[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුරජාණන් වහන්සේ මහියංගණයට වැඩම කිරීම
කැලණි රජ මහා විහාරයේ සිතුවමකි

දුරුතු
පුර පසළොස්වක පෝය

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 10 වනදා සිකුරාදා පූර්වභාග 2.34 ට ලබයි. 11 වනදා සෙනසුරාදා පූර්ව භාග 00.51 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 10 වනදා සිකුරාදා ය.

මීළඟ පෝය ජනවාරි 17 වනදා සිකුරාදාය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 10

Second Quarterඅව අටවක

ජනවාරි 17

Full Moonඅමාවක

ජනවාරි 24

First Quarterපුර අටවක

පෙබරවාරි 02

යුගයේ මහා ත්‍රිපිටක පූජාව

සම්බුදු සසුනේ චිරස්ථිතිය අරමුණු කොට විභජ්ජවාදය මහා ධර්ම සම්භාෂණය හා යුගයේ මහා ත්‍රිපිටක පූජාව පන්දහසක් වූ මහා සංඝරත්නයෙහි සහභාගිත්වයෙන් ඉකුත්දා (04) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය. එහි සමාප්ති අවස්ථාව (04) වනදා පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. විභජ්ජවාද වැඩසටහනේ මූලික අරමුණ වන්නේ ත්‍රිපිටක ධර්මය විකෘති වන්නට නොදී ආරක්ෂා කොට මතු පරපුරටත් උරුම කිරීම වේ. විශේෂයෙන් මෙකල ක්‍රියාත්මක වන ත්‍රිපිටක ධර්මය සහ බෞද්ධ ඉතිහාසය විකෘති කරමින් පවතින වැඩපිළිවෙළ ගැන ස්වාමීන් වහන්සේ මෙන්ම බෞද්ධයන් දැනුම්වත් කර, බුද්ධ ශාසනය සහ බෞද්ධයන් ආරක්ෂා කර ගැනීම යි. මෙම පින්කම බුද්ධ ශාසනය ඉතිහාසගත වන ඉතාම වැදගත් සංධිස්ථානයක් වන්නේ, බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය භාණක පරම්පරාව විසින් රැකගෙන පැමිණ මාතලේ අළුලෙන් විහාරයේ දී ග්‍රන්ථාරූඪ කළා. එය ලංකාවේ සිදුවුණු සුවිශේෂී සන්ධිස්ථානයක්. එනම්, භාණක පරම්පරාව විසින් රැකගෙන පැමිණි ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ වීම යි. ඉන්පසුව මෙහි තුන්වන පියවර වන්නේ විද්‍යුත් මාධ්‍යයෙන් ප්‍රකාශ කිරීම යි. එනම්, භාණක පරම්පරා මඟින් ග්‍රන්ථාරූඪ කිරීම හෙවත් මුද්‍රිත මාධ්‍ය ද ඉන්පසුව සුවිශේෂීතම තෙවන පියවර වශයෙන් විද්‍යුත් මාධ්‍යයෙන් ත්‍රිපිටකය පළ කිරීම යි.

ශ්‍රී සම්බෝධි 75 වන සමාජ සත්කාරක ගැමි පුනරුත්ථාපන වැඩ සටහන 18 දා

කොළඹ 07 ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයේ 75 වන සමාජ සත්කාරක ගැමි පුනරුත්ථාපන වැඩ සටහන මෙම මස 18 වනදා ගලේවෙල යටිගල්පොත්ත කනිටු විදුහල් පරිශ්‍රයේ දී කොළඹ වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමයේ සම්බන්ධීකරණයෙන් පැවැත්වේ. සම්බෝධි මහා විහාරාධිපතිව වැඩ සිටි බෞද්ධයා මාධ්‍ය ජාලයේ නිර්මාතෘ දරණාගම කුසලධම්ම හිමි, මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහා නාහිමි, සම්බෝධි විහාරාධිපති ව වැඩ විසූ පානදුරේ අරියධම්ම හිමි, සහ පියදස්සී නාහිමි යන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා වත්මන් සම්බෝධි විහාරාධිපති බොරලන්දේ වජිරඤාණ හිමියන්ගේ අනුශාසනා පරිදි සමාජ සත්කාරක ගැමි පුනරුත්ථාපන වැඩ සටහන මෙම මස 18 වනදා පෙරවරු 11 සිට පස්වරු 4 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

 

බුදුරදුන්ගේ පළමු ලංකාගමන සිදුවූ දුරුතු පෝය

අද දුරුතු පෝ දිනයයි. දුරුතු පෝය යනු වසරේ ආරම්භක පෝය යි. එහි ඓතිහාසික වැදගත්කම් කිහිපයකි. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවීම උරුවෙල් දනව්වේ දී තුන්බෑ ජටිලයන් දමනය කිරීම ලොව්තුරු තථාගත අමාමෑණී බුදුපියාණන් වහන්සේ ලක්දිවට තෙවරක් ම වැඩම කළ සේක. බුදුපා පියුම් පහස ලත් මහියංගණය, නාගදීපය , කැලණිය ඒ අතර වෙත්. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමන මහියංගණය හා බැඳී පවතී. උන්වහන්සේ සම්බෝධියට පත්ව මාස නවයක් ගිය තැන ලක්දිව මහියංගණ (බින්තැන්න) පිහිටි මහානාග වන උයනට වැඩම කළහ. එ දවස දුරුතු පොහෝ දිනයකි. ඒ අනුව බුදුපියාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමන සිහි කැඳවන්නේ දුරුතු පෝය දිනයේ දී ය. එනම් ,“බෝධිතෝ නවමේ මාසේ, ඵුස්ස පුණ්ණමියං ජිනෝ, ලංකාදීපං විසෝධෙතුං, ලංකාදීපං උපාගාමි” ඉහත සඳහන් කළ අයුරු , බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කළේ කුමන අරමුණක් පිණිස ද යන්න මහාවංසය, මහා වංස ටීකාව ඇතුළු මූලාශ්‍රයවලින් හෙළි වේ.

 

ධර්ම දේශනාව:

සිතට තරහ ගතිය ඇති වන්නේ ඇයි?

අද ධර්ම දේශනාව සඳහා මා තෝරාගත් මාතෘකා පාඨය ඇතුළත් වන්නේ අංගුත්තර නිකායේ එන කොධන සූත්‍රයට ය.කොධන කියන වචනයෙන් කිපෙන සුළු, කෝප බහුල යන අර්ථය ප්‍රකාශ වෙනවා. බුදුරජාණන් වහන්සේ එක් කාලයක් අනේපිඬු සිටුතුමන් පූජා කළ ජෙතවන ආරාමයේ වැඩවෙසෙනවා. සවස් භාගයේ භික්ෂු සංඝයා එක් රැස්වූ අවස්ථාවක මේ සූත්‍රය දේශනා කළා” “මහණෙනි , අනුන්ට ක්‍රෝධ කරන, වෛර කරන අය කැමති, ඒ අය තුළ ඇති, කාරණා හතක් තිබෙනවා. ඒ කාරණා හත එසේ කරන ස්ත්‍රීන්ටත්, පුරුෂයින්ටත් ඒ කරුණු හත පෙරලා පැමිණෙනවා “යනුවෙන් වදාරන බුදුන් වහන්සේ ඒ කරුණු හත මේ සූත්‍රයේ විස්තර කර තිබෙනවා. ක්‍රෝධය, තරහව, වෛරය, ද්වේෂය පදනම් ව ඇති වන ඍණාත්මක චිත්තවේග සමූහයක්. බුදුන් වහන්සේ නරක සිතිවිලි තුනක් දක්වා තිබෙනවා. ඒවා ලෝභ, දෝස, මෝහ යි මේවා අකුසල, නරක, හානිකර සිතිවිලි. “තිණිමානි අකුසල මූලානි. ලොභො, අකුසල මූලං දොසො...මොහො”

 

ස්වර්ණමාලි මහා සෑ මළුවේදී අසිරිමත් පින්කමක්

අනුරාධපුර මහ මෙවුනා උයනේ පිහිටි රුවන්මැලි මහා සෑය ලෝකයේ ම අසිරිමත් ම සෑය යි. මෙම චෛත්‍ය රාජයාණන් වහන්සේ දෙවියෝ ද , මනුස්සයෝ ද, බ්‍රහ්මයෝ ද ගෞරවයෙන් සලකන, වැඳුම් පිදුම් කරන සෑයක්. ද්‍රෝණයක් (නැළි දෙකක්, එනම් හුණ්ඩු හතරක්) සර්වඥ ධාතූන් වහන්සේ මෙහි වැඩ සිටින අතර මෙතරම් ම සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රමාණයක් වැඩ සිටින සෑයක් ලොවේ වෙනත් කවර ස්ථානයකවත් නැහැ. ඒ නිසා මෙම සෑ රදුන් වහන්සේ මහා චේතිය නමින් හඳුන්වනවා.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk