[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෝදා පින්කම්

රද්දොළුව ශ්‍රී අමර මහා විහාරය

සීදුව, රද්දොළුව ශ්‍රී අමර මහා විහාරස්ථානයේ නිකිණි පෝය (04) වෙනුවෙන් පින්කම් මාලාවක් සංවිධානය කර ඇත. පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී සීදුවේ සුමනවංස නා හිමියන්ගේ මෙහෙයවීමෙන් වැඩසටහන පැවැත්වේ.

පෝදා අලුයම 5.00 ට ශ්‍රී දළදා වහන්සේ, අටවිසි බුදුරජාණන් වහන්සේ උදෙසා ප්‍රණීත කිරි ආහාර පාත්‍ර 32 ක් පූජා කිරීම, උදෑසන 6.00 ට අෂ්ඨාංග උපෝසථ සීලයෙහි පිහිටුවීම හා අනුශාසනාව විහාරාධිපති සීදුවේ සුමනවංස නා හිමියන්, 6.45 ට ආහාර බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව, පෙරවරු 8.00 - 9.00 දක්වා ධර්ම දේශනාව ගෞරව ශාස්ත්‍රවේදී ඇඹිලිපිටියේ සාරද හිමි, 9.00 සිට 10.15 දක්වා ධර්ම සාකච්ඡාව, කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අශෝක පි‍්‍රයදර්ශන මහතා, ධර්මාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී ඒ.එන්. ඉන්ද්‍රසේකර මහතා ධර්මාචාර්ය අනුර සිරිමාන්න මහතා, ශාස්ත්‍රපති නීල් ධර්මපි‍්‍රය බණ්ඩාර මහතා, ධර්මාචාර්ය කේ.ඒ.එස්.ආර්. දයානන්ද මහතා, 10.45 ට ව්‍යාංජන, පලතුරු, කැවිලි වර්ග 32 ක් ඇතුළු ශ්‍රී දළදා වහන්සේ, අටවිසි බුදුරජාණන් වහන්සේලා උදෙසා මුල්තැන් බුද්ධ පූජා කිරීම, පස්වරු 12.00 සිට 12.30 දක්වා සක්මන් භාවනාව, 12.30 - 1.30 දක්වා ජාතක ධර්ම දේශනාව 1.30 සිට 2.30 දක්වා භාවනාව සහිත ධර්ම දේශනාව, මොණරාගල සෝමසාර හිමි, 4.15 සිට 5.15 දක්වා ධර්ම දේශනාව දොම්පේ සියනෑ ජාතික පාසලේ සහකාර විදුහල්පති, ශාස්ත්‍රපති ඇල්ලේ ඉන්ද්‍රජෝති හිමි, සවස 6.00 ට සැමට සෙත්පතා අටවිසි බුද්ධ පූජාව සහිත පහන් පූජා, බෝධි පූජා පින්කම සහ තුන්සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය, ධම්මචක්කපවත්තන සූත්‍රය, ජය පිරිත දේශනා පැවැත්වීමට ද කටයුතු කර ඇත.

****

ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරය

පෙරවරු 6.00 - 6.30 සීල සමාදානය ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරී ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි, 8.00 - 9.00 භාවනාව ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි, 9.00 - 10.00 පෙරවරු ධර්ම දේශනාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී, අනුරාධපුරයේ අරියඥාණ හිමි, 10.00 - 11.00 ධම්ම පදයෙන් බිඳක් කොලොන්නාව පුරාණ විහාරවාසී, ශාස්ත්‍රවේදී කැලණියේ ශාසනවංශ හිමි, 11.00 - 11.30 දිවා බුද්ධපූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී, ගොඩපොල නන්ද හිමි, පස්වරු 2.00 - 3.00 වෛද්‍ය දේශනය වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන මිය, 3.00 - 4.00 පස්වරු ධර්ම දේශනාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී, කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 4.00 - 5.00 දම්සක් පැවතුම් සූත්‍රය මහ සඟරුවන සමග පෙහෙවස් සමාදන් වූ සියලු දෙනා, 5.00 - 6.00 භාවනාව ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි, 6.00 - 7.00 ගිලන්පස බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී මාවුස්සාගොල්ලේ මුදිත හිමි, 7.00 - 8.00 සන්ධ්‍යා ධර්ම දේශනාව කැලණියේ පියදස්ස නා හිමි.

****

හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාමය

වත්තල හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරස්ථානයෙහි ඇසළ පෝදා පෙරවරු 6.00 සිට පසුදා පෙරවරු 6.00 දක්වා දාන, සීල, භාවනා ධර්ම දේශනා ඇතුළු වැඩ සටහන් රාශියක් පැවැත්වීමට වීතදෝෂි සමිතිය, දායක සභාව, කාන්තා සමිතිය හා ධර්මාශෝක දහම් පාසල කටයුතු යොදා ඇත. වැඩසටහන් විහාරාධිපති වලවෙල හේමානන්ද නා හිමියන්ගේ අනුශාසනා පරිදි දේවගොඩ පියරතන, බුත්කන්දේ රතනජෝති, ගල්කිස්සේ ධම්මිස්සර, ඇලපිටිවල නන්දවිමල , වේවැල්දූවේ ධම්මකිත්ති යන හිමිවරුන්ද ගාල්ලේ සුධම්මචාර දසසිල් මාතාවද වැඩසටහන් වලට වැඩම කිරීමට නියමිත ය.

****

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

පෙරවරු 06.00 - 07.00 සීල සමාදානය, 07.00 - 07.30 තෙරුවන් වන්දනාව, 08.15 - 10.00 භාවනාව, 10.00 - 11.00 ධර්ම දේශනාව, 11.00 - 11.30 තෙරුවන් වන්දනාව පෙරවරු වැඩසටහන් මෙහෙයවීම ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි. පස්වරු 12.30 - 01.00 සූත්‍ර සජ්ඣායනාව, 1.00 - 2.00 ධර්ම දේශනය තල්පත්කන්දේ සිරිනන්ද හිමි, 2.00 - 3.30 ධර්ම සාකච්ඡාව ලේනව මංගල හිමි, 4.00 - 5.00 ධර්ම දේශනය තිස්සමහාරාමයේ නන්දවිමල හිමි, 5.00 - 6.00 ධර්ම දේශනය වේරදුවේ මහින්ද හිමි, පස්වරු 07.08 අටවිසි බුද්ධ වන්දනාව.

   ඇසළ පුර පසළොස්වක පෝය 

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 04 සෙනසුරාදා. පූර්වභාග 11.34 ට පුර පසළොස්වක පෝය ලබා 05 ඉරිදා පූර්වභාග 10.14 ට පෝය ගෙවේ. සෙනසුරාදා සිල්.

මීළඟ පෝය ජූලි 12 ඉරිදා

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජූලි 04

Second Quarterඅව අටවක

ජූලි 12

Full Moonඅමාවක

ජූලි 20

First Quarterපුර අටවක

ජූලි 27

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]