ශ්රී බුද්ධ වර්ෂ 2567 ක් වූ බක් අව අටවක පෝදා 2024 මැයි 01 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
වසරක් තුළ උදාවන දොළොස් පොහොය අතරින් සුවිශේෂ ම පොහොය ලෙස සලකනු ලබන්නේ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයයි. සිදුහත් කුමරුගේ උපත, සිදුහත් බෝසතුන්ගේ බුද්ධත්වය හා බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම යන බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිදුවීම වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයේ දී සිදු වූ නිසා බොදු ජනතාව එය සමරනුයේ මහත් වූ බුද්ධාලම්භන පී‍්‍රතියකින් යුක්ත වූ උත්සවශ්‍රීයකිනි. ක්‍රි.පූර්ව 623 දී සුද්ධෝදන රජතුමාටත්, මහාමායා දේවියටත් දාව සිදුහත් කුමරුන්ගේ උපත සිදුවූයේ ලුම්බිණි සල් උයනේ දී ය. සැප සම්පත්වලින් සපිරි දිවියක් ගත කළ සිදුහත් කුමරු විසිනව වැනි වියේ දී තම බිසව වූ යශෝධරා දේවිය හා පුතු වන රාහුල කුමරු හැර දමා මහාභිනිෂ්ක්‍රමණය කර නොයෙක් ගුරුවරුන්ගෙන් ශාස්ත්‍රයන් හැදෑරුව ද ඒවා සඵල නොවන කල්හි තමන් විසින් ම නිවන අවබෝධ කර ගැනීම උදෙසා මැදුම් පිළිවෙත අනුගමනය කරමින් සිත දිරිමත් කර ගත්තේ ය. වෙසක් පුර පසළොස්වක පොහෝ දිනක දී බෝසතාණන් වහන්සේ සේනානිගම නුගරුක මුල වැඩ සිටියදී උන්වහන්සේගේ පැතුම ඉටුවේවා'යි ප්‍රාර්ථනා කරමින් සුජාතා සිටුදුව කිරිබත් තලියක් පූජා කළා ය. එම කිරිබත් වැළඳූ සිදුහත් බෝසතාණන් වහන්සේ බුද්ධගයාවේ ඇසතු බෝරුක මුල වැඩහිඳ බුද්ධත්වය නොලබා මෙතැනින් නොනැඟිටිමි යැයි අධිෂ්ඨන කළහ. වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයේ දී බුද්ධත්වයට පත් උන්වහන්සේ හතළිස් පස් වසරක් ම සියලු ලෝවැසියන් වෙත, දහම් දෙසමින් ඔවුන්ගේ යහපත වෙනුවෙන් කැපවූහ. බුදුරජාණන් වහන්සේ වෙසක් පුර පසළොස්වක පෝය දිනයක දී රජගහ නුවර සිට කුසිනාරා නුවර තෙක් පාගමනින් වැඩම කොට මල්ල රජ දරුවන්ගේ උපවත්තන නම් සල් උයනේ දී පිරිනිවන් පෑ සේක.
මැයි 01 බදාදා පූ.භා. 05.48 අව අටවක ලබා 02 බ්‍රහස්පතින්දා පූ.භා. 04.02 ගෙවේ. 01 බදාදා සිල්
අව අටවක
මැයි 01
අමාවක
මැයි 07
පුර අටවක
මැයි 15
පසළොස්වක
මැයි 23
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]