UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

ලේඛන කුසලතාව වඩාත් වර්ධනය කර ගැනීම සඳහාත්, දහම් දැනුම වර්ධනය සඳහාත්, ගුණධර්ම වැඩිදියුණු කර ගැනීම සඳහාත් සදහම් අරණ ළමා නිර්මාණ පිටුව ඔබ වෙනුවෙන් වෙන්කර ඇත. ඔබගේ ගද්‍ය, පද්‍ය, සිතුවම්, අදහස් පුර අටවක අමාවක, පුර පසළොස්වක, අව අටවක. බුදුසරණ පුවත්පත්හි පළ කරන්නෙමු.

****

සිරිමත් වගේ වෙමු

සිරිමත් හොඳ මිතුරෙකි
ගුණ යහපත් ළමයෙකි
කවුරුත් නරකක් නොකි
දයාබර සගයෙකි

මහන්සි වීම ත්
දැඩි කැප වීම ත්
නො හරින සිරිම ත්
බැබළෙයි කො තැන ත්

කුමරතුඟු මුනිදසු න්
හඳුනා දුන් සිරි මතු න්
විලස අපිත් හැදුනොති න්
සිටිය හැකි සොම්නසි න්

****

මෙත් සිත

මෙත්තා හෙවත් මෛත්‍රිය යනු මිතුරුකමයි. සෑම පාලකයකුම තම මිතුරකු සම්බන්ධ ව පවත්නා මිතුරුකමට සමාන හිතවත්කමක් තම රට වැසියන් කෙරෙහි ද, සියලු සත්ත්වයන් කෙරෙහි ද දැක්වීමට යොමු විය යුතු ය. එය කළ හැකි වන්නේ දියුණු කළ සිතිවිලි ඇති අයට පමණි. එබඳු පාලකයන්ගෙන් ජනතාවට ද කිසිදු අගතියක් සිදු නොවේ.

****

සඳ කිරණකි අම්මා

දස මසක් කුස දරා මා හැදූ අම්මේ
ලේ කිරි කර පොවා මා වැඩූ අම්මේ
දුක් වෙහෙස දරා මා රැකගත් අම්මේ
දිනක් දිනක් පාසා මා ණය ගැති අම්මේ

මට කුමටද මිණි මුතු ඔබ නැති ව
මට කුමටද මිණි පහණක් ඔබ නැති ව
මට කුමටද මතු දිවියක් ඔබ නැති ව
මට කුමටද ගරු බුහුමන් ඔබ නැති ව

පියා නැති ලොවට ඔබමය පියා වුණේ
දෙවිඳුන් නැති ලොවට ඔබ දෙව්දුවක් වුණේ
හිරු නැති ලොවට ඔබමය හිරු කිරණ වුණේ
මගේ ලොවට අම්මා සඳ කිරණ වුණේ

****

බෝසත් උපත

ඉන්දියාවේ සුද්දෝධන රජ දවස වෙසක් පුර පසළොස්වක පොහෝ දින ලුම්බිණි සල් උයනේ දී සිදුහත් කුමරු උපත ලැබී ය. මහාමායා දේවිය හා සුද්දෝධන රජු සිදුහත් කුමරුගේ මව්පියන් විය. සිදුහත් කුමරු ඉපදී දින හතක් ගිය විට මහාමායා දේවිය කලුරිය කළා ය. ඉන්පසුව සිදුහත් කුමරුගේ සුළු මව ලෙස මහා ප්‍රජාපතී ගෝතමිය පින්වත් කුමරු රැක බලා ගත්තා ය. කුමරු නිසි වියට පැමිණි විට සර්වමිත්‍ර බමුණා වෙත ශිල්ප ශාස්ත්‍ර හැදෑරීමට පිටත් කළහ.

****

පිදිය යුත්තන් පුදමු

පිදිය යුත්තන් පිදීම උතුම් මංගල කරුණක් බව අප තථාගතයන් වහන්සේ වදාළ සේක. පිදිය යුත්තන් යනු කවුරුන් ද? තමන්ට වඩා ශීලයෙන්, ගුණයෙන්, නුවණින් යුතු උත්තමයෝ ය. තුන්තරා බෝධිය, සංඝ රත්නය, මව්පිය ගුරුවරු, ධම්මචාරී ලෙස ජීවත්වන සියල්ලෝ ම එවැනි පිදිය යුත්තන් ලෙස මම දකිමි. ‘පිදීම’ යන්නෙහි අර්ථය නම්, පිදීමට සුදුසු වුවනට ගෞරවයෙන් යුක්තව හදවතින් ම උපස්ථාන කිරීම ය. ‘හිටියොත් හොඳට හැදීදෙවියොත් නමට වඳී’ කියමන ව්‍යවහාරයේ පවතී. මෙයින් ගම්‍ය වන්නේ උතුම් සත්පුරුෂයා සියල්ලන් ගේ ම පිදීමට සුදුසු වන බව ය. අප අමා මෑණි බුදුරදුන් ඊට කදිම නිදසුනකි. උන්වහන්සේට දෙව්, මිනිසුන් පමණක් නොව, තිරිසන් සතුන් ද වැඳීම්, පිදීම් කළහ. දස වැනි වස බුදුහිමි පාරිල්‍යෙය වනයෙහි වැඩසිටින විට උපස්ථාන කළේ ඇතෙකි. අද සමාජයේ සමහර පිරිස් තමාගේ ධනය හමුවේ පිදිය යුතු උතුමන්ට සැලකිලි දැක්වීම, තමාට නො ගැළපේ යැයි සිතති. මානයෙන් යුතු වෙති. එය මිත්‍යා දැකීමකි. යම්කෙනෙක් පිදීමට සුදුසුවන්නේ ද, ඒ පුද්ගලයා නිසි ලෙස පුදමු.

****

පැන විසඳුම් තෙවන ජයග්‍රාහිකාව

මතට එරෙහි වෙමු

මිනිස් ලොව උපන් ස්ත්‍රී වේවා, පුරුෂ වේවා පන්සිල් පද පහ තම පණ මෙන් රැකිය යුතුවෙයි. එක් එක් සිල්පදයට එක් එක් අනුසස් ඇත. ඒ සිල්පද අතර පස් වැන්න සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී නම් සිල්පදය යි. මෙම සිල්පදය කඩකිරීමෙන් බොහෝ අකුසල් සිදුවේ.

මත් වතුර, මත් ද්‍රව්‍ය ආදිය මිනිස් සිත විකෘති කරයි. උමතුවට, වියවුලට පත් කරයි. මත් වූ මිනිස්සු විකෘති ව, උමතු ව ක්‍රියා කරති. විවිධ පරුෂ වචන කියති. ඔවුන්ගේ හැසිරීම සැබැවින් ම මිනිස්කමට නිගාවකි. පුද්ගලයන් වශයෙන් ඔවුහු සිතින්, කයින් මෙන් ම වචනයෙන් ද, පිරිහෙති. සිතින් නිවැරැදි ව නිරවුල් ව පැහැදිලි ව යමක් සිතා බැලීමට අසමත් වෙති. කයින් සෘජුව සිටීමට ද, නිරෝගීව සිටීමට ද නිවැරැදි ව, නිරවුල් ව, පැහැදිලි ව ක්‍රියා කිරීමටද ඔවුනට නො හැකි ය. වචනයෙන් සෘජුව පැහැදිලි ව යමක් පැවසීමටද ඔවුහු අසමත් වෙති. ති දොරින් ම රෝගී බවට පත් වෙති. අවසානයේ දී ජීවිතය පවා අහිමි කර ගන්නා මත් ලෝලින් මෙකල ද දැක ගත හැකි ය. බුදු දහම අනුව මත් වතුර, මත් ද්‍රව්‍ය කෙරේ ලොල් වූ, ඇබ්බැහි වූ තැනැත්තාගේ ධනය බලා සිටිය දී ම වැනසී යයි. පසුව හෙතෙම දිළින්දෙක් බවට පත් වෙයි. කලකෝලාහලවලට පැටලෙයි. පවුල තුළ සාමය, සමගිය බිඳ වැටෙයි. මරණින් මතු දුගතියේ උපදියි.

****

බුදුරජාණන් වහන්සේ

****

සතුන්ට සලකමු

 

වප් අමාවක පෝය


වප් අමාවක පෝය නොවැම්බර් 06 වනදා අඟහරුවාදා අපරභාග 10.31 ට ලබයි. 7 වනදා බදාදා අපරභාග 09.37 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 07 වනදා බදාදා ය.

 

මීළඟ පෝය නොවැම්බර් 15 වනදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 07

First Quarterපුර අටවක

නොවැම්බර් 15

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 22

Second Quarterඅව අටවක

නොවැම්බර් 30


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]