්තී සීහනාද සූත්‍රයේ දී දේශනා කොට වදාරා තිබේ. එසේ නම් ඒ සා දීර්ඝ කාලයක් තුළ ඔබට අපා දුකක නොවැටී, සුගතියේ ම රැඳී සිටිමින් දෙව් මිනිස් දෙගතියෙහි පමණක් සැරිසරමින්, මෛත්‍රී බුදු සමිඳුන් මුණ ගැසෙනා තුරා සුව සේ සිටිය හැකි යැයි සිතිය හැකි සහතිකය කුමක් ද? වගකීම කුමක් ද?. ඔබ ශ්‍රද්ධාවට පැමිණිය යුත්තේ ගෞතම බුදුපියාණන් වහන්සේ ගැන ය. ගෞතම බුදු සමිඳුන් වදාළ ශ්‍රී සද්ධර්මය ගැන ය. ගෞතම බුදු සසුන තුළ මාර්ගඵල ලැබු උතුම් ශ්‍රාවක සඟරුවන ගැන ය. ඔබ තවමත් මේ තුනුරුවන් හඳුනාගෙන නැත්නම්, ඔබ කොතෙත් වාරයක් වචනවලින් තෙරුවන් සරණ ගිය ද, ඔබේ හදවත තුළ තිසරණය නොපිහිටයි. එවිට ඔබට රැකවරණයක් නැත. මෛත්‍රී බුදු සමිඳුන් ලොව පහළ වන්නේ මිනිස් ආයුෂ වර්ෂ අසූදහස දක්වා වර්ධනය වූ කාලයක බව අපගේ ගෞතම බුදු සමිඳුන් ඉතා පැහැදිලි ලෙස චක්කවත්තී සීහනාද සූත්‍රයේ දී දේශනා කොට වදාරා තිබේ. එසේ නම් ඒ සා දීර්ඝ කාලයක් තුළ ඔබට අපා දුකක නොවැටී, සුගතියේ ම රැඳී සිටිමින් දෙව් මිනිස් දෙගතියෙහි පමණක් සැරිසරමින්, මෛත්‍රී බුදු සමිඳුන් මුණ ගැසෙනා තුරා සුව සේ සිටිය හැකි යැයි සිතිය හැකි සහතිකය කුමක්ද? වගකීම කුමක්ද? එබඳු ආරක්ෂාවක් ගැන කියැවෙන බුද්ධ දේශනාවක් නැත. ඇත්ත වශයෙන් ම මේ ගෞතම බුද්ධ ශාසනය තුළ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීමේ අදහස් කෙනෙක් තුළ නැත්නම්, ඔහු ගෞතම බුදු සමිඳුන්ගේ ශ්‍රාවකයෙක් නම් නොවේ. ඔහු ශ්‍රාවක ප්‍රතිරූපකයෙකි. එනම් ශ්‍රාවක වේශයෙන් සිටින කෙනෙක් පමණි. මෛත්‍රී බුදු සසුන පැතීම නිසා කිසිවකු තමන් තුළ අවබෝධයෙන් ඇති කරගත් සම්මා දිට්ඨියක් නැත. එම නිසා මෛත්‍රී බුදු සසුන පැතීමේ සිහිනය අත්හැර දමා ගෞතම බුදු සසුන වෙත පැමිණීමට තරම් නිහතමානී බුද්ධියක් ඇති කර ගැනීම පිණිස ගිහි පැවිදි බෞද්ධ ජනතාව දැන්වත් සිහි නුවණ උපදවා ගත යුතු ය.


ඇසළ අමාවක

අගෝස්තු 03 සෙනසුරාදා අ.භා 03.56 අමාවක ලබා 04 ඉරිදා අ.භා. 04.48 ගෙවේ.
03 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 03

First Quarterපුර අටවක

අගෝස්තු 12

Full Moonපසළොස්වක

අගෝස්තු 19

Second Quarterඅව අටවක

අගෝස්තු 26

 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]