[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පිහිටි බඩල්කුඹුර බුත්තල පාරේ 05 කණුව ආසන්නයේ පිහිටි බඩල්කුඹුර මහමෙව්නා අසපුවේ අභිනවයෙන් ඉදිකළ සෑ රජාණන් වහන්සේගේ ධාතුනිධාන පුණ්‍ය මහොත්සවය ඉකුත් 22 වැනි දා මහමෙව්නා භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අවස්ථාව. ඩී.එස්. ගුණතිලක ඌව වෙල්ලස්ස විශේෂ

මාදෝවිට වජිරබුද්ධි නාහිමියෝ හේවාගම් කෝරළයේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලබති

වැලිමඩ මාදෝවිට ග්‍රාමයේ විසු සාම විනිසුරු එන්.එම්. ගුණසේකර සහ ටී. ඇම්. ලීලාවතී දම්පතින් යුවළ තම මව්පියන් කොට 1968 ඔක්තෝබර් 11 වැනි දා පින්වත් පුත්රුවනක් මෙලොව ජන්මලාභය ලැබීය. ඔහුට නවරත්න මුදියන්සේලාගේ වජිර නවරත්න යැයි නම් තැබුණි. පසළොස් විය පිරෙද්දී 1983 වසරේ ජනවාරි 13 වැනි දා මාදෝවිට වජිරබුද්ධි නමින් උතුම් පැවිදි භූමියට ඇතුළත් ව වැලිමඩ බිබිලගමුව ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ වැඩ වසන්නට විය. 1986 අගභාගයේ දී තම ඥාතිවර මාදෝවිට පඤ්ඤාකිත්ති නායක හිමිපාණන් වහන්සේගේ ආශිර්වාදයෙන් හෝමාගම පුරාණ විහාරස්ථානයට වැඩම කොට මූලික පිරිවෙන් අධ්‍යාපනය සඳහා අගලවත්ත බෙල්ලන ධර්ම විද්‍යාලයට සහ ගංගොඩවිල සුභද්‍රාරාම පිරිවෙනට ඇතුළත් වී බණ දහම් ප්‍රගුණ කොට උගත් පඬිරුවනක් වන්නට විය.1990 වසරේ ජූනි මස 29 වැනිදා උන්වහන්සේගේ උපසම්පදා විනය කර්මය කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී සංඝ සභාවේ රාජමහා විහාර සීමා මාලකයේ දී සිදු කරන ලදි. සාහිත්‍යාචාර්ය පණ්ඩිත රත්කරව්වේ මේධානන්ද නාහිමි, සීනාදි සිව් කෝරලයේ ප්‍රධාන සංඝ නායක මාදෝවිට පඤ්ඤාකිත්ති නාහිමි, ශාස්ත්‍රපති පණ්ඩිත පෝරේ සුමන සිරි නාහිමි, රුක්මලේ ධම්මකිත්ති නාහිමි වැනි වියත් බහුශ්‍රැත යතිවරයාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් අවවාද අනුශාසනා මඟ පෙන්වීම හා ආශිර්වාදය උන්වහන්සේට හිමි විය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිය ද, කැලණි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ද, පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ද ලබාගත් උන්වහන්සේ කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨ පශ්චාත් උපාධිය අධ්‍යාපන ඩිප්ලෝමාව ද ලබා ගත්හ. 1998 වසරේ දී පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙනෙහි උප ගුරුවරයකු වශයෙන් සේවයට බැඳුණු උන්වහන්සේ 2000 වසරේ දී එම පිරිවෙනෙහි නියෝජ්‍ය පරිවේණාධිපති ධූරයට පත්විය.


බක් අව අටවක

මැයි 01 බදාදා පූ.භා. 05.48 අව අටවක ලබා 02 බ්‍රහස්පතින්දා පූ.භා. 04.02 ගෙවේ.
01 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 01

Full Moonඅමාවක

මැයි 07

First Quarterපුර අටවක

මැයි 15

Full Moonපසළොස්වක

මැයි 23

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]