බක් පුර පෝ දාක

බක් පුර පෝ දාක

බුදුරජාණන් වහන්සේගේ දෙවැනි ලංකා ගමන බුද්ධත්වයෙන් පස්වන වසරේ දී බක් පුන් පොහෝ දිනයක සිදුවිණි.

නාගදීපයේ චූලෝදර මහෝදර (මාමා සහ බෑනා) නම් වූ නා රජවරුන් දෙදෙනා පරම්පරාගත මැණික් පුටුවක් අරභයා සටනක් කිරීමට සැරසෙන බව මහා කරුණා සම්පත්තියට සම වැදුණු බුදුරජාණන් වහන්සේට පෙනුණි. මාමා සහ බෑනා අතර සිදු වූ මෙම අරගලය සංසිඳුවන්නට බුදුරදුන් නාගදීපයට වැඩි සේක.

බුදුන් වහන්සේගේ දෙවැනි ලංකා ගමනේ අරමුණ වූයේ වෛරයෙන් වෛරය නො සන්සිඳෙන බවත් අවෛරයෙන් වෛරය සංසිඳෙන බවත් ලාංකීය රජවරුන්ට අවබෝධ කරදීමට යි.

සටන් වැදි නාග ගෝත්‍රිකයන් අතරට බුදුරදුන් වැඩිය ද ඔවුහු බුදුරදුන් පිළිබඳ තැකීමක් නො කළෝ ය. එමනිසා ඔවුන් ඉදිරියේ ප්‍රාතිහාර්ය පෙන්වා (අඳුරක් මවා) ඔවුන් බිය වැද්දූ බුදුහිමියෝ පසුව සදහම් දෙසූ සේක.

චූලෝදර සහ මහෝදර නා රජවරුන් දෙදෙනා ඇතුළු සියලුම නාගයෝ තිසරණ සරණ ගිය අතර, එම ආරවුලට මුල් වූ මැණික් පුටුව බුදුරජාණන් වහන්සේට පූජා කළහ. එසේ පූජා කොට තමන්ට ඇදහීමට යමක් දෙන මෙන් ඉල්ලා සිටියහ.

එවිට බුදුරදුන් මැණික් පුටුවේ අසුන් ගෙන ධර්මය දේශනා කර එම පුටුව ඔවුන්ට ම ලබා දුන් අතර, එය නිදන් කොට නාගයෝ ස්තූපයක් තැනූහ. නාගදීපය පූජනීයත්වයට පත්වන්නේ එම සිදුවීම නිසා ය.

එමෙන්ම සිදුහත් කුමරු සතර පෙරනිමිති අතරින් පළමුවැන්න වූ මහල්ලෙක් දැකීම සිදුවන්නේ ද බක් පොහෝ දිනක දී ය.

බක් අව අටවක

මැයි 01 බදාදා පූ.භා. 05.48 අව අටවක ලබා 02 බ්‍රහස්පතින්දා පූ.භා. 04.02 ගෙවේ.
01 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 01

Full Moonඅමාවක

මැයි 07

First Quarterපුර අටවක

මැයි 15

Full Moonපසළොස්වක

මැයි 23

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]