ශ්‍රී බුද්ධ වර්ෂ 2565 ක් වූ පොසොන් අව අටවක පෝදා, 2021 ජූලි 01 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
බුදුරජාණන් වහන්සේගේ තුන්වන ලංකාගමනයේ දී සම්බුද්ධ පාදස්පර්ශයෙන් සුපූජනීයත්වයට පත් කැලණිය රාජමහා විහාර සංකීර්ණයට ම අයත්වන කිත්සිරිමෙවන් කැලණිය රාජමහා විහාරය කැලණි ගඟෙන් එගොඩ පිහිටි හෙයින් සැදැහැවතුන් අතර එගොඩ කැලණිය ලෙසින් ප්‍රසිද්ධියට පත් වී ඇත. ගඟෙන් මෙගොඩ පිහිටි කැලණි රජමහා විහාරය සහ ගඟෙන් එගොඩ පිහිටි කිත්සිරිමෙවන් කැලණිය රාජමහා විහාරය යන විහාරද්වය කල්‍යාණි උභය රාජමහා විහාරය ලෙස හඳුන්වනු ලබයි. බුද්ධත්වයෙන් පස්වන වර්ෂයේ බක් මස අව පොහෝ දින උත්තර ලංකාවේ නාගදීපයේ චූලෝදර මහෝදර නා රජවරුන් අතර මිණි පළඟක් වෙනුවෙන් ඇතිවීමට ගිය අරගලය සංසිඳුවනු වස් දෙවන වර ලක්දිවට වැඩම කළ බුදුරජාණන් වහන්සේ එහි පැමිණ සිටි මණිඅක්ඛික නා රජතුමා විසින් සිදු කළ ආරාධනය අනුව බුද්ධත්වයෙන් අට වැනි වර්ෂයේ වෙසක් පුර පසළොස්වක පොහෝ දින පන්සියයක් මහ රහතන් වහන්සේලා සමඟ කැලණියට වැඩම කළ සේක. කැලණි සෑ රදුන් වහන්සේ පිහිටි තැන මණිඅක්ඛික නා රජතුමා කරවූ රුවන් මණ්ඩපයක බුදුපාමොක් මහ සඟන වඩා හිඳුවන ලදින් එහි වූ මිණිපළඟක් මත වැඩ සිටිමින් බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන ලද බව මහාවංසයේ සඳහන් වෙයි.
ජූලි 01 බ්‍රහස් අ.භා 14.01 අව අටවක ලබා 02 සිකුරා අ.භා 15.28 ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්
අව අටවක
ජූලි 01
අමාවක
ජූලි 09
පුර අටවක
ජූලි 17
පසළොස්වක
ජූලි 23
© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]