ශ්‍රී බුද්ධ වර්ෂ 2567 ක් වූ බක් අව අටවක පෝදා 2024 මැයි 01 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
සද්ධාව යනු පාරිභාෂික වචනයකි. එහි තේරුම විශ්වාසය යන්නයි. ඕනෑම අයකු යමක් පිළිබඳ විශ්වාසය ඇති කර ගනී නම්, එය ඔහුගේ ඒ පිළිබඳ සද්ධාවයි. යමෙක් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳ විශ්වාසය ඇති කර ගනී නම්, එය බුදුරජාණන් වහන්සේ පිළිබඳ සද්ධාවයි. එවිට ඔහු බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන කෙරෙහි ම සද්ධාව (විශ්වාසය) ඇති කර ගත්තා වෙයි. එයට හේතුව නම් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ලෝකයට හෙළිවන්නේ උන්වහන්සේ දේශනා කොට වදාළ ධර්මයෙනි. එමෙන් ම ඒ ධර්මය අනුව පිළිපැදීමෙන් සංඝරත්නය උතුම් මාර්ගඵලයන්ට පැමිණ ඇත. මේ නිසා බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳ සද්ධාව, තෙරුවන් කෙරෙහි ඇති කර ගත් සද්ධාව වේ. අමූලිකා සද්ධා, අකාරවතී සද්ධා වශයෙන්, සද්ධාවෙහි මූලික ආකාර දෙකක් ධර්මයෙහි සඳහන් වේ. අමූලිකා සද්ධාව යනු බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳ ව, අරහං, සම්මා සම්බුද්ධ, ආදී වශයෙන් ඒ ගුණ පිළිබඳ ඇති විශ්වාසයයි. නමුත් එම විශ්වාසය ප්‍රඥාවෙන් තේරුම් ගෙන නැත. එම නිසා ධර්මයෙහි ‘මුල් බැස’ නැති සද්ධාව අමූලිකා සද්ධාව ලෙස හැඳින්වේ. අකාරවතී සද්ධාව යනු ධර්මය තුළ මුල් බැස ඇති, හෙවත් ප්‍රඥාවෙන් අවබෝධ කර ගෙන ඇති කෙනාගේ සද්ධාවයි. වීමංසක සූත්‍රයෙහි (ම.නි. 1 ) අකාරවතී සද්ධාව විස්තර වන්නේ, හොඳින් මුල් බැස ඇත. (මූලජාතා හෝති පතිට්ඨිතා) ලෝකයේ කිසිදු ශ්‍රමණයකුට හෝ බ්‍රාහ්මණයකුට හෝ දෙවියකුට හෝ මාරයකුට හෝ බ්‍රහ්මයකුට හෝ වෙනස් කළ නොහැකි සද්ධාව ලෙසයි. මෙයින් පැහැදිලි වන්නේ මාර්ගඵල ලාභී කෙනකුගේ සද්ධාව අකාරවතී සද්ධාව ලෙස විස්තර වන බවයි. ප්‍රඥාවෙහි ද ආකාර දෙකකි. එනම් ලෞකික ප්‍රඥාව හා ලෝකෝත්තර ප්‍රඥාව වශයෙනි. හොඳ නරක පිළිබඳ දැනීම, යහපත අයහපත පිළිබඳ දැනීම, කළ යුතු නොකළ යුතු දේ පිළිබඳ දැනීම, වරද නිවරද පිළිබඳ දැනීම ඇතිව යහපත් කටයුතුවල යෙදෙන පුද්ගලයා තුළ ඇති ප්‍රඥාව ලෞකික ප්‍රඥාවයි.
මැයි 01 බදාදා පූ.භා. 05.48 අව අටවක ලබා 02 බ්‍රහස්පතින්දා පූ.භා. 04.02 ගෙවේ. 01 බදාදා සිල්
අව අටවක
මැයි 01
අමාවක
මැයි 07
පුර අටවක
මැයි 15
පසළොස්වක
මැයි 23
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]