පිරිවෙනටත් බුදුසරණ
අප රටේ පුරතාන සම්භාව්‍ය අධ්‍යාපන ක්‍රමය වූ පිරිවෙන මුල්කරගෙන එහි සුවිශේෂී
අනන්‍යතාව මේ යැයි විදහා දක්වමින් දිගහැරෙන “පිරිවෙන” පිටුව අද පටන් සතිපතා බුදුසරණ
පුවත්පත තුළ ඉදිරිපත් කෙරෙයි. ඒ අනුව ලංකාවේ 829 ක්වූ පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන
ආයතන පිළිබඳ තොරතුරු පුවත් හා පිරිවෙන් අධ්‍යාපනය හා අදාළ සුවිශේෂී ලිපි සඳහා මෙම
පිටුව වෙන් කෙරෙන අතර සියලු ලිපි, තොරතුරු හා ඡායාරූප සඳහා මෙම පිටුව වෙන් වෙයි.
****
පිරිවෙන් අධ්‍යාපනයේ
නව සංවර්ධනයක්
අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ විසින් ලක්දිව බුදු සසුන පිහිටුවීමෙන් පසු ප්‍රධාන
අධ්‍යාපන ආයතනය වූයේ පිරිවෙනයි. එමගින් ගිහි පැවිදි දෙපිරිසට ම බෞද්ධ අධ්‍යාපනය සේ
ම භාෂා ශාස්ත්‍ර ඥානයත්, වෛද්‍ය ඡ්‍යොතිෂ, තර්කන්‍යාය, ඡන්දස් අලංකාර සහ විවිධ
කර්මාන්ත පිළිබඳ ප්‍රාමාණික අධ්‍යාපනයක් එදා මෙදා තුර මැනවින් ලබා දුන්නේ ය.
එබැවින් භික්ෂු සමාජයේ චිර පැවැත්ම සහ සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය උදාකිරීම් වස්
පිරිවෙන් අධ්‍යාපනයේ නව සංවර්ධනයක් ද ඇති කරමින් ඉදිරියට යාම කාලෝචිත වශයෙන්
බෙහෙවින් ම හිතකර වූවකි.
ශ්‍රී ලාංකේය අධ්‍යාපන ක්‍රමවේදය තුළ පුළුල් ලෙස පැතිර පවත්නා පිරිවෙන් අධ්‍යාපනය
සාම්ප්‍රදායික සහ නූතන අධ්‍යාපන රටාවන් ඔස්සේ සංවර්ධනය කළ යුතුව ඇත. එය වෙසෙසින් ම
අපගේ සාම්ප්‍රදායික ක්‍රමවේදයත්, සම්භාව්‍ය සාහිත්‍යයත් ඓතිහාසික උරුමයත් ආරක්ෂාවන
ලෙස ක්‍රියාත්මක වීම සිදුවිය යුතු ම ය.
ධර්ම භාණ්ඩාගාරයක් ලෙස සතිපතා සැදැහැවත් ඔබ අතට පත්වන බුදුසරණ පුවත්පත් තුළ
“පිරිවෙන” නමින් පිටුවක් සෑම සතියකම පළකිරීමට ඉඩකඩ සලසා දීම මෙකී සාම්ප්‍රදායික
සමාජය තුළට වටහාදීම සඳහා ගත් උදාර පියවරක් ලෙස අගය කරමි.
ජාතික පිරිවෙන් උපදේශක
දොඩම්පහළ ශ්‍රී රාහුල හිමි
****
ඇගැයිය යුතු
උතුම් කාර්යයක්
බෞද්ධ සමාජය භික්ෂු භික්ෂුණී, උපාසක,උපාසිකා යන සිව්වණක් පිරිසකගෙන් සමන්විත ය. මෙය
නැවත ද ගිහි පැවිදි වශයෙන් කොටස් දෙකකට බෙදෙයි. මෙම ගිහි පැවිදි දෙපිරිසගෙන් ම
සමාජය තුළ වඩාත් ගෞරවයට මෙන් ම පූජනීයත්වයට පත්ව ඇත්තේ පැවිදි සමාජය යි. යහපත් වූ
අන්තර් පුද්ගල සබඳතාවන් යටතේ සාරධර්ම අතින් ජන සමාජය පෝෂණය කරවීම ගිහි සමාජය
භික්ෂූන් වහන්සේලා වෙතින් බලාපොරොත්තු වන එක් පරමාර්ථයකි.
එබැවින් නිවන් මග අරමුණු කරගෙන ස්වකීය ආධ්‍යාත්මික සංවර්ධනය ඇතිකර ගන්නා
උන්වහන්සේලා ගිහි සමාජයට අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනාවන්ද සිදු කරති. ජාතියේ
මුරදේවතාවුන් වහන්සේලා යැයි නම් ලද භික්ෂූන් වහන්සේලා දුරාතීතයේ පටන් ම ස්වකීය
භික්ෂු අධ්‍යාපනය සකස් කර ගත්තේ පිරිවෙන මුල්කරගෙන යි. ලංකාවේ ආදිතම අධ්‍යාපනික
කේන්ද්‍රස්ථානය වූ පිරිවෙන හා සබැඳීව ලංකාවේ ප්‍රථම බෞද්ධ පුවත්පත වන බුදුසරණ
පත්‍රය සිදුකරන කාර්යභාරය කාලීන වශයෙන් බෙහෙවින්ම ඇගයිය යුතු උතුම් කාර්යයකි.
පිරිවෙන් අධ්‍යක්ෂ
වටිනාපහ සෝමානන්ද හිමි
****
පිරිවෙන රැක ගැනීම ගිහි පැවිදි දෙපිරිසගේ ම යුතුකමක්
අප රටේ පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය ගොඩනගා ඇත්තේ ගරුතර ස්වාමීන් වහන්සේලාගේ
ආශිර්වාදයත් කැපවීමත් මත ය. එය ලංකාවේ සමාරම්භක සම්භාව්‍ය අධ්‍යාපන ක්‍රමය යි.
පුරතාන යුගයේ මෙන් ම වර්තමානයේ ද පිරිවෙන යනු මෙරට සමාජයට සුවිශේෂී ගුණාත්මක
බලපෑමක් ඉදිරිපත් කරන ආයතනයකි.
පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය තුළින් අප රජයේ සුවිශේෂී ආගමික, අධ්‍යාපනික හා සංස්කෘතික
අනන්‍යතාවක් ගොඩනැගුණු අතර එය දේශදේශාන්තරවල ද ව්‍යාප්ත වුණි. එබැවින් අප රටේ ජාතික
තලයේ සුවිශේෂී අනන්‍යතාවක් පිළිබිඹු කරන පිරිවෙන රැකගැනීම ගිහි පැවිදි අප සැමගේ
යුතුකමක් සේ ම වගකීමක්ද වන්නේ ය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ඒකකයත්, බුදුසරණ පුවත්පතත් එකතුව පිරිවෙන නමින්
විශේෂ පිටුවක් පළ කිරීම තුළින් රට පුරා පිහිටි 825ක් පමණ වූ පිරිවෙන් හා සීලමාතා
අධ්‍යාපන ආයතන සම්බන්ධ ලිපි සහ වාර්තා ඉදිරිපත් කිරීමට කදිම අවස්ථාවක් සලස්වා තිබේ.
ඒ ගැන විෂයභාර අමාත්‍යවරයා ලෙස පිරිවෙන් ඒකකයටත්, බුදුසරණ පුවත්පතටත් කෘතවේදී
ස්තුතිය පුදකරමි.
අධ්‍යාපන යෞවන හා ක්‍රීඩා අමාත්‍ය
ඩලස් අලහප්පෙරුම
****
පිරිවෙන් අධ්‍යාපනයේ ආරම්භය හා විකාශය
ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ ශී‍්‍ර සද්ධර්මය මූලික කරගත් විෂය ධාරාවක් ඇසුරු කර
ගනිමින් අධ්‍යාපනය ලබාදෙන ආයතනය පිරිවෙනයි. භික්ෂූන් වහන්සේ මෙන් ම ගිහි දරුවෝ ද
මෙම පිරිවෙන් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබති.
අද වන විට පිරිවෙන් හා සමගාමී ව පිහිටුවා ඇති සීලමාතා ආයතන මගින් සීලමාතාවන්ට මෙන්
ම දියණිවරුන්ටත් අධ්‍යාපනය ලැබීමේ වරම උදාවී ඇත. මෙම පිරිවෙන් අධ්‍යපනයේ ආරම්භය හා
විකාශය පිළිබඳ සාකච්ඡා කිරීම මෙම ලිපි මාලාවෙන් බලාපොරොත්තු වේ.
බුද්ධත්වයෙන් පසුව බුදුරජාණන් වහන්සේ බරණැස් නුවර ඉසිපතනාරාමයේ දී ප්‍රථම වරට පස්වග
භික්ෂූන් වහන්සේට දහම් දෙසීමෙන් ආරම්භ වුණු බෞද්ධ අධ්‍යාපන ක්‍රමය ශතවර්ෂ ගණනාවක්
තිස්සේ ගමින් ගමට, නගරයෙන් නගරයට, ජනපදයෙන් ජනපදයට, රටින් රටට ව්‍යාප්ත විය. මෙම
බෞද්ධ අධ්‍යාපන ක්‍රමය ව්‍යාප්ත කිරීමේ දී මුල් කාලයේ දී භික්ෂූන් වහන්සේ
මූලිකත්වය ගෙන කි‍්‍රයා කළහ. පසුකාලය වනවිට උගත් ගිහි පිරිසගේ සහයෝගය ද හිමිවිය.
මුල් කාලයේ දී නිර්වාණාවබෝධය මූලික කරගනිමින් මෙම අධ්‍යාපන ක්‍රමය සිදු වූ නමුත්
පසුකාලයේ දී ලෞකික අපේක්ෂා පාදක කරගත් විෂය නිර්දේශයක් ඇතුළත් විය.
බුදුරදුන් ධරමාන කාලයේ දී පිරිවෙන යන නම භාවිත නොවූව ද අධ්‍යාපනය ලබාදීමේ ක්‍රමවේදය
පැවැතී ඇත. එදා ධර්මධර, විනයධර භික්ෂූන්ට නවක පැවිදි වූ පිරිස් වෙත අධ්‍යාපනය
ලබාදීම භාර කොට ඇති අයුරු ත්‍රිපිටකය තුළ අපට දැකගත හැකි ය. සමහර මහරහතන් වහන්සේ
නමකට භික්ෂූන් වහන්සේ පන්සිය නමක්, සමහර රහතන් වහන්සේ නමකට හාරසීය නමක්, තවත් රහතන්
වහන්සේ නමකට සියනමක්, තවත් රහතන් වහන්සේ වහන්සේ නමකට පනස් නමක් යනාදී වශයෙන් එක්
එක් රහතන් වහන්සේලාට මෙන් ම හැකියාවන් ඇති භික්ෂූන් වහන්සේලාට අධ්‍යාපනය ලබාදීම
සඳහා භික්ෂු පිරිස් බෙදා දී ඇත. දේවදත්ත තෙරුන් වහන්සේ තමන් වහන්සේටත් පිරිසක්
බලාගැනීමට හැකියාව ඇතැයි කියා බුදුරජාණන් වහන්සේගෙන් පිරිසක් ඉල්ලාසිටියේ ද මෙවැනි
අවස්ථාවක දී ය. එදා බුදුරජාණන් වහන්සේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ දේවදත්ත තෙරුන්ට ඒ
සඳහා හැකියාවක් නොමැති බව සඳහන් කරමිනි.
මෙම ලිපියේ ඉතිරි කොටස ඇසළ
අව අටවක පෝදා ( 12 වැනිදා) පත්‍රයේ පළවේ.
කොටනෙලුවේ පුඤ්ඤානන්ද හිමි
ඌරුගමුවේ අස්සජී හිමි
****
සෞඛ්‍ය පිළිවෙත් සුරකිමු
පිරිවෙන යළි අරඹමු
කොවිඩ් 19 වයිරසය ලංකාව තුළ ඉතා සාර්ථකව පාලනය කර ඇති හෙයින් පාසල් හා පිරිවෙන්
ජූලි මස 06 වැනිදා යළි ආරම්භ කිරීමට රජයේ අනුමැතිය ලැබී තිබේ. මෙහි දී සෞඛ්‍ය අංශ
ලබා දී ඇති සෑම සෞඛ්‍ය උපදෙසක් ම මැනවින් පිළිපදිමින් ක්‍රියා කිරීමට පරිවේණාධිපති
හා කෘත්‍යාධිකාරි හිමිවරුන් වගබලාගත යුතු යැයි වයිරසය සම්පූර්ණයෙන් ම පහව ගොස්
නොමැති නිසා ඒ පිළිබඳ ගුරු සිසු දෙපිරිස ම මනා සැලකිල්ලෙන් ක්‍රියා කරන ලෙස ද
පිරිවෙන් අධ්‍යක්ෂ හිමිපාණන් වහන්සේ දන්වා සිටිති.
****
පිරිවෙන්වලට අදාළ පුවත්, ඡායාරූප සහ ලිපි අප වෙත යොමු කරන්න.
[email protected]
බුදුසරණ කර්තෘ මණ්ඩලය , ලේක්හවුස්, කොළඹ |