ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ වෙසක් පුර පසළොස්වක පෝදා 2024 මැයි 23 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
හිරු බබළන්නේ දිවා කල පමණි. සඳු බබළන්නේ රාත්‍රියේ පමණි. තාරකා රූප, විදුලි එළි, ගිනිදැල් ආදියෙන් නැඟෙන ආලෝක ද ඉතා සීමිත ය. ඒ සියලු ආලෝක ප්‍රභවයන් පරිච්ඡින්න වූ භූමි සීමා හා කාල සීමා සහිත ය. එහෙත් කාල භූමි සීමා අතික්‍රමණය කොට, සදාකාලික ව දිදුලන, හැම අතින් ම බබළන රන් හිරු මඬලත්, රිදී සඳ මඬලත් මිහිමත පහළ විය. ඒ අපගේ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ය. දුලභ දෑ විරල ය. විරල දෑ දුලභ ය. කෙතෙක් දුලභ වුව, විරල වුව විදුරු, මිණි, රන් රිදී ආදිය සෑම කල්පයක ම මෙදියත විද්‍යමාන ය. දිස්සමාන ය. එහෙත් මහා කල්ප අසංඛ්‍යෙය ගණනකින් පවා හමු නොවන අතිශයින් දුලභ විරල උත්පාදය ශ්‍රීමත් සම්බුද්ධෝත්පාදය ම පමණි. සිත ඇසිල්ලකින් වෙනස් ව යයි. එවන් සිත සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් අවම වශයෙන් එකම අරමුණක, අදිටනක පිහිටුවා නිම් හිම් නොතකා ඇස්, ඉස්, මස්, රුහිරු ධාරා, අඹුදරු සිහසුන් දනට පුදා පුරන දාන පාරමිතාවෙන් ද, සීලාදී සෙසු පාරමී අනුහසින් ද ලබන්නා වූ සම්බුදු පදවිය අනන්ත සක්වාතල අතර අසමසම විජයග්‍රහණයයි.
මැයි 22 බදාදා අ.භා. 06.46 පුර පසළොස්වක ලබා 23 බ්‍රහස්පතින්දා අ.භා. 07.20 ගෙවේ. 23 බ්‍රහස්පතින්දා සිල්
පසළොස්වක
මැයි 23
අව අටවක
මැයි 30
අමාවක
ජුනි 06
පුර අටවක
ජුනි 14
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]