[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නව චෛත්‍යරාජයාණන් වහන්සේ

හොරණ - මාරගහහේන ජයබිම විහාරස්ථානයට අභිනව චෛත්‍යයක්

හොරණ - මාරගහහේන ජයබිම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත් වහන්සේ නිරාවරණය සැප්තැම්බර් මස 12 වන ගුරු දින පස්වරු 3.25 ට යෙදෙන සුබ මොහොතින් සිදු කිරීමට නියමිතව තිබිණි. හොරණ - මාරගහහේන ජයබිම විහාරස්ථානය දීර්ඝ ඉතිහාසයකට නෑකම් කියන ස්ථානයකි. මෙම ස්ථානය 1967 දී පමණ ‘ජයබිම ආරාමය’ නමින් ආරම්භ කරන ලද්දේ අනගාරික දන්ගල්ලේ නාරද තුමන් විසිනි. ශ්‍රීපාද වන්දනාවේ ගිය මාරගහහේන ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු බෑන සමනල ප්‍රදේශයේ භාවනානුයෝගී ව වැඩ විසූ අනගාරික නාරද තුමන් දැක, පැහැදී කළ ආරාධනාවක් මත මෙම ප්‍රදේශයට පැමිණ ‘ජයබිම ආරාමය’ ආරම්භ කර ඇත. ‘ජන යහපත බිහිකරන මග’ යන අර්ථයෙන් මෙය ‘ජයබිම’ ලෙස නම් කර තිබේ. මුලදී නාරද තුමන් වැඩ විසුවේ ලෑලි වලින් තැනූ කුඩා කුටියක ය. අනගාරික නාරද තුමන් වඩා ප්‍රසිද්ධියට පත්වූයේ විචිත්‍ර දේශකයෙකු වශයෙනි. ගව ඝාතනයට විරුද්ධව රට පුරා දේශන පැවැත්වූ මෙතුමා රට, ජාතිය, ආගම හා ත්‍රිවිධ හමුදාවට සෙත්පතා කළ ආශිර්වාද පූජා දහස් ගණනකි. මෙතුමා ‘ලංකා පූජාව’ නම් විශේෂ පූජාවක් ද ජයබිම ආරාමයේ සිදු කරන ලදී. අනගාරික නාරදතුමා කතරගම කිරිවෙහෙර මුල් අවදියේ අභාවයට ගොස් ඇති අවස්ථාවේ එහි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ද නාහිමිවරුන් සමඟ එක්ව කටයුතු කර ඇත.

බිනර පුර පසළොස්වක පෝය

බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 13 වන දා සිකුරාදා පූර්ව භාග 07.35 ට ලබයි.
14 වන දා සෙනසුරාදා පූර්වභාග 10.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 13 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර්
22 වන දා ඉරිදා

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 13

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

Full Moonඅමාවක

සැප්තැම්බර් 28

First Quarterපුර අටවක

ඔක්තෝබර් 05


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]