[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

පින් කරන - හිත හදන රත්නපුර බෝධිරාජාරාම වෙහෙර බිම

වසරකට දෙතුන් වතාවක් ගංවතුරෙන් යට වන රත්නපුර වරකාතොට පාරේ බෝධිරාජාරාම විහාරය සතර පේරුවට පමණක් නොව අහල ගම් හතකින් ඔබ්බටත් දහම් දිය පතුරවන මහා පින් බිමකි. සකල විහාරාංගයන්ගෙන් සමන්විත වූ බෝධිරාජාරාම විහාරය සිත් සනහන පින් බිමකි. දායක පින්වතුන් දහමට ලැදි කරවන දනට පිනට හුරු විවිධ සමාජ සත්කාරයන්ට යොමු කරන පුණ්‍ය භූමියකි. විහාරාධිපති විශ්‍රාමලත් අධ්‍යාපන අධ්‍යක්ෂ සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දිසාපාලක පූජ්‍ය මාවෙල සිරි සුමන නා හිමිපාණන්ගේ මඟ පෙන්වීම යටතේ බෝධිරාජාරාමය කේන්ද්‍ර කොටගෙන පැවැත්වෙන විවිධ වැඩසටහන් ඒ සඳහා නිදසුන් ය. රත්නපුර දිස්ත්‍රික්කයේ වැඩිම සිසු සිසුවියන් පිරිසක් ඉගෙනුම ලබන්නේ බෝධිරාජ විහාරයේ ය. සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන් ම උගන්වන බෝධිරාජ දහම් පාසල ඉඩ කඩ මදි නිසා සෙනසුරාදා සහ ඉරිදා දින දෙකේ දී ම පැවැත්වේ. මේ සඳහා උන් වහන්සේ අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරින් ලත් අත්දැකීම් සම්භාරය ද මහත් පිටුවහලක් විය. දහම් පාසලේ ඉගෙනුම නිමා කරන දරුවන් ඉන් පසු අතහැර දැමීමක් සිදු වන්නේ නැත. සුමන නා හිමියන්ගේ මඟපෙන්වීම යටතේ ඔවුන් වෙනත් සමාජ සංව්ධාන සඳහා යොමු කෙරෙයි. ඒ නගරයේ ව්‍යාපාරික ප්‍රජාව මෙන් ම ආයතන ද සුමන හිමිපාණන්ට සහය දෙන්නේ උන් වහන්සේ ගෙන යන වැඩ පිළිවෙළෙහි සාර්ථකත්වය දකිමින් ය. විඳිමින්ය. මිණිපුර ජන සෙත පදනම ඒ සියල්ල සම්බන්ධීකරණය කරයි. බෝධිරාජාරාම විහාරාධිපති මාවෙල සිරිසුමන නා හිමිපාණන් වහන්සේගේ අනුශාසනයෙන් යුතු ව විහාරස්ථානයේ සිදු කෙරෙන මාසික පින්කම් අතරින් වඩාත් කැපී පෙනෙන්නේ ගැබිනි මාතා සත්කාරය යි. එය අප බොහෝ තැන්වල දකින ආකාරයේ දන් දීමක් නොව ආහාර පාන හෝ ඇඳුම් පැළඳුම් දීමක් නොව දන් ලබන්නන් දහමට බර මිනිසුන් කර ධාර්මික සමාජයකට අඩිතාලම දැමීමක් ද වන්නේ ය.

ඇසළ අමාවක

අගෝස්තු 03 සෙනසුරාදා අ.භා 03.56 අමාවක ලබා 04 ඉරිදා අ.භා. 04.48 ගෙවේ.
03 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 03

First Quarterපුර අටවක

අගෝස්තු 12

Full Moonපසළොස්වක

අගෝස්තු 19

Second Quarterඅව අටවක

අගෝස්තු 26

 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]