[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

වාර්ෂික පිණ්ඩපාත චාරිකාව

සියක් නමකට අධික මහා සංඝරත්නය උදෙසා පිණ්ඩපාත දානමය පින්කමක් පසුගියදා පැවැත්වුණි. ඒ අනුව 24 වැනි දා පෙරවරුවේ කොටුව සම්බුද්ධාලෝක විහාරයෙන් පිණ්ඩපාත චාරිකාව ආරම්භ විය. කොටුව සම්බුද්ධාලෝක විහාරාධිපති මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර නා හිමියන්ගේ අනුශාසකත්වයෙන්, විතාරන්දෙණියේ මේධානන්ද හිමියන්ගේ සම්බන්ධීකරණයෙන් හා ලේක්හවුස් ආයතනයේ ප්‍රධාන දායකත්වයෙන් මෙම පින්කම සංවිධානය කෙරිණි. මුදල් අමාත්‍යාංශය, ගලදාරී හෝටලය, මහ බැංකුව, ජනාධිපති මන්දිරය, ලංකා බැංකු මූලස්ථානය, ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය, කොමර්ෂල් බැංකුව, පොලිස් මූලස්ථානය, වරාය, ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා ටෙලිකොම්, ජාතික නිවාස අධිකාරිය, විදුලිබල මණ්ඩල මූලස්ථානය, මහජන බැංකු මූලස්ථානය, ලේක්හවුස් මන්දිරය ආවරණය වන ලෙස උන්වහන්සේ පිළිවෙළින් පිණ්ඩපාතයේ වැඩම කිරීමෙන් අනතුරුව නැවත සම්බුද්ධාලෝක විහාරයට වැඩම කළහ. ලේක්හවුස් ආයතනයේ අනුග්‍රහයෙන් සංඝයා වහන්සේ සඳහා දානය පිළිගන්වන ලදී. මෙම අවස්ථාව සඳහා ලේක්හවුස් ආයතනයේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් මහතා, අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු සේවක සේවිකාවෝ සහභාගී වූහ.

ඇසළ අමාවක

අගෝස්තු 03 සෙනසුරාදා අ.භා 03.56 අමාවක ලබා 04 ඉරිදා අ.භා. 04.48 ගෙවේ.
03 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 03

First Quarterපුර අටවක

අගෝස්තු 12

Full Moonපසළොස්වක

අගෝස්තු 19

Second Quarterඅව අටවක

අගෝස්තු 26

 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]