[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අජාසත් රජු පැහැදීම

පොසොන්
අව අටවක

ජූලි 01 බ්‍රහස් අ.භා 14.01 අව අටවක ලබා 02 සිකුරා අ.භා 15.28 ගෙවේ.
 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 01  

Full Moonඅමාවක

ජූලි 09

First Quarterපුර අටවක

ජූලි 17

Full Moonපසළොස්වක

ජූලි 23

දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද මධ්‍යයේ පැවැති මිහින්තලා - ලේක්හවුස් ආලෝක පූජා පුණ්‍ය මහෝත්සවයෙන්...

ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරස්ථානය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වූ රාජ්‍ය පොසොන් මහා පින්කම හා මිහින්තලා -ලේක්හවුස් ආලෝක පූජා පුණ්‍ය මහෝත්සවයට සමගාමී ව පොසොන් පොහෝදා (24) ලේක්හවුස් ආයතනය මගින් ආගමික වැඩසටහන් රැසක් සිදු කෙරිණ.‍ ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති හා භාරකාර පූජ්‍ය ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි සීමා සහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති ජනාධිපති නීතීඥ ඩබ්ලිව්.දයාරත්න මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය හා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිතුමන්ලාගේ සහභාගිත්වයෙන් සිල් සමාදන්වීම සිදු කෙරිණි. ධර්ම දේශකයාණන් වහන්සේ වූ පූජ්‍ය උඩුවේ ධම්මාලෝක නාහිමියන්ට පොහෝදා බුදුසරණ පුවත්පත හා දිනමිණ පුවත්පත පිළිගැන්වීම ද සිදු කෙරිණි. අනුබුදු මිහිදු මාහිමියන් සිහිකරමින් ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරස්ථානය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වූ රාජ්‍ය පොසොන් මහා පින්කම හා මිහින්තලා -ලේක්හවුස් ආලෝක පූජා පුණ්‍ය මහෝත්සවය පසුගිය පොහෝදා (24) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ද පුණ්‍ය මහෝත්සවයට සහභාගි විය. පනස් නවවැනි වරටත් පැවැත්වූ මිහින්තලා -ලේක්හවුස් ආලෝක පූජාව ‍ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති හා භාරකාර ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරිණි. රට තුළ පවතින කොරෝනා වෛරසය ව්‍යාප්තවිමත් සමඟ මෙවර පොසොන් මහා පින්කම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ජනතා සහභාගිත්වයෙන් තොරව සිදු කිරීමට කටයුතු යොදා තිබිණ. මේ අනුව මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජා පුණ්‍යමහෝත්සවය සඳහා තෛ‍්‍රනිකායික මාහිමිපාණන් වහන්සේලා අනුශාසනා සිදු කරමින් ආශිර්වාද කිරීම සිදුවිය. තෙදිනක් පුරා පැවැත්වූ මිහින්තලා -ලේක්හවුස් ආලෝක පූජා පින්කම පසුගිය 23 දා ආරම්භ වූ අතර එය (24) සහ (25) වන දිනයන්හි පැවැත්විමෙන් අවසන් විය.

ධර්ම දේශනාව:

ගිහි ගෙදර ගිනි ගෙයක් ද?

ජවො ජවාය සද්ධිං සංවස්සති - ජවෝ දේවියා සද්ධිං සංවස්සති - දේවෝ ජවාය සද්ධිං සංවස්සති - දේවෝ දේවියා සද්ධිං සංවස්සති. තමහට රිසි, නොරිසි කර ගන්නේ තමන් ම ය. අනෙකෙක් අන් කෙනකු රිසි හෝ නොරිසි නො කෙරේ. ආදි වශයෙන් විවිධ තැන්හි අඹුසැමියන් ලෙස ජීවත් වීමේ එහි ක්‍රමවේදය හා පිළිවෙළ පිළිබඳ සඳහන් වේ. අද ලෝකය ගත් කල්හි ප්‍රශ්න ජාලාවක තෝතැන්නක් බවට පත් වී හමාර ය. ඒ අතර ජීවත් වන නිවෙස් ද ගිනි ගෙවල් බවට පත්වී ඇත. “අන්තෝ ජටා බහි ජටා” ඇතුළත් ප්‍රශ්නය. පිටතත් ප්‍රශ්නය මිනිසුන් ප්‍රශ්න තුළ නිමග්නව අන්ත අසරණ දුක්වලට පත් වී ඇත. ම.නි. ඕපම්ම වග්ගයට අයත් වම්මික සූත්‍රය තුළින් රාත්‍රියට දුම් දමන, දහවලට ගිනි ගන්න තුඹසක් පිළිබඳ දේශනා කොට ඇත්තේ ද උපමා ස්වරූපයෙන් හෝ මිනිසුන්ගේ මනෝ භාවයන් හා ජීවන රටාවන් පිළිබඳ හුවා දැක්වීමට ය. ලෝකය ලස්සන වන්නේ නිරවුල් හා සාමකාමී පවුල් සංස්ථා එක් වූ විට ය. ජීවිතයක ප්‍රධානම කඩඉමක් වන්නේ ද අඹු සැමියන් වශයෙන් පවුල් සංස්ථාව ගොඩ නැඟීම තුළිනි. එය අන්‍යොන්‍ය බැඳීමක් හා විශ්වාසයක් මත පවතින්නක් විය යුතු ය. ඒ සඳහා බුද්ධ දේශනය ඉතාම වැදගත් වේ. බුදුරජාණන් වහන්සේ ලස්සන පවුල් සංස්ථාවක් උදෙසා මඟ කියූ ශාස්තෘවරයෙකි. උන්වහන්සේගේ දේශනයන් තුළින් සැබෑ අඹු සැමියන් කවුරුන් ද යන වග පැහැදිලි වේ. තම පවුල් ජීවිතය ලස්සන හෝ අවලස්සන වන්නේ අනුන් නිසා නොව තමන් විසින් ය. ඒ බව සිරිකාලකණ්ණි ජාතකය තුළින් ද පැහැදිලි වේ. ජීවිතය වර්තමානය තුළ පවතින්නක් බව සිතන්නෝ ඉතා සීමිත ය. බොහෝ දෙනෙක් අතීතය හා අනාගතය තුළ සිර වී දුක් විඳිති. අතීතය ගැන දුක් වීමත්, අනාගතය ගැන සිහින මැවීමත් හේතුවෙන් පැන නැඟෙන්නේ මොහොතින් මොහොත අතෘප්තිය, අසහනය වැනි මානසික පීඩාවන් ය.

ඓතිහාසික ධර්මදූත මෙහෙවරක උදානය

තුන්වන ධර්ම සංගායනාවෙන් පසු මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේගේ අනුශාසනා පරිදි ධර්මාශෝක මහා අධිරාජයා ප්‍රත්‍යන්ත දේශ නවයකට ධර්ම දූතයන් ලෙස භික්ෂූන් වහන්සේලා වැඩම කරවීමට රාජානුග්‍රහය ලබා දුන්නේ ය. එසේ යැවූ ධර්ම දූතයන් අතරින් සාර්ථක ම ප්‍රතිඵල ලැබුවෝ එදා සිංහල දේශයට වැඩම කළ මිහිඳු මහ රහතන් වහන්සේ ය. අධිරාජයාගේ පුත්‍රයා වීම නිසා දෝ උන්වහන්සේ විදේශ දූත මෙහෙවර පිළිබඳ අවබෝධයක් ඇතිව සිටියහ. දූත මෙහෙවර පැවරී තුන් මසක් ම භාරතයේ රැඳී සිටියේ අන් කිසි හේතුවක් නිසා නොව සිංහල දේශයේ භාෂාව හැදෑරීමට විය යුතු ය. මීට වසර 2328කට පමණ පෙර භික්ෂූන් වහන්සේලා හතරනමක්, සාමණේර නමක් හා ගිහි උපාසකයෙක් ද සමඟ පොසොන් පොහෝ දාක මිහින්තලාවට වැඩි උන්වහන්සේට එදා රටේ නායකයා වූ දේවානම්පියතිස්ස රජතුමා සමඟ සාකච්ඡා කිරීමට හා ඔහුට ධර්ම දේශනා කිරීමට හැකි වූයේ උන්වහන්සේ සිංහල භාෂාව දැන සිටි නිසයි. අදත් අප රටට පැමිණෙන චීන හා රුසියන් තානාපතිවරු සිංහල භාෂාව දැන සිටීම විදේශ දූත මෙහෙවරෙහි වැදගත් ලක්ෂණයක් ලෙස සඳහන් කළ හැකි ය. මිහිඳු මාහිමියන් රජු හමුවට පැමිණියේ රජු සතුන් දඩයම් කිරීමට කැළයට ගොස් සිටි අවස්ථාවක යි. රජ මාලිගාවට වැඩම නො කර එවැනි තැනකට වැඩම කිරීමත්, අන් කිසිවෙක් හමුවට නොවී රජු හමුවට ම වැඩම කර ඔහු පහදවා ගැනීමත් උන්වහන්සේගේ ධර්මදූත මෙහෙවරේ තවත් වැදගත් ලක්ෂණයකි. රජු තනිවම හමුවීමෙන් ඔහු තම වචනයට නතු කර ගැනීමට හැකි උපාය මාර්ගයක් ලෙස සැලකුවා විය යුතු ය.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]