ඇරැඹුම අපැහැදිලි බියකරු සසර

ඇරැඹුම අපැහැදිලි බියකරු සසර

සසර කියලා කියන්නේ මේ සත්වයා ඉපදෙමින් මැරෙමින් ඉන්න ස්වභාවයටයි. එතකොට මේ ඉපදෙමින් මැරෙමින් ඉන්න ස්වභාවයේ අනතුර මොකක්ද? සත්වයාගේ ඉපදෙමින් මැරෙමින් ඉන්න ස්වභාවයේ තියෙන අනතුර තමයි මේ සත්වයා උපදින්නේ කර්මානුරූපවයි.

තම තමන් විසින් කරන ලද කර්මයන්ට අනුවයි. අනතුර තමයි සත්වයා කර්මානුරූප ව උපදින කොට එක ජීවිතයක මනුස්සයා වෙලා ඉපදිච්ච කෙනා ඊළඟ ජීවිතයේ නිරයේ යනවා. ඊළඟ ජීවිතයේ එක්කෝ තිරිසන් ලෝකයේ උපදිනවා. එක්කො පෙරේත ලෝකයේ උපදිනවා. සතර අපායේ වැටෙනවා.

සමහර විට මනුස්සයා වෙලා ඉපදිච්ච කෙනා බැරිවෙලාවත් පේ‍්‍රතයෙක් වෙලා උපන්නොත්, ආයෙ එයාට පින් කරන්න අවස්ථාවක් නෑ. බැරිවෙලාවත් තිරිසන් සතෙක් වෙලා උපන්නොත්, එයාට ධර්මයේ හැසිරෙන්න අවස්ථාවක් නෑ. බැරිවෙලාවත් එයාගෙ කුමක් හෝ කර්ම විපාකයක් දරණුවට ඇවිල්ලා නිරයේ ගියොත් කල්ප ගණනකට ගැලවීමක් නෑ.

මනුස්ස ලෝකෙට ආවත් අපිට කියන්න බෑ එයාට ඒ අවස්ථාව ලැබේවි කියලා. මොකද හේතුව...? මනුස්ස ලෝකයේ හිටපු කෙනෙක් මිය ගිහින් ආයෙ මනුස්සයෙක් වුණත්, එයාට ධර්මයේ හැසිරෙන්න අවස්ථාවක් ලැබෙයි කියලා කියන්න බෑ. ඇයි කියන්න බැරි.....? හැම තැන ම ධර්මය කතා කරන්නේ නෑ. කොටින්ම කියනවා නම් චතුරාර්ය සත්‍යය ගැන කතා කරන්නෙ ම නෑ. ඉතින් ඒ නිසා මනුස්ස ලෝකෙට ආයෙ ආවත් අවස්ථාවක් තියෙයි කියලා හිතන්න බෑ.

මේ ජීවිතයේ මනුස්සයෙක් වෙලා ඉන්න කෙනා බුදු කෙනෙකුගේ ධර්මයක් අහන්න වාසනාව නැතුව, ජීවිතාවබෝධයක් කරගන්න කල්පනා කරන්නෙ නැතුව, චතුරාර්ය සත්‍යය ගැන හිත පිහිටුවා ගන්නේ නැතිව, ජීවත් වෙන්නැහේ ජීවත් වෙලා, චේතනා පහළ වෙන විදිහට හොඳ නරක දෙක හැම එකක්ම කරලා, මිය ගොස් නිරයේ ගියා කියමු. සමහර විට එයා මනුස්ස ලෝකෙට ආයෙ ඒවි කල්ප ගාණකට පස්සෙ. අපිට එහෙම හිතෙන්නේ නෑනේ...අපිට දරුවො වෙලා ඉන්න අය මැරිලා යනවා. ආයෙ ඒ ගොල්ලෝ අපිට දරුවෝ වෙන්නේ ආත්මභාව දහස් ගාණකට පස්සෙයි. අපේ ස්වාමියා ආයෙ හම්බවෙන්නේ ආත්මභාව දහස් ගණනකට පස්සෙයි. ස්වාමියන් හැටියට වෙන වෙන අයයි හම්බවෙන්නේ. මේ ජීවිතයේ බිරිඳ වෙන කෙනා ආත්මභාව ලක්ෂ ගාණකට පස්සේ තමයි ආයෙ හම්බවෙන්නේ..මේ විදිහටයි මේ සංසාරේ යන්නේ.......

මේ සසර පටන් ගත්ත තැනක් පැහැදිලි නැති එකක්. ඉතින් මේ ආපු ගමනේ දී බුදුරජාණන් වහන්සේ වදාළේ සංසාරේ හෙළූ කඳුළු සාගර ජලයට වැඩියි කියලයි. දැන් අපි අපේ ජීවිත ගැන බැලුවත් අපි වැඩිපුර කැමති සැපයටයි.

අපේ ජීවිතය ගත්තොත් අපි වැඩිපුර විඳලා තියෙන්නේ සැපක් ද? දුකක් ද? දුකක්. කායික වශයෙන් අපි වැඩිපුර විඳලා තියෙන්නේ. කායික සැප ද? කායික දුක ද? කායික දුක. මානසික ව ගත්තොත් අපි වැඩිපුර විඳලා තියෙන්නේ මානසික සැප ද? මානසික දුක් ද? මානසික දුක්. කායික වශයෙන් වැඩිපුර විඳලා තියෙන්නේ කායික පීඩාද? කායික සැප ද? කායික පීඩා. මානසිකව අපි වැඩිපුර විඳලා තියෙන්නේ මානසික පීඩා ද, මානසික සැප ද, මානසික පීඩා.

මානසික සැපයක් තියෙනවා අල්ප වශයෙන්. කායික සැපයක් තියෙනවා අල්ප වශයෙන්. ඒ අල්ප වශයෙන් ලැබිච්ච සැපය හිත හිතා තමයි අපි මේ සියලුම දුක් විඳ විඳ ඉන්නේ.

ඇසළ අමාවක

අගෝස්තු 03 සෙනසුරාදා අ.භා 03.56 අමාවක ලබා 04 ඉරිදා අ.භා. 04.48 ගෙවේ.
03 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 03

First Quarterපුර අටවක

අගෝස්තු 12

Full Moonපසළොස්වක

අගෝස්තු 19

Second Quarterඅව අටවක

අගෝස්තු 26

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]