දිවි තුරා

දිවි තුරා

නොකරමි කිසිම විට කෙනෙකුට අපහාසේ
නොසොයම් මගෙ මිසක් තව කෙනෙකුගෙ දෝසේ
පෙන්වමි කාට වුව මුව රැඳි මදහාසේ
දෙන්නෙමි පිනට පමණක් හිත අවකාසේ

මටත් වඩා නැති බැරි අය ඇත එමට
මේ ටිකවත් ලැබුණෙ මං පෙර කළ පිනට
ලොව සිත නූපදවමින් අන් සතු දෙයට
වඩවා ගන්න වෙහෙසෙමි හිත තුළ සතුට

නොබලමි ඉවත නැති බැරි අයකු දුටු විට
වෙන්නෙමි පිළිසරණ අත මිටේ තරමට
අණ බෙර ගසා මහ පින්කම් නොකෙරුවට
දෙන දේ දකුණතින් දෙමි රහසේ වමට

කනින් අසමි යහපත් දේ පමණක් ම
නෙතින් බලමි මතු වැඩ සැලසෙන දැක් ම
සිතින් ඉවත ලම් පව් සිතුවිල්ලක් ම
උතුම් බුදු මගේ යම් දිවි ඇති තෙක් ම

බක් අව අටවක

මැයි 01 බදාදා පූ.භා. 05.48 අව අටවක ලබා 02 බ්‍රහස්පතින්දා පූ.භා. 04.02 ගෙවේ.
01 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 01

Full Moonඅමාවක

මැයි 07

First Quarterපුර අටවක

මැයි 15

Full Moonපසළොස්වක

මැයි 23

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]