[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පංචායුධ ජාතකය

 වෙසක් අමාවක පෝය 

  වෙසක් අමාවක පෝය මැයි 21 බ්‍රහස්පතින්දා අපර භාග 09.36 න් අමාවක ලබා 22 සිකුරාදා අපර භාග 11.08 න් ගෙවේ. සිකුරාදා සිල්
 

මීළඟ පෝය 30 වනදා
සෙනසුරාදා

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 22

First Quarterපුර අටවක

මැයි 30

Full Moonපසෙලාස්වක

ජූනි 05

Second Quarterඅව අටවක

ජූනි 13

ඔලබොඩුවේ ධම්මික හිමියෝ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවි ලබති

මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මහනුවර මල්වතු මහා විහාර පාර්ශවයේ පූජ්‍ය මහානායක ස්වාමීන්ද්‍ර වරප්‍රමුඛ ගරුතර සානුනායක කාරක මහා සංඝ සභාව විසින් ඔලබොඩුව රාජමහා විහාරයේ භාරකාර, ඉතාලිය මිලානෝ නුවර ලංකාරාමාධිපති, වීදියගොඩ ශී‍්‍ර සාමගී‍්‍ර සංඝ සභාවේ ගරු ප්‍රධාන ලේඛකාධිකාරී ඔලබොඩුවේ ධම්මික ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත “සද්ධර්මකීර්ති ශී‍්‍ර විනයාචාර්ය” යන ගෞරව නාම සම්මුතිය සහිතව බස්නාහිර‌ පළාතේ කොළඹ කළුතර දෙදිසාවේ ධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනමා ඇත. පසුගිය පෙබරවාරි මස 27 වන දින ඒ පිළිබඳ ශී‍්‍ර සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය මහනුවර මල්වතු මහා විහාරීය ‌රාජපූජිත මංගල උපෝසථාගාරයේ දී මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශී‍්‍ර සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. ශී‍්‍ර සන්නස් පත්‍රය ගරුතර අභිනව නාහිමිපාණන් වහන්සේට පිළිගැන්වීම රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව පසුගිය මැයි මස 06 වෙනි බදාදා පෙරවරුවේ තෛ‍්‍රනිකායික මහානායක, අනුනායක ස්වාමීන්ද්‍ර වරප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නයේ වැඩමවීමෙන්, අග්‍රාමාත්‍ය, බුද්ධ ශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් මෙවර රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව අරලියගහ මන්දිරයේදී සිදු කරන ලදී.

 

ධර්ම දේශනාව:

යහපත් සමාජයකට බෞද්ධ ආචාර ධර්ම

නිවන් අවබෝධ කිරීමට විදර්ශනා ප්‍රඥාව අවශ්‍ය වන්නා සේම පින් සිදු කර ගැනිමෙන් ඊට සුදුසු පරිසරය සකසා ගෙන තිබිය යුතු ය. කෙතරම් බණ භාවනා කළත් පින් මදි නම් ඔහුට නිවන් අවබෝධය දුරස් වනු ඇත." බෞද්ධ පින්වතුන් බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුක්තව වැඩි වශයෙන් ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන්හි නියැළෙන කාල පරිච්ඡේදයකට අපි එළඹ සිටිමු. එනිසාවෙන් ම බෞද්ධයන් විසින් සිදු කරන පුදපූජා සහ බෞද්ධ ආචාර මාර්ගය පිළිබඳ යම් විමසීමක් කිරීම කාලෝචිතයැයි සිතමි. බුද්ධ දේශනය සම්පුර්ණයෙන්ම ආගමක් නොව දර්ශනයකි. එහෙත් එම දර්ශනය තුළින් සකස්වුණු සාමාජයීය ලක්ෂණ ආගමික සංස්කෘතිය වශයෙන් හැඳීන්විය හැකි ය. මේ අනුව බෞද්ධයා තුළ මුල්බැසගෙන ඇති බෞද්ධ සංස්කෘතික ලක්ෂණ බෞද්ධ ආගම වශයෙන් වෙන් කළ හැකි ය. සමාජයක් ගොඩනැඟීමේදී සත්‍ය වශයෙන්ම ඒ හා සබැඳී යහපත් යැයි සම්මත සාර ධර්ම පද්ධතියක් නොමැති නම් එම සමාජයේ ගොඩනැගීම් කෙලෙස සිදුවේදැයි සිතාගැනීම වත් අපහසුය. බෞද්ධයා තුළ මුල් බැසගෙන ඇති උත්සව, පෙරහර, බුද්ධ පුජා, බොධි පුජා, දානාදි පින්කම් ඔවුන්ගේ සංස්කෘතිය පිළිබද හෙළිදරව් කිරිමකි.

 

බුදු සිරිතයි පරිසරයයි

දෙව්දහ නුවර ලුම්බිණි නම් වූ සල් උයනේ, ඉතාමත් රමණීය පරිසරයක දී මහා මායා මව්තුමියගේ කුසින් සිදුහත් බෝසතාණන් වහන්සේගේ උප්පත්තිය සිදුවීම, මතු බුදු පදවියට පත්වෙන උතුමාණන් මොන තරම් නම් පරිසරයේ ම කොටසක් ද යන්න පැහැදිලි ය. ඉන් අනතුරුව සිද්ධාර්ථ චරිතය දෙස බැලීමේ දී, සිදුහත් කුමරුට මාස තුනක් ගතවන නිමේෂයේ සුදොවුන් පිය මහ රජතුමාණෝ ඉතාම ඉහළින් පවත්වන්නට යෙදුණු රාජ්‍ය උත්සවය සුවිශේෂී ය. සිදුහත් පුතු නින්දේ පසු වන්නේ යැයි සිතූ කිරි මව්වරු වප් මඟුල දෙස මොහොතකට නෙත් යොමු කළහ. ඒ ඇසිල්ලේම වෘක්ෂය මුදුණේ පළක් බැඳගෙන බවුන් වඩන පුංචි දරුවා දුටුවහ. බෝසතාණන් වහන්සේ ඉතා කුඩා වයසේ වුව ද, පරිසරයත් සමඟ පෙර බවවලදී තිබුණු ශක්තිය මතු කරගනිමින් ආනාපානසතිය වැනි භාවනාවක් වැඩීමට තරම් ශක්තිමත් වූහ. සිද්ධාර්ථ කුමාරයාණන් අධ්‍යාපනය ලබන සමයේ, සර්ව මිත්‍ර බමුණානන් මේ දරුවා හදන්නේ පරිසරයත් සමඟ ය. එතුමාණෝ, කුමරුට පරිසරයේ ඉගෙනුම් න්‍යායන් ලබා දුන්හ. මෙහිදී සිදුහත් චරිතයේ අපූර්ව කතාවක් සිහිපත් වේ. දෙව්දත් කුමරු දුනු ඊතල මානා විද බිම දැමූ හංසයා සුවපත් කර ගැනීමට සිදුහත් කුමරු සමත් විය. දෙව්දත් කුමරු හංසයාගේ අයිතිය ඉල්ලා කලබල කරන මොහොතේ කුමරු පැවසුවේ ‘මේ සතා මියගියා නම් අයිතිය ඔබටයි. ඒත් දැන් මේ සතා ජීවත් වෙනවා. ජීවත් කළේ මමයි. එනිසා මේ සතා අයිති මටයි.’ යනුවෙන් ය. මෙසේ සොබා දහමේ තිබෙන ගහකොළ සමඟ සතා සිවුපාවා සමඟ සිදුහත් කුමරු අපූර්ව බැඳීමක් ඇති කර ගත්තේ ය.

 

තමන්ට තමන් පිළිසරණ වන්න

මේ ලෝකයට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ ඉතාමත් කලාතුරකින්. එසේ පහළවන උන්වහන්සේ ලෝක සත්ත්වයා කෙරෙහි මහා කරුණාවෙන්, අනුකම්පාවෙන් ලෝ සතුනට දුකෙන් නිදහස් වීමට මග පෙන්වීම සිදු කරනවා. බුදුරජාණන් වහන්සේ නමකගේ කාර්යභාරය වන්නේ මේ ලෝක සත්ත්වයාට මේ ලෝක වශයෙන් සැපය, සතුට ළඟා කරගන්නා ආකාරය, පරලොව ජීවිතය සුවපත් කර ගන්නා ආකාරය කියාදීම මෙන් ම, දිගින් දිගට යන මේ සංසාරයේ ඉපදෙමින් මැරෙමින් යන සත්ත්වයාට සසරින් නිදහස් වීමට ඇති මාර්ගය පෙන්වීම යි. බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝක සත්ත්වයාගේ හිතසුව පිණිස මෙන් ම, පරලොව ජීවිතය සුවපත් කර ගැනීමටත් ලොව්තුරා නිවන් සුවය සඳහා මඟ පෙන්වීම සිදු කරනවා. එනිසයි භාග්‍යවතුන් වහන්සේට සත්ථාදේව මනුස්සානං කියන විශේෂතා නාමය පාවිච්චි කරන්නේ. ඒ දෙවි මිනිසුන්ට ශාස්තෘන් වහන්සේ කියන අදහස යි. ශෘස්තෘවරයෙකුගේ කාර්ය භාරය වන්නේ තමන්ගේ අනුගාමිකයන්ගේ ජීවිත සුවපත් කරලීම යි. බුදුරජාණන් වහන්සේ මූලිකව ම ඉපදි ඉපදී මැරි මැරී යන ජීවිතය සුගතිගාමි කර ගන්නා ආකාරය දේශනා කළ අතර, සුගතියේ ඉපදුණත් ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදී දුක්වලින් නිදහස්වීමක් නො වන බව අවධාරණය කර ඒ දුකින් නිදහස් වීමට මේ සසර ගමන නවතාලීම සඳහා කටයුතු කරන්නට අපට මග පෙන්වා වදාළා. සත්ත්වයා දිගින් දිගට ම සංසාරයේ සැරි සරන්නේ සත්ත්වයන්ගේ සිතු තුළ කෙලෙස් නිස යි. කෙලෙස් තිබෙන කෙනෙක් මරණින් මතු අනිවාර්යයෙන් නැවත උපතකට යනවා. යම් කෙනෙක් කෙලෙස් දුරු කළොත් ඒ නිකෙලෙස් උතුමාට මරණින් මතු උපතක් නැහැ. එසේම කෙලෙස් සහිත වීම නිසා තමයි සත්ත්වයා ඉපදෙමින් මැරෙමිින් ඒ අතර කාලයේ විවිධ දුක්වලට ගොදුරුවෙමින් යන්නේ.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk