[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ඓතිහාසික ධර්මදූත මෙහෙවරක උදානය

තුන්වන ධර්ම සංගායනාවෙන් පසු මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේගේ අනුශාසනා පරිදි ධර්මාශෝක මහා අධිරාජයා ප්‍රත්‍යන්ත දේශ නවයකට ධර්ම දූතයන් ලෙස භික්ෂූන් වහන්සේලා වැඩම කරවීමට රාජානුග්‍රහය ලබා දුන්නේ ය. එසේ යැවූ ධර්ම දූතයන් අතරින් සාර්ථක ම ප්‍රතිඵල ලැබුවෝ එදා සිංහල දේශයට වැඩම කළ මිහිඳු මහ රහතන් වහන්සේ ය. අධිරාජයාගේ පුත්‍රයා වීම නිසා දෝ උන්වහන්සේ විදේශ දූත මෙහෙවර පිළිබඳ අවබෝධයක් ඇතිව සිටියහ. දූත මෙහෙවර පැවරී තුන් මසක් ම භාරතයේ රැඳී සිටියේ අන් කිසි හේතුවක් නිසා නොව සිංහල දේශයේ භාෂාව හැදෑරීමට විය යුතු ය. මීට වසර 2328කට පමණ පෙර භික්ෂූන් වහන්සේලා හතරනමක්, සාමණේර නමක් හා ගිහි උපාසකයෙක් ද සමඟ පොසොන් පොහෝ දාක මිහින්තලාවට වැඩි උන්වහන්සේට එදා රටේ නායකයා වූ දේවානම්පියතිස්ස රජතුමා සමඟ සාකච්ඡා කිරීමට හා ඔහුට ධර්ම දේශනා කිරීමට හැකි වූයේ උන්වහන්සේ සිංහල භාෂාව දැන සිටි නිසයි. අදත් අප රටට පැමිණෙන චීන හා රුසියන් තානාපතිවරු සිංහල භාෂාව දැන සිටීම විදේශ දූත මෙහෙවරෙහි වැදගත් ලක්ෂණයක් ලෙස සඳහන් කළ හැකි ය. මිහිඳු මාහිමියන් රජු හමුවට පැමිණියේ රජු සතුන් දඩයම් කිරීමට කැළයට ගොස් සිටි අවස්ථාවක යි. රජ මාලිගාවට වැඩම නො කර එවැනි තැනකට වැඩම කිරීමත්, අන් කිසිවෙක් හමුවට නොවී රජු හමුවට ම වැඩම කර ඔහු පහදවා ගැනීමත් උන්වහන්සේගේ ධර්මදූත මෙහෙවරේ තවත් වැදගත් ලක්ෂණයකි. රජු තනිවම හමුවීමෙන් ඔහු තම වචනයට නතු කර ගැනීමට හැකි උපාය මාර්ගයක් ලෙස සැලකුවා විය යුතු ය. රජතුමාට පළමුවෙන් ම දහම වටහා දුන් විට රටවැසියන් සියලු දෙනාම එම දහම පිළිගැනීමට යොමු වන බව ද උන්වහන්සේ දැන සිටියහ.


පොසොන්
අව අටවක

ජූලි 01 බ්‍රහස් අ.භා 14.01 අව අටවක ලබා 02 සිකුරා අ.භා 15.28 ගෙවේ.
 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 01  

Full Moonඅමාවක

ජූලි 09

First Quarterපුර අටවක

ජූලි 17

Full Moonපසළොස්වක

ජූලි 23


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]