ශ්‍රී බුද්ධ වර්ෂ 2563 ක් වූ බිනර පුර පසළොස්වක පෝය දින රාජ්‍ය වර්ෂ 2019 සැප්තැම්බර් 13 වනදා සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
මෙහෙණ සසුන් දොර මෙසේ විවර වූ වගයි
බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 13 වන දා සිකුරාදා පූර්ව භාග 07.35 ට ලබයි. 14 වන දා සෙනසුරාදා පූර්වභාග 10.02 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 13 වන දා සිකුරාදා ය.
මීළඟ පෝය සැප්තැම්බර් 22 වන දා ඉරිදා
පසෙලාස්වක
සැප්තැම්බර් 13
අව අටවක
සැප්තැම්බර් 22
අමාවක
සැප්තැම්බර් 28
පුර අටවක
ඔක්තෝබර් 05
මාතර කොටපොල ඓතිහාසික ගැටබරු රජමහා විහාරයේ හා බටහිර රජ්ජුරු බණ්ඩාර දෙවිඳුන්ගේ මහා දේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්‍යය මෙම වර්ෂයේ ද පෙර සිරිත් පරිදි පැවැත්වේ. සැප්තැම්බර් 08 වන දා සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයෙන් ඇරැඹි එම පුණ්‍ය මහෝත්සවය 09 උදෑසන සංඝගත දක්ෂිණාව ද, 09, 10,11 දිනවලදී පේළි පෙරහර ද, 12, 13 රන්දෝලි මහා පෙරහර ද පැවැත්වේ. 14 දෙවොල් මහා දේව තොවිලය සහ 15 අලුයම ගිනි පෑගීම, දහවල දේව දානය හා 09 සිට 14 දක්වා තොරණ ප්‍රදර්ශනය ද සිදු කෙරේ. විහාරාධිපති බෙරලපනාතර චන්දවිමල නා හිමියන්ගේ අනුශාසනා පරිදි කිරින්දේ ආනන්ද හිමියන්ගේ මෙහෙයවීමෙන් එම පින්කම පැවැත්වේ.
ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන්ගේ 155 ජන්ම වන සමරුව නිමිත්තෙන් සැප්තැම්බර් මස 13 වෙනි දා සවස 03.30 ට දෙහිවල ශ්‍රී මහා බෝධී මහා විහාරයේ දී විහාරාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත මිහිරිපැන්නේ සෝභිත හිමියන්ගේ අනුශාසනා පරිදි විශේෂ වැඩසටහනක් පැවැත්වේ.
ධර්ම දේශනාව:
බිනර පුර පසළොස්වක පොහොය දිනයට ශාසන ඉතිහාසය තුළ වඩාත් වැදගත් තැනක් හිමි වෙයි. බුද්ධ ශාසනය තුළ භික්ෂුණී සමාජය ආරම්භවීම ඊට ප්‍රමුඛ හේතුවයි. බිනර පොහෝදා මහා ප්‍රජාපතී ගෝතමී දේවිය ගේ පැවිදිවීම සිදු වූ අතර, එයම භික්ෂුණී සමාජයේ ආරම්භය විය. අද වැනි පොහොය දිනෙක ඉහත කී ශාසනික වැදගත්කම සිහිපත් කිරීම ඉතා වැදගත් වෙයි. ඒ සමඟම බුදු දහමේ මූලික ඉගැන්වීම් පිළිබඳව අවබෝධයක් ලබා ගැන්ම ද බුද්ධිමත් පියවරක් වනු ඇත. බුදු දහමේ අවසාන අපේක්ෂාව නිර්වාණාවබෝධය යි. නිවන යන ශබ්ද මාත්‍රය පවා සැදැහැති බෞද්ධයන්ගේ කන් පිනවන, සිත සනසන මිහිරි හඬෙකි. කිසියම් කුසලයක් සිදුකොට සැදැහැතියන් ප්‍රාර්ථනා කරනුයේ නිවන් සුවයයි. ඔවුන්ගේ එකම පරමාර්ථයත් එම උතුම් නිවනයි.එබැවින් අද දින නිවන පිළිබඳ හැකිතාක් දුරකට මෙනෙහි කිරීම අර්ථවත් වෑයමක් යැයි, සිතේ. තෘෂ්ණාව ‘වාන’ යනුවෙන් හැඳින් වේ. ‘නි’ යනු ‘නික්මීම’ යන අර්ථයයි. මෙම වාන සංඛ්‍යාත තෘෂ්ණාවෙන් නික්මීම ‘නිබ්බාන’ යනුවෙන් අර්ථ දැක්විය හැකි ය. මෙය නිත්‍ය දෙයක් වන හෙයින් කිසි කලෙකත් අභාවයට පත් නොවේ. එසේම නිවන සඳහා බොහෝ සත්ත්වයින් පැමිණීමෙන් එහි පූර්ණත්වයක් හෝ, නොපැමිණීමෙන් ඌණ තත්ත්වයක් හෝ ඇති නොවේ. නිවන හුදෙක් හට ගැන්මක් හෝ සටහනක් නොමැති ලෝකෝත්තර ධර්මතාවයෙකි.
මෙරට බොදු පුනරුදයට ශාසනික ආගමික හා සාමාජික වශයෙන් යුග මෙහෙවරක් ඉටු කරන සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මෙම වසරේ දෙසැම්බර් 21 වන දා සිය වන වසට පා තබයි. යටත්විජිත යුගයේ දී බෞද්ධ සමාජයට මුහුණ පෑමට සිදු වූ විවිධ හේතු මුල් කර ගනිමින් 1919 දෙසැම්බර් 21 වන දා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ආරම්භ විය. 1917 දී පමණ කොළඹ තරුණ බෞද්ධ සංගමයේ දී තරුණ බෞද්ධ සමිති විසි එකක් ඇතුළු මෙරට බොදු සංවිධාන ඒකරාශි වී පැවැති සාකච්ඡාවක දී එබඳු සංවිධානයක අවශ්‍යතාව ගැන අදහස් පළ විය. කොළඹ තරුණ බෞද්ධ සමිතියේ සභාපති මෙරට කීර්තිමත් බෞද්ධ ජන නායකයකු වූ ශ්‍රීමත් ඩී.බී. ජයතිලක ශ්‍රීමතාණන් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ පළමු සභාපතිවරයා වේ. එදා මෙදා තුර මෙරට බෞද්ධ ප්‍රභූ නායකයන්ගේ මූලිකත්වයෙන් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය පැවත එන්නාහ. එෆ්.ආර්. සේනානායක මහතා, පී.ද. ඇස්. කුලරත්න මහතා, සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා, ෆ්‍රැන්සිස් මොලමුරේ මහතා, එච්.ශ්‍රී නිශ්ශංක මහතා, එල්.එච්. මෙත්තානන්ද මහතා, ආදී සම්භාවනීය බොදුජන නායකයන් මුල් යුගයේ දී සභාපති ධූරය දරමින් මහඟු මෙහෙවරක් ඉටු කර ඇත.
ලාංකේය සංස්කෘතියේ අභිමානය ලොවට ප්‍රදර්ශනය කරන සංස්කෘතිකාංග අතර ප්‍රමුඛතම සංස්කෘතිකාංගය වන්නේ පෙරහරයි. එය ආගමික ශ්‍රද්ධාව වර්ධනය කරන පූජා චාරිත්‍රයක් වන අතර ඊට සමගාමීව පුද්ගලයාට ධාර්මික විනෝදාස්වාදය සපයන කාර්යයක් ද වේ. කොල්ලුපිටිය වාළුකාරාමයේ වාර්ෂිකව පැවැත්වෙන ඇසළ පෙරහරේ අරමුණ වන්නේ ද ප්‍රදේශයේ ජනතාවගේ ශ්‍රද්ධාව වර්ධනය කිරීම හා එම ජනතාවට ධාර්මික විනෝදාස්වාදයක් සැපයීම ය. ජනාකීර්ණ මෙන්ම කාර්ය බහුල ප්‍රජාවක් වාසය කරන කොළඹ වැනි නගරයක එම ජනතාවගේ මානසික සමබරතාව රැක ගැනීම ට මෙබඳු පෙරහරකින් ලැබෙන්නේ ඉමහත් අනුබලයකි. අනෙක් අතට විවිධ ජාතීන් ජීවත් වන කොල්ලුපිටිය වැනි ප්‍රදේශයක පෙරහරක් පැත්වීමෙන් එකී ජාතීන් අතර සමගිය ද ඇති වේ. කොළඹ අග නගරය ආලෝකමත් කරන පැරැණිතම බෞද්ධ පෙරහර වන්නේ කොල්ලුපිටිය වාළුකාරාමය විසින් වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ පෙරහර යි. මෙහි නිර්මාතෘවරයාණන් වහන්සේ කොල්ලුපිටිය වාලුකාරාමාධිපතිව වැඩ විසූ ගරුකටයුතු නිවන්තිඩියේ ආනන්ද හිමිපාණන් වහන්සේ ය.
මහමෙව්නාවේ මංගල හිමියෝ ශාසන විභූෂණ ධම්ම නිසේවිත ගෞරව නාම ලබති
මහරගම විපස්‍යාරාමයේ පෙරහර 21 වන දා
ගිරිඋල්ලේ නිධන් වස්තු තැන්පත් කිරීම පෝදා
වස්සානයේ දී කොහුවල දම් දෙසුම්
පොහෝදා පින්කම්
පිහිට පතයි
ඉතිරිය»
මතක ශක්තියට දිව්‍ය ඖෂධයක්...
මේ වස්සාන කාලයයි - 06: උභය පාර්ශ්වයේම අදිටන විය යුත්තේ කුමක්ද?
දෙලොව ජය ගැනීමට වටිනා දහම් පද සතරක්
ඒහි පස්සික 28 : අරමුණ දිනවීමට සැලසුමක් ඕනෑ
බොදු පිළිවෙතෙහි එළඹුම ශ්‍රද්ධාව යි
පිවිතුරු මනසින් සොඳුරු මාවතක්
කළකම් පලදෙන හැටි: මාන්නාධික බව පිරිහීමයි
බරක් නැතිව දිවි ගෙවන හැටි
ආගමික දර්ශනය යි බෞද්ධ කලාවයි
භික්ෂුණී සමාජය ආරම්භ වූ බිනර පොහොය
හෑල්ලු කර සැහැල්ලු වන්න
බිහිසුණු අපාය : පාපයෙන් නිදහස් වෙන්න
හොරණ - මාරගහහේන ජයබිම විහාරස්ථානයට අභිනව චෛත්‍යයක්
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]