ජාතික පනතින්...
මානව හිතවාදී සමාජයකට
දම්පල්
චින්තනයෙන් . . .
*
ආර්යය සිරිත් විරිත් ඔවුන්ට කියා දී පුහුණු කරවීමට උත්සාහ වඩනු
*
පහත් තත්ත්වයේ සිට උසස් වූවන්ට අගෞරව කිරීම අත්හැර ගෞරව
කිරීමට පුරුදු වෙනු
*
කෙනෙකුගේ දොස් ඔහු නැති තැන නො කියනු
*
එක අගුණයකින් අනූ නවයක් ගුණ යටපත් කර දැමීම නරක සිරිතක් බව සලකනු
*
කිසිවෙකුගේ ප්‍රශංසාවක් හෝ අප්‍රශංසාවක් තමාගේ ව්‍යායාමයෙහි ප්‍රතිඵලය සේ නො සිතනු
*
නින්දාවේදීත් , ප්‍රශංසාවේදීත් චංචල නො වෙනු
*
තමාට ඇති විශිෂ්ට ශක්තිය නො කැලැල් චරිතය බව නිතර සිහි කරනු
*
තමා තුළ නැති ගුණ අන්‍යයන්ට පුහුණු කරවන්නට උත්සාහ නො කරනු
*
ආහාර ගැනීම, කටයුතුවල යෙදීම, නිදා ගැනීම, අවදිවීම හා ශරීර කෘත්‍යය ද නියමිත වේලාවට
කරනු
*
අද කිරීමට හැකි දෙය හෙටට කල් නො තබනු
*
ආහාරය ගැන විශේෂයෙන් සැලකිලිවන්ත වෙනු
*
බඩ බරවන තුරු යමක් ගිල දැමීම ආහාරය නොවන බවත්. ශරීරය යැපීමට ප්‍රමාණවත් පෝෂ්‍යදායී
දෙයක් අනුභව කිරීම ආහාරය බවත් සිතනු
*
තමා උපන් රටේ, උපන් පළාතේ උපදින ආහාර පාන තරම් කෙනෙකුගේ ශරීරයට
පෝෂණය ගෙන දෙන අන්‍ය ආහාරයක්
නැති බව සලකනු.
*
ආගන්තුක සත්කාරය තමාට ඇති වන මහත් සම්පතක් සේ සිතනු
*
තමාගේ ඉතාම ප්‍රයෝජනවත් දවස ගිලනුන්ට උපස්ථාන කරන්නට ලැබුණ දවස බව සිතනු |