කායික චෛතසික වීර්යයෙන් යුතු
ජීවිතය ම උතුම් ය
අම්/ශ්‍රී ගුණරතන මූලික පිරිවෙනේ
ආචාර්ය ශාස්ත්‍රවේදී
යටදොලවත්තේ ජිනසිරි හිමි
අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වැඩවසන සමයේ බුදුසසුනේ පහන් සිතින් කුල
පුත්‍රයෙක් පැවිදි බිමට පත්විය. පසුව නිසි වයස් ව අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලැබූ
උන්වහන්සේ සසුනේ කලකිරී ගිහිවීමට වඩා මියයාම උතුම් ය යැයි සිතා උපායක් විමසමින්
සිටියේ ය.
මේ අතර ගිනිහල් ගෙයක සිටි නාගයෙක් අල්වා කළයක දමාගෙන බැහැරට ගෙන යන භික්ෂූන් වහන්සේ
නමක් දැක මෙසේ පැවැසීය. මම ඌ ඉවත දමන්නේ යැයි කළය ලබා ගත්තේ ය. උකටලී භික්ෂුවගේ
අභිප්‍රාය වූයේ නාගයා අල්වා දෂ්ට කරවා ගෙන මිය යෑමයි. ඒ අදහස සපුරා ගැනීම වස්
සර්පයා මිරිකමින් වෙහෙසුණ ද, ඌ ගැඩවිල් පණුවකු සේ නිහඬ වූවා මිස සූ සූ හඬක්වත්
නොකළේ ය.
සිය ප්‍රයත්නය නිෂ්ඵල වූ නියාව දැන උන්වහන්සේ භික්ෂූන් කරා පැමිණ තමන්ට දී ඇත්තේ
නාගයකු නොවන බවත් තමා කොපමණ උත්සාහ දැරුවත් ඌ ලවා දෂ්ට කරවා ගැනීමට ගත් උත්සාහ
සියල්ල අසාර්ථක වූ බවත් පැවැසීය.
මේ අතර දිනක් කරණවෑමියෙක් දැළි පිහියා දෙකක් ගෙන විහාරයට පැමිණ එකක් බිම තබා
අනෙකෙන් භික්ෂුවගේ හිස් කෙස් බා ගන්නට පටන් ගත්තේ ය. උකටලී භික්ෂුව ප්‍රමාදයක් බලා,
බිම තිබුණු දැළි පිහිය ගෙන උපසම්පදා ශීල පාරිශුද්ධිය ආවර්ජනා කරන්නේ බලවත්
පි‍්‍රතියට පැමිණ විදර්ශනා වඩා අරහත් ඵලයට පත් ව කළය හැරගෙන විහාරයට වැඩම කළහ.
අනෙකුත් භික්ෂූන් වහන්සේ ඒ හිමියන්ගෙන් පුවත විචාළහ. උන්වහන්සේ තමා උකටලී ව බෙල්ල
සිඳගෙන මිය යාමට ගිය බවත්, පසුව කෙලෙස් සිඳ රහත් බවට පත් වූ බවත් ප්‍රකාශ කළහ. පසුව
මේ වචන අසා විපිළිසර වූ භික්ෂූහු මෙ තෙමේ බොරු කෙලෙස් සතුරන්ගේ බොටුව සිඳ දැමූ බවත්
පැවැසූ සේක. රහත් බවක් කියාපාන්නේ යැයි බුදුරජාණන් වහන්සේට සැළකර සිටියහ. බුදුන්
වහන්සේ මෙසේ වදාළහ.
මහණෙනි, රහත් වූවහු තමන්ගේ ජීවිතය වුව ද නොනසති'යි වදාරා මතු සඳහන් උකටලී භික්ෂුවගේ
රහත් බව ස්ථිර කොට ප්‍රකාශ කළ සේක.
සර්පයා දෂ්ට නොකරන්නට හේතු විමසූ කල්හි “මහණෙනි, මේ නාගයා මෙයට තුන්වැනි ආත්ම
භවයෙහි මොහුගේ ආත්ම භාවයෙහි මොහුගේ දාසයකු හෙයින් ස්වාමියා දෂ්ට කරන්නට නොකැමැති වී
යැයි වදාරා සසර පවත්වා ගෙන ආ ළෙන්ගතු බව ද දක්වා වදාළ කළ සේක.
භික්ෂූන්ගේ ඊළඟ ප්‍රශ්නයට අනුව සුළු මොහොතකින් රහත් ඵලයට පැමිණීමට ද කරුණු දැක්වූ
අප තථාගතයන් වහන්සේ වඩන ලද වීර්යය ඇත්තවුන්ට යන්නට ඔසවන ලද පය බිම තබන්නට පෙර අරහත්
ඵලය ලැබේ යැයි පහදා දෙමින් වීර්යය නොකරන කුසීත, කම්මැලියකුට අවුරුදු සියයක්
ජීවත්වීමට වඩා කායික චෛතසික වීර්යය වඩන අයකුගේ දවසක් ජීවත් වීම උතුම් බව
බුදුපියාණන් වහන්සේ දේශනා කළ සේක.
මෙම කතාව තුළින් ඔබේ ජීවිතයට ගත හැකි ආදර්ශය ගෙන කටයුතු කරන්නට අදිටන් කර ගන්න. |