[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෝදා පින්කම්

ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරය

පෝදා පෙරවරු 06.00-06.30 සීල සමාදානය ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරි රන්දිලිගම මහින්ද හිමි, 06.30-07.00 උදෑසන බුද්ධ පූජාව, රන්දිලිගම මහින්ද හිමි. 08.00-09.00 පෙරවරු ගුවන් විදුලි ධර්මදේශනාව බොරැල්ලේ කෝවිද හිමි, 09.00-10.00 භාවනා වැඩසටහන මෙහෙයවීම ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 10.00-11.00 ධම්මපදයෙන් බිඳක් කොළොන්නාව පුරාණ විහාරවාසී, ශාස්ත්‍රවේදී කැලණියේ ශාසනවංශ හිමි, 11.00-11.30 දිවා බුද්ධ පූජාව, ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී, විචිත්‍රභාණක ගොඩපොල නන්ද හිමි, පස්වරු – 12.15-02.00 සීල භාවනා සමිතිය, 02.00-03. 00 විශේෂඥ වෛද්‍ය දේශනය, 03.00-04.00 පරිත්‍රාණ ධර්ම දේශනාව, 04 .0 0- 05.0 0 පස්වරු ගුවන්විදුලි ධර්ම දේශනාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී, කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 05.0 0-06. 00 භාවනා වැඩසටහන මෙහෙයවීම ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 06.00-07.00 ගිලන්පස බුද්ධ පූජාව, ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 07.00-08.00 සන්ධ්‍යා ධර්ම දේශනාව රාජකීය පණ්ඩිත බැලුම්මහර ඉන්ද්‍රානන්ද හිමි, 08.00 සිට පසුදා අලුයම පහන්වනතුරු ගුවන් විදුලි පරිත්‍රාණ ධර්මදේශනාව


ඓතිහාසික අනුරාධපුර මහා විහාරය

ඓතිහාසික අනුරාධපුර මහා විහාරයේ දුරුතු පොහෝ දින, දාන, ශීල, භාවනා වැඩසටහන අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි පෝදා පෙරවරු 06.00 සිට පස්වරු 06.00 දක්වා මහා විහාරයේ සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ. දුරුතු පුන් පොහෝ දින ආගමික වැඩසටහන බෝමළුව විහාරවාසී කණුබිච්චියේ රතනජෝති හිමියන් සංවිධානය කරති. පෙරවරු 05.00 අටසිල් සමාදන්වීම, 06.30 බුද්ධ පූජාව, 08.00 ධර්ම දේශනාව, ශ්‍රී ලංකා කැලණි විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශනපති විජිතපුර ගුණරතන හිමි 09.00 ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම , 09.15 ගිහි දේශනය, ප්‍රවීණ ජීවවිද්‍යා උපදේශක තිස්ස ජනනායක මහතා , 10.30 බුද්ධ පූජාව දවල් 12.00 ජාතක කතා දේශනාව රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි, පස්වරු 01.00 ධර්ම දේශනාව දේශකයාණෝ ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය දර්ශනපති කිරම විමලතිස්ස හිමි, 02.00 ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 02.45 දම්සභා මණ්ඩපය සහභාගිත්වය දර්ශනපති වැල්ලගිරියේ සීලසුමන හිමි, ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මහතා සහ ප්‍රවීණ ජීවවිද්‍යා උපදේශක තිස්ස ජනනායක මහතා, 4.00- බෝධි පූජාව , මෙහෙයවීම, ශාස්ත්‍රපති කෙහෙල්වල රේවත හිමි, 05.55- සිල් පවාරණය


බම්බලපිටිය සිරි වජිරාරාමය

පෝදා පෙරවරු 06.00-07.15 සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති තිරිකුණාමලේ ආනන්ද මහා නා හිමි, 08.00-09.00 ගිහි දේශනය, ශාස්ත්‍රපති බෞද්ධ දේශක ශේන් බ්ලොක් මහතා, 09.00-10.00 භාවනාව , අනුශාසනාව, සිරි වජිරාරාමවාසී බණ්ඩාරවෙල ඤාණරුචි හිමි, 10.00 -11 .1 5 ධර්මානුශාසනාව හා බුද්ධ පූජාව අධ්‍යාපනවේදී කැලණියේ සාසනවංශ හිමි,

පස්වරු 12.30-01.15 සතිපට්ඨාන සූත්‍ර දේශනාව සිරි වජිරාරාමාධිකාරි සිරි වජිරාරාම දහම්පාසල් අධ්‍යක්ෂක කඹුරුගමුවේ මහානාග හිමි, 01.15-02.30 ධර්ම සාකච්ඡාව, සිරි වජිරාරාම දහම් පාසලේ ප්‍රධානාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී මීගොඩ සුඛිත හිමි, 03.00-04 . 00 භාවනාව සහ අනුශාසනාව රත්ගම උපනන්ද හිමි, 04.00-05.00 ධර්මානුශාසනාව රාජකීය පණ්ඩිත කිරම අරියදේව හිමි, 05.00-06.00 ධර්මානුශාසනාව සිරි වජිරාරාමවාසී ත්‍රිපිටකාචාර්ය රාජකීය පණ්ඩිත වේරදුවේ මහින්ද හිමි, 06.00-06.30 අටවිසි බුද්ධ වන්දනාව හා සිල් අලුත් කිරීම සිරි වජිරාරාමවාසී ස්වාමීන් වහන්සේලා


කළුතර බෝධිය

කළුතර බෝධි භාරකාර මණ්ඩලය විසින් බෝධි පරිශ්‍රයේ පවත්වනු ලබන දුරුතු පෝදා ආගමික වැඩසටහන් මාලාව මෙසේය. පෙරවරු 06.00-07.00 සිල් සමාදන් කරවීම, තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව මෙහෙයවීම වැලිකල පඤ්ඤාකර හිමි,

07.45- 09.45 ධර්ම දේශනාව /භාවනාව ගම්පහ සිරි සීවලී හිමි, 10.00-11.00 ධර්ම දේශනාව කොබවක ධම්මසීවලී හිමි,

11.00-11.30 බුද්ධ පූජාව, පස්වරු 01.00-02.45 ධර්ම සාකච්ඡාව, ගල්කන්දේ ධම්මානන්ද හිමි, 03.00-04.30 ධර්මදේශනය, පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි, 4.45-6.00 ධර්ම දේශනාව, තීනියාවල ඥාණින්ද හිමි, 06.15-07.00 පූජ්‍ය පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේ පැවැත්වූ බෝධිපූජාව (පටිගත කරන ලද) 07.10-08.30 ධර්ම දේශනාව, ධර්මාචාර්ය කේ. පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදී පහන් පූජාව, 8.45 සතිපට්ඨාන දේශනය ගල්කිස්සේ සමාහිත හිමි


තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානය

පෝදා පෙරවරු 5.30 ක්ෂීරපායාස බුද්ධ පූජාව, 6.00 සීල සමාදාන හා ධර්මානුශාසනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 08.00-09.00 ධර්ම දේශනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 09.00-09.30 භාවනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 09.30-10.30 ධර්ම දේශනාව තලල්ලේ චන්දකිත්ති හිමි, 10.30-11.00 දෙතිස් ව්‍යංජන සහිත සම්බුද්ධ පූජාව, පස්වරු 12.15-1.00 ධම්මචක්කපවත්වන සූත්‍ර දේශනාව, 1.00-2.00 ධර්ම දේශනාව කැලණියේ ශාසනවංශ හිමි, 02.00-03.00 ධර්ම සාකච්ඡාව මහකෙලියේ ලොකු ස්වාමීන් වහන්සේ සමඟ මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි. 03.30-4.30 ධර්ම දේශනාව තල්ගමුවේ සුධීරානන්ද හිමි, 4.30-5.00 භාවනාව, 05.00-06.00 පුණ්‍යානුමෝදනාව . කරණීය මෙත්ත සූත්‍ර දේශනාව සහ සිල් පවාරණය, 6.00 ඖෂධ 108 සහිත ගිලන්පස සම්බුද්ධ පූජාව සහ ධාතු වන්දනාව


ශ්‍රී සම්බෝධි විහාරය

ශ්‍රී සම්බෝධි විහාරයේ දුරුතු පොහෝ දින වැඩසටහන් මාලාව මෙසේය . පෝදා පෙරවරු 5.30-6.00 කිරි ආහාර බුද්ධ පූජාව , සීල සමාදානය . බුද්ධ වන්දනාව, භාවනාව හා අනුශාසනාව. ශ්‍රී සම්බෝධි විහාරාධිපති සහ බෞද්ධයා මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂ බොරලන්දේ වජිරඤාණ හිමි, 8.00-9.00 ධර්ම දේශනාව, ගම්පහ මහානාම හිමි, 9. 15-10.15 ධර්ම දේශනාව ගොම්බද්දල දමිත හිමි, 10.30-11.00 ව්‍යංජන 108 කින් යුත් දවල් ශ්‍රී සම්බුද්ධ පූජාව මෙහෙයවීම අනුරාධපුරයේ ධම්මසිරි හිමි, පස්වරු – 12.30- 02.00 පෝදා සදහම් පිළිසඳර” ධර්ම සාකච්ඡාව ලේල්වල අරියධම්ම හිමි, රදාවඩුන්නේ ඤාණවිමල හිමි, මෙහෙයවීම නීතිඥ ශෂික ජයතිලක මහතා 02.00-03.00 ධර්ම දේශනය කහගොල්ලේ සෝමවංශ නාහිමි 3.30-4.30 ධර්ම දේශනාව දොරොව්වේ ඤාණරතන හිමි, 4.30- 5.30 ධර්ම දේශනාව උඩුදුම්බර විජයකිත්ති හිමි, 5.30-6.00 මහා ඖෂධ පූජාව සහ සිල් පවාරණය මෙහෙයවීම හාපිටිගම විජිත හිමි .


බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

පෙරවරු 6.00-7.00 සීල සමාදානය, 7.00-7.30 තෙරුවන් වන්දනාව , 8.15-10.00 භාවනාව, 10.00-11.00 ධර්ම දේශනාව, 11.00-11.30 තෙරුවන් වන්දනාව පෙරවරු වැඩසටහන් මෙහෙයවීම ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි, පස්වරු 12.30-1.00 සූත්‍ර සජ්ඣායනාව 1.00-2.00 ධර්ම දේශනය දොරෙව්වේ ඥානරතන හිමි, 2.00-.3.00 ධර්ම දේශනය විතාරන්දෙණියේ මේධානන්ද හිමි, 4.00-5.00 ධර්ම දේශනය කීනගොඩ ආනන්ද හිමි, 5.00-6.00 ධර්ම දේශනය කඹුරුවෙල සීලානන්ද හිමි, රාත්‍රී 7.00 අටවිසි බුද්ධ පූජාව පැවැත්වීම


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදාන වැඩසටහන

දුරුතු පෝදා පෙරවරු 06.00-7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම ත්‍රිපිටකාචාර්ය මලංගම පඤ්ඤාසාර හිමි, 08.00-9.00 භාවනාව ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත හක්මණ සුමනසිරි හිමි, 09.00-.10.00 සූත්‍ර දේශනාව වැලිමඩ පසන්න මානස හිමි, 10.00-11.00 බුද්ධ පූජාව, තඹුත්තේගම සාරධ හිමි, බලංගොඩ සුගතවංස හිමි, පස්වරු 12.15-12.20 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව 12.20-01.00 පිරිත් හා තෙරුවන් ගුණ මීගොඩ මධුභානී හිමි, ඔරුවල සුධීර හිමි, 01.00-2.0 0 ධර්ම සාකච්ඡාව පණ්ඩිත ගල්කිස්සේ සෝමානන්ද හිමි, 02.0 0-03.00 ධර්ම දේශනාව, කොළඹ මහානාම විද්‍යාලයේ ධර්මාචාර්ය ශාස්ත්‍රවේදී පණ්ඩිත සියඹලාගොඩ ධම්මින්ද හිමි, 03.00-03.45 ධර්ම දේශනාව, උඩහමුල්ල පඤ්ඤොීධාරාමවාසී ශාස්ත්‍රපති පණ්ඩිත වල්ගම සුමන හිමි, 04.00-05.00 ධර්ම දේශනාව රත්මලාන මල්ලිකාරාමාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත රණස්ගල්ලේ ඤාණවීර නා හිමි, 05.00-06.00 ධම්මපදය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පානදුරේ පසන්න හිමි, 06.00 -06.30 බෝධිපූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ  වැඩිහිටි සීල සමාදාන වැඩසටහන

දුරුතු පෝදා පෙරවරු 06.00 - 07.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, ත්‍රිපිටකාචාර්ය මංගලම පඤ්ඤාසාර හිමි, 08.00 - 09.00 භාවනාව ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත හක්මණ සුමනසිරි හිමි, 09.00 - 10.00 සූත්‍ර දේශනාව මැලිමඩ පසන්න මානස හිමි, 10.00 - 11.00 ධර්ම දේශනාව වජිරාරාමවාසී ශාස්ත්‍රවේදී පණ්ඩිත මීගොඩ සුඛිත හිමි, 11.00 - 11.15 බුද්ධ පූජාව තඹුත්තේගම සාරධ හිමි, බලංගොඩ සුගතවංස හිමි. පස්වරු 12.15 - 12.20 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව 12.20 - 01.00 පිරිත් හා තෙරුවන් මීගොඩ මධුභානී හිමි, ඔරුවල සුධීර හිමි, 01.00 - 2.00 ධර්ම සාකච්ඡාව පණ්ඩිත ගල්කිස්සේ සෝමානන්ද හිමි, 2.00 - 3.00 ධර්මදේශනාව කොළඹ මහානාම විද්‍යාලයේ ධර්මාචාර්ය ශාස්ත්‍රවේදී පණ්ඩිත සියඹලාගොඩ ධම්මින්ද හිමි, 3.00 - 3.45 ධර්ම දේශනාව උඩහමුල්ල පඤ්ඤෝධාරාමවාසී ශාස්ත්‍රපති පණ්ඩිත වල්ගම සුමන හිමි. 4.00 - 5.00 ධර්ම දේශනාව රත්මලාන මල්ලිකාරාමාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත රණස්ගල්ලේ ඤාණවීර නාහිමි, 5.00 - 6.00 ධම්ම පදය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පානදුරේ පසන්න හිමි, 6.00 - 6.30 බෝධිපූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම, රාජකීය පණ්ඩිත හක්මන සුමනසිරි හිමි.


කුප්පියාවත්ත ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්ත, ශ්‍රී ජයශේඛරාරාම මහා විහාරස්ථානයේ දුරුතු පොහෝදා සීල, භාවනා , ධර්මදේශනා පින්කම් මාලාවක් තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් දවස පුරා පැවැත්වේ. එදින පෙරවරු 6.00- 6.30 උපෝෂථ සීලය හා කෙටි අනුශාසනාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 7.00-7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 8.00- 9.00 භාවනාව ශ්‍රී ජයශේඛරාරාම විහාරවාසී ශාස්ත්‍රවේදී කන්තලේ සුමිත්ත හිමි, 9.15- 10.15 ධර්මදේශනාව, ශී ජයශේඛරාරාම විහාරවාසී ශාස්ත්‍රවේදී කන්තලේ සුමිත්ත හිමි, 10.30-11.00 දවල් සම්බුද්ධ පූජාව තලල්ලේ සිරි මහින්ද නාහිමි.එදින පස්වරුවේ සඟමිත් පෙරහර ආරම්භ කෙරේ.


තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ – වැලිපාර, සංඝමිත්තාරාමයේ දී දුරුතු පුන් පෝ දින අලුයම 5.30 ට ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක් ද බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් පවත්වනු ලබන අතර පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා සීල, භාවනා සහ ධර්ම දේශනා වැඩසටහන් පැවැත්වේ. පෙරවරු 8.00 -9.00 දහම් දෙසුම දොඩම්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසනවාසී පුහුල්වැල්ලේ සාරද හිමි. 9.30-10.30 දහම් දෙසුම, පනාපිටියේ ජිනරතන හිමි, 11.00 දවල් බුද්ධ පූජාවෙන් අනතුරුව පස්වරු 12.00 -12.30 ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය 1.00-2.00 භාවනා වැඩසටහන මෙහෙයවීම ආටිගල අමිතදේව හිමි, 2.30-3.30 දහම් දෙසුම, වල්ගම සුමන හිමි. 4.00 -5.00 දහම් දෙසුම ගල්විල වත්ත විදර්ශනා භාවනා මධ්‍යස්ථානාධිපති පුන්‍යජි හිමි . සව ස 6.00 අටවිසි බුද්ධ පූජාවක්. බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් පවත්වනු ලබයි. සුපුරුදු පරිදි මෙම දුරුතු පුර පසළොස්වක පොහොය දිනයෙහිදී ද සිල්වත් පිරිස අතර ධර්ම දානයක් වශයෙන් බුදුසරණ පත්‍රය බෙදා දෙනු ලබන්නේ ලොකුමැණිකේ ඉඩම්පිටිය මහත්මියගේ දායකත්වයෙනි.


තෙලවල විජයරූපාරාම ධර්මායතනය

මොරටුව කටුබැද්ද, තෙලවල විජයරූපාරාම ධර්මායතනාධිපති කොළඹ දිශාවේ ප්‍රධාන සංඝ නායක රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී දම්පහළ ඤාණරතන නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් පෝදා පින්කම් පැවැත්වේ. පෝදා පෙරවරු 6.30-7.30 උපෝසථ අෂ්ඨාංග සීලය, සමාදන් කරවීම, සම්බුද්ධ පූජාව, හා කෙටි අනුශාසනාව, දම්පහළ ඤාණරතන නාහිමි, 8.30-9.30 ධර්ම දේශනය දම්පහළ ඤාණසුධීර හිමි. 10.00-10.40 ජාතක කථා දේශනය හපුතල් ඤාණවිසුද්ධි හිමි. 10.45 දවල් අටවිසි සම්බුද්ධ පූජාව . පස්වරු 12.30- 3.00 ගිහි දේශනය හා භාවනාව ධර්මාචාර්ය ආසිරි රාජපක්ෂ මහතා ,03.15-4.00 ධර්ම දේශනය වඳුරඹ ඤාණාලංකාර හිමි, 4.00-5.00 පිරිත් සජ්ඣායනය 5.00 සිල් පවාරණය සිදුකිරීම 6 .3 0- 7.30 අටවිසි ගිලන්පස බෝධිපූජාව සිදුකිරීම දම්පහළ ඤාණරතන නා හිමි,

බුදුසරණ පුවත්පත ධර්මදානය පිණිස බෙදාදීමේ දායකත්වය සාමවිනිසුරු චමින්ද පි‍්‍රයංකර මහතා ඇතුළු මිතුරු කැල විසිනි.


මිණිඔළුවේ දුරුතු මහා පූජෝත්සවය මෙවරත්

මීරිගම මිණිඔළුවේ විද්‍යාවාස පරිවේණාස්ථ ශ්‍රී ඤාණේශ්වර දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය සහ සිසු දරුවන් වාර්ෂිකව පවත්වන දුරුතු මහා පූජෝත්සවය 55 වන වරටත් දුරුතු පෝදා විද්‍යාවාස පිරිවෙන් විහාරස්ථානයේ දී දවස පුරා පැවැත්වේ. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ සංඝ නායක අග්ගමහා පණ්ඩිත මකුලෑවේ විමල නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ


හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාමයේ පින්කම්

වත්තල හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරස්ථානයෙහි දුරුතු පෝදා පෙරවරු 6.00 සිට පසුදා පෙරවරු 6.00 දක්වා දාන, සීල, භාවනා ධර්ම දේශනා ඇතුළු වැඩසටහන් රාශියක් පැවැත්වීමට වීතදෝෂි සමිතිය, දායක සභාව, කාන්තා සමිතිය හා ධර්මාශෝක දහම් පාසල කටයුතු යොදා ඇත. වැඩසටහන් විහාරාධිපති වලවෙල හේමානන්ද නා හිමියන්ගේ අනුශාසනා පරිදි දේවගොඩ පියරතන, බුත්කන්දේ රතනජෝති, ගොමඩියේ චන්දරතන, ඇලපිටිවල නන්දවිමල , වේවැල්දූවේ ධම්මකිත්ති, ලෝලුගස්වැව සුමනවංස යන හිමිවරුන්ද, ගාල්ලේ සුධම්මචාර දසසිල් මාතාවද වැඩම කිරීමට නියමිත ය.

දුරුතු
පුර පසළොස්වක පෝය

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 10 වනදා සිකුරාදා පූර්වභාග 2.34 ට ලබයි. 11 වනදා සෙනසුරාදා පූර්ව භාග 00.51 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 10 වනදා සිකුරාදා ය.

මීළඟ පෝය ජනවාරි 17 වනදා සිකුරාදාය.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 10

Second Quarterඅව අටවක

ජනවාරි 17

Full Moonඅමාවක

ජනවාරි 24

First Quarterපුර අටවක

පෙබරවාරි 02

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]