ශ්‍රී බුද්ධ වර්ෂ 2564ක් වූ ඇසළ පුන් පොහෝ දා රාජ්‍ය වර්ෂ 2020 ජූලි 04 වැනි දා සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායේ දී දම්සක් පැවතුම් සුතුර දේශනා කිරීම. සිතුවම - හර්ෂ ගුණවර්ධන
ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 04 සෙනසුරාදා. පූර්වභාග 11.34 ට පුර පසළොස්වක පෝය ලබා 05 ඉරිදා පූර්වභාග 10.14 ට පෝය ගෙවේ. සෙනසුරාදා සිල්.
මීළඟ පෝය ජූලි 12 ඉරිදා
පසළොස්වක
ජූලි 04
අව අටවක
ජූලි 12
අමාවක
ජූලි 20
පුර අටවක
ජූලි 27
2020 අගෝස්තු මස තුන්වැනි (03) සඳු දින යෙදී තිබෙන නිකිණි පුර පසළොස්වක පොහෝ දින මහා සංඝයා වහන්සේ පොහොය කොට අගෝස්තු මස හතරවැනි (04) කුජ දින පෙරවස් විසීම සැප්තැම්බර් මස පළමු කුජ දිනට යෙදෙන බිනර පුර පසළොස්වක පොහෝ දින පොහොය කොට සැප්තැම්බර් දෙවැනි (02) බුධ දින පසුවස් එළඹීම. ඔක්තෝබර් මස තිස් එක්වැනි ( 31) ශනි දිනට යෙදී ඇති අධි වප් පොහෝ දිනයෙහි පොහොය කොට එදින ම පෙරවස් පවාරණය. නොවැම්බර් මස විසිනව වැනි (29) රිවි දින (ඉරිදා) වප් පුර පසළොස්වක පොහොය දින පොහොය කොට එදින ම පසුවස් පවාරණය සිදු කිරීමට නියමිත ය.
ධර්ම දේශනාව:
කුසලය නැමැති ශ්‍රේෂ්ඨ ධර්මයට විරුද්ධ ව ඇති එකම ධර්මය අකුසලය යි. ඒ නිසා කුසල් නොවන සියල්ල අකුසල ලෙස හඳුන්වා තිබේ. එය දැක්වූයේ “න කුසලං අකුසලං” යනුවෙනි. අටුවාව අකුසලය යන වචනයට තේරුම් දී ඇත්තේ මිත්‍ර ධර්මයට ප්‍රතිවිරුද්ධ ක්‍රියා ඇති තැනැත්තා අමිත්‍රයා වන්නා සේ, කුසල ධර්මයන්ට ප්‍රතිවිරුද්ධ වූයේ අකුසලය වෙයි යනුවෙනි. මේ අනුව කුසල ධර්මයන්ට ප්‍රතිවිරුද්ධ සියලු දේ අකුසල් යනුවෙන් හඳුනා ගත හැකි ය. සියලු භය උපද්‍රවයන්ට හිතවත් ව, පවතින, පහත් ලාමක හීන ධර්මයන්ගේ පැවැත්මට හේතු වන කරුණු අකුසල නම් වේ. සියලු අකුසල ධර්මයන්ට ලෝභ, ද්වේශ හා මෝහ යන අකුසල මුල් තුන හේතු වන බව සර්වඥයන් වහන්සේ දේශනා කළ සේක. ලෝභය යනු වස්තුකාම, ක්ලේශ කාම දෙකෙහි පවත්නා ගිජු බවයි. ආශාව, කැමැත්ත, සෙනෙහෙස, බැඳීම, කාමය, රාගී බව, ඇලී ගැලී සිටීම, පංච ඉන්ද්‍රියන් පිනවීමට ඇති කැමැත්ත, ධනය බලය කිර්තිය යනාදියට ඇති ආශාවත්, ලෝභය ලෙස හැඳීන්විය හැකි ය. ලෝභය කපුටු වසුරක් මෙන් වැටුණු තැන ඇලී සිටියි. රත් වූ තැටියකට දැමූ මස් වැදැල්ලක් එහි ඇලෙන්නේ යම් සේ ද ලෝභයත් එසේ මය. ලෝභය ලාම්පු දැලි මෙන් බැඳුණු දෙය අත් නොහරී. ප්‍රබලව ගලා යන සැඩ පහරින් ගංගා ජලය මුහුදට ගලා යන්නා සේ ලෝභය සත්වයා දුක කරා ඇද ගෙන යයි. ද්වේශය යනු අනුන් කෙරෙහි සිතේ උපදනා දුෂ්ට වූ සිතිවිලියි. නොකැමැති බව, පිළිකුල, කෝන්තරය, නොරිස්සීම, විරෝධය. වෛරය, පළිගන්නා සුළු බව ද්වේශය ලෙස හැඳීන්විය හැකි ය. ද්වේශය තුළ කුපිත වූ නාගයෙකුගේ විෂ වැනි බිහිසුණු බවක් ඇත. නාග විස ඉතා ඉක්මනින් ශරීරය තුළ පැතිර යන්නාක් මෙන් ද්වේශය ද සිත තුළ ඉතා ඉක්මනින් පැතිර යයි. ද්වේශය සත්වයා දවාලයි. හරියට වනයේ පවතින ලැව් ගින්නක් හා සමාන ය. ලැව්ගින්නෙන් හසුවන සියලු දේ දවාලයි ද, එසේම ද්වේශයෙන් සත්වයා දවා විනාශ කරයි.
ලෞකික ජීවිතයක් ගතකරන පුද්ගලයකුට සමාජයේ ජීවත්වන විට විවිධ ආකාරයේ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදු වෙනවා. ඒ නිසා බුදුරජාණන්වහන්සේ යම් කෙනෙකුට මේ සමාජයේ ජීවත් වීමට අවශ්‍ය කරන මානසික ශක්තිය ඇති කරදීම පිණිස උපකාරීවන කරුණු රාශියක් දේශනා කර වදාළා . ඒ අතර අටලෝ දහම පිළිබඳ කරන ලද දේශනාව අති විශිෂ්ටයි . මහා මංගල සුත්‍රයේ මෙසේ සඳහන් වෙනවා. “ඵුට්ඨස්ස ලෝක ධම්මේහි - චිත්තං යස්සන කම්පති. යම් කෙනෙකුගේ සිත අටලෝ දහමින් කම්පා වෙන්න හොඳ නැහැ . මේ අටලෝ දහම යනු කුමක්දැයි අපි විමසා බලමු .ලෝකයේ සෑම කෙනෙකුටම මුහුණ දීමට සිදුවන ධර්මතා අටක් පිලිබඳවයි මෙහි සදහන් වෙන්නේ . “ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා ප්‍රශංසාච සුඛංච දුක්ඛං”. ආදී වශයෙන් ඉපදුණු සත්ත්වයාට මේ වෙනස්වන කරුණු අටට මුහුණ දීමට සිදුවෙනවා .ලාභයක් ඇතිවුණොත් අලාභයක් ඇතිවෙනවා. ඒ වගේම කීර්තියක් ඇතිවුණොත් අපකීර්තියක් ඇතිවෙනවා. නින්දා ඇතිවුණොත් ප්‍රශංසා ඇතිවෙනවා. සැප ඇති වුණොත් දුක ඇති වෙනවා .මේවායින් ගැලවුණු කෙනෙක් මේ ලෝක ධාතුව තුළම නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සම්පුර්ණයෙන්ම නින්දාවට පත් වූ කෙනෙක් මේ ලෝකයේ නැහැ. සම්පුර්ණයෙන්ම ප්‍රශංසාවට පත් වූ කෙනෙකුත් මේ ලෝකයේ නැහැ.එහෙමනම් අප හැම කෙනෙක්ටම අටලෝ දහමට මුහුණ දෙන්නට සිදුවන බව දැනගන්නට ඕනේ. අප කිසිම දෙයකින් කම්පාවට පත් වෙන්න හොඳ නැහැ .ඒ සඳහා අප දියුණු කළ යුතු ගුණාංගය උපේක්ෂාවයි. අටලෝ දහමින් කම්පා නොවීමේ ගුණය උපේක්ෂාවයි. බොහෝ දෙනෙකුට මෛති‍්‍රය පතුරවන්න පුළුවන් . ඒ වගේම බොහෝ දෙනෙකුට අනුන්ගේ දුකේදී තම සිත කම්පනයට පත් වී ඒ අය කෙරෙහි කරුණාවෙන් කටයුතු කරන්නත් පුළුවන්. අන් අයගේ සැපතේදී ඊර්ෂ්‍යාව යටපත් කරලා සතුටු වෙන්නත් පුළුවන් . නමුත් බොහෝ පිරිසකට ජයගන්න අමාරුම දේ උපේක්ෂාවයි .මධ්‍යස්ථ ස්වභාවයට පත්වීමයි.
සම්භාව්‍ය සිංහල සාහිත්‍ය ඉතිහාසය පිරික්සීමේ දී කාව්‍ය නිර්මාණයෙහිලා නෛසර්ගික කාර්යශූර භාවයකින් හෙබි විශිෂ්ඨතම යතිවරයන් වහනන්සේ නමක් ලෙස ෂට් භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හිමි හඳුන්වාදිය හැකි ය. වර්ෂ 1408 මැයි 08 වන දින ජන්ම ලාභය ලැබූ ශ්‍රී රාහුල හිමියන් ගේ දෙමව්පියන් වූයේ ස්වර්ණවතී නොහොත් සීලවතී දේවිය හා එකල දකුණුලක භාරව සිටි වීරබාහු නම් කුමරු ය. ජයබාහු කුමරු ලෙස ගිහි කල නම් ලැබූ ශ්‍රී රාහුල හිමි ඉතා කලාතුරකින් එළඹෙන ග්‍රහ යෝගයක් සමග ජන්ම ලාභය ලබා ඇත. එය කෙතරම් ප්‍රබල වූවක් ද යත් එවක නක්ෂත්‍ර ආචාරීන්ගේ අනාවැකිය වූයේ මෙම කුමරු ගිහිගෙයි විසුවොත් රජ වන බවත්, පැවිදි දිවියට පිවිසුණහොත් ඒ හා සමාන උසස් තත්ත්වයකට පත්වන බවත් ය. සිය පියා වූ වීරබාහු කුමරුගේ අකල් වියෝවෙන් පසු මෙම කුමරු හදා වඩා ගත්තේ කෝට්ටේ හයවන පරාක්‍රමබාහු රජු ය. එදා සත් හැවිරිදි දරුවෙකු ව සිටිය දී ජයබාහු කුමරු මව සමග හයවන පරාක්‍රමබාහු රජු මුණ ගැසීමට ගිය විට රජු දුක් සැප විමසුවේ ය. එවිට කුඩා කුමරු මෙවන් කවියක් ප්‍රකාශ කොට ඇත.
වේඬරුවේ විජිත නා හිමියන්ගේ තෙමස සමරු පින්කම
පිරිවෙන
පෝදා පින්කම්
පිහිට පතයි
ඉතිරිය»
සදහම් ආලෝකයෙන් විශ්වය ඒකාලෝක විය
ශාසනය වනසන හැටි පැවසෙන සද්ධම්ම පතිරූපක සූත්‍රය
නොකළ යුතු දෙතිස් කථා හා කළ යුතු දස කථා
බෝසත්වරු බණ කතා කියද්දී වන දෙවඟනො මල්වල ලියතී
මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ
සම්බුදු සසුනේ අග්‍ර දායක : සුදත්ත සිටුතුමා
උතුරෙන් හෙළිවන බොදු අභිමානය: සපුමල්ගස්කඩ ඓතිහාසික පුරාණ රාජ මහා විහාරය
© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]