UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පින් වැඩෙන වස්සානය

පින් වැඩෙන වස්සානය

කඨින පින්කම සියලු දායකකාරකාදීන්ගේ දායකත්වයෙන් සිදුකෙරෙන මහානුභාව සම්පන්න පුණ්‍ය කර්මයකි. වසරක් පාසා පැවැත්වෙන එම පින්කමට කුමන අයුරකින් හෝ දායක නොවූ බෞද්ධයකු සොයා ගැනීමට බැරි තරම් ය.

භික්ෂූන් වහන්සේට වස් විසීමට ආරාධනය කරනු ලබන්නේ දායක පිරිස විසිනි.සමහර අවස්ථාවල දී ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේ පමණක් නොව දුර බැහැරින්ද භික්ෂූන් වහන්සේ වැඩමවා වස් විසීමට ආරාධනය කරනු ලැබේ.

කඨින පූජාවේ ආනිසංස හා බලය අතිමහත් ය. කඨින යනුවෙන් යොදා ඇති අර්ථයෙන් ම මෙම පූජාවේ ඇති මහානුභාව සම්පන්න බව පැහැදිලි ය. යමකුට මහා පෘථිවිය කම්පා නොකළ හැකිවාක් මෙන් ද, මහාමේරු පර්වතය සුළගකින් සසල විය නොහැකිවාක් මෙන් ද , කඨින පූජාවේ ආනිසංස නොසෙල් වෙන්නා වූ ස්ථිර වූවක් වේ. එම ස්ථිරසාර බව සලකා කඨිනය යයි කියනු ලැබේ. කිසිවකු සිය ජීවිත කාලය තුළ පංචානන්තරිය පාප කර්මයකට යොමු වී නොමැත්තේ නම්, මියයන මොහොතේ ඔහුගේ ඊළඟ ප්‍රතිසන්ධිය සඳහා ඉදිරියට පැමිණ පිහිට වීමට යටපත් කළ නොහැකි මෙම අට මහ කුසලයන්ට හැකියාව ඇත. ඉන් කඨින පූජාව ඉදිරියෙන් ම ඇත. කඨින පූජා පින්කම සිදුකළ හැකි වන්නේ තුන්මසක් වස් වැස, වස් ආරක්ෂා කරගත් භික්ෂූන් වහන්සේ වැඩවාසය කරන ස්ථානයක පමණකි. වසරකට වරක් පමණක් සිදු කළ හැකි මේ පින්කම වෙනත් ඕනෑම පින්කමක් මෙන් කැමති වේලාවක සිදුකළ හැක්කක් නොවේ. එබැවින් මුළු ගම ම ඒකරාශි වී කරන මේ පින්කම දුර්ලභ කුසල කර්මයකි.

කඨින පූජාවේ ආනිසංස සම්බන්ධයෙන් උපුටා දැක්විය හැකි වැදගත් සිදුවීමක් නම්, වරක් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේ වැඩවාසය කරන ස්ථානයක පමණකි. වසරකට වරක් පමණක් සිදු කළ හැකි මේ පින්කම වෙනත් ඕනෑම පින්කමක් මෙන් කැමති වේලාවක සිදුකළ හැක්කක් නොවේ. එබැවින් මුළු ගමම ඒකරාශි වී කරන මේ පින්කම දුර්ලභ කුසල කර්මයකි.

කඨින පූජාවේ ආනිසංස සම්බන්ධයෙන් උපුටා දැක්විය හැකි වැදගත් සිදුවීමක් නම් වරක් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේට දේශනා කර සිටියේ තමන් විසින් සිදු කරන ලද අමතක නොවන මහාපින්කමක් සිහිපත් කරන ලෙස ය. එහි දී නැගී සිටි නාගිත මහ රහතන් වහන්සේ තමන් කල්ප තිහකට පෙර කඨින පූජාවක් සිදුකළ බවත්, ඒ පින හේතුකරගෙන කල්ප තිහක් පුරාවට දුගතියක් නොදැක දිව්‍ය හා මනුෂ්‍ය ලෝකයන්හි ඉපදී සැප විඳි බවත් ප්‍රකාශ කළහ.

වස් පවාරණයෙන් පසුව එළඹෙන චීවර මාසය තුළ සෑම විහාරස්ථානයක ම පාහේ කඨින පින්කම පැවැත්වේ. යම්කිසි විහාරස්ථානයක හෝ වෙනත් නිවාස ආදියක හෝ වස් විසු භික්ෂූන් වහන්සේ සඳහා වස් කාලය අවසන් ව එළැඹෙන චීවර මාසය තුළදී දායකයන් විසින් පිරිනමනු ලබන වස්ත්‍රය කඨින නාමයෙන් හඳුන්වනු ලැබේ.

 

වප් අමාවක පෝය


වප් අමාවක පෝය නොවැම්බර් 06 වනදා අඟහරුවාදා අපරභාග 10.31 ට ලබයි. 7 වනදා බදාදා අපරභාග 09.37 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 07 වනදා බදාදා ය.

 

මීළඟ පෝය නොවැම්බර් 15 වනදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 07

First Quarterපුර අටවක

නොවැම්බර් 15

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 22

Second Quarterඅව අටවක

නොවැම්බර් 30


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]