UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

සද්ධර්ම ප්‍රතිරූපකලාට රැවටෙනු එපා

බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය තුළ කර්මය, පුනර්භවය, පටිච්ච සමුප්පාදය,ත්‍රිලක්ෂණය, ආර්ය අෂ්ටාංගික මාර්ගය ආදි මූලික දර්ශනයක් තිබෙනවා. ඒ දර්ශනයේ එක කරුණක් සමඟ අනෙක් කරුණ ගැටෙන්නේ නෑ. උන්වහන්සේ එම ධර්ම කරුණු එකම දර්ශනයක් මත පදනම්වයි දේශනාකොට තිබෙන්නේ. මේ දර්ශනය, අපි අවුරුදු දහස් ගණනක් තිස්සේ ඉගෙන ගත්තා. ඒ වගේ ම හදාරා තිබෙනවා. එහෙත් දැන් ඇතැම් උදවිය බුදු දහමේ තිබෙන මූලික දර්ශනය හදාරන්නේ නැති ව, ඒ වෙනුවට බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තිබෙන පාලිය, එසේත් නැතිනම් පාලිය සිංහලයට පරිවර්තනය කිරීමෙන් ගත් සමහර ලේඛන හෝ ප්‍රයෝජනයට ගෙන ඒවාට තමන් සිතැඟි පරිදි අර්ථ ලබා දෙනවා. බුදුරජාණන් වහන්සේ සද්ධම්මපතිරූපක සූත්‍රයේ දේශනා කර තිබෙනවා ධර්මය නොවන, ධර්මය වගේ දේශනාවන් පහළ වූ පසුව ධර්මය විනාශ වන බව. උන්වහන්සේ උදාහරණයකින් දක්වනවා, රත්තරන් නොවන, රත්තරන් වගේ දේ පහළ වෙනවා. එතකොට මොකද වෙන්නේ? රත්තරන්වලින් වැඩක් නෑ. රත්තරන් අතුරුදන් වෙනවා. ඒ වගේ ධර්මය නොවන දේ, ධර්මය වගේ පහළ වුණාට පස්සේ ධර්මය අතුරුදන් වෙනවා. ඒ වගේ ම උන්වහන්සේ පෙන්වා දෙනවා මේ ධර්මය විනාශ වී යන්නේ, ධර්මය නැති වී යන්නේ අනිත්‍ය ධර්මතාව නිසා නොවන බව. මේ ශාසනය තුළ පහළ වන මෝඝ පුරුෂයන් නිසා බව.

ඉතිරිය»

 

වප් අමාවක පෝය


වප් අමාවක පෝය නොවැම්බර් 06 වනදා අඟහරුවාදා අපරභාග 10.31 ට ලබයි. 7 වනදා බදාදා අපරභාග 09.37 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 07 වනදා බදාදා ය.

 

මීළඟ පෝය නොවැම්බර් 15 වනදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 07

First Quarterපුර අටවක

නොවැම්බර් 15

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 22

Second Quarterඅව අටවක

නොවැම්බර් 30


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]