නීලගිරි ශ්‍රී සර්වඥධාතු වන්දනා පින්කමක්
පුරා විද්‍යා කැණීම් වලින් සොයා ගන්නා ලද නීලගිරි ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා
බෞද්ධ සැදැහැවතුන්ට වැඳ පුදා ගැනීමට අවස්ථාව සලසමින් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ
අනුග්‍රහය මත උඩුගම්පොල දොරණාගොඩ ශ්‍රී සුමතින්දාරාම පුරාණ රජ මහා විහාරස්ථ
භද්‍රානන්ද මහ පිරිවෙනේදී ඔක්තෝබර් මස 05,06,07 යන තෙදින තුළ ප්‍රදර්ශනය කිරීමට
කටයුතු සලසා ඇත.
ඔක්තෝබර් මස 05,06,07 යන තෙදින තුළ පෙරවරු 06.00 සිට රාත්‍රී 10.00 දක්වා
ප්‍රදර්ශනය පැවැත්වෙන අතර එම තෙදින තුළ ශ්‍රී සර්වඥධාතුන් වහන්සේ උදෙසා බුද්ධ පූජා
හා අටපිරිකර සෙසු පිරිකර සහිතව ආශිර්වාදාත්මක බෝධි පූජාවද පැවැත්වීමට කටයුතු
සංවිධානය කර ඇත.
ඉතිරිය»
ඊර්ෂ්‍යාවෙන් දැවී
ගැරහුමෙන් තැවේ
කාර්යාලයේ හෝ අහළ පහළ නිවෙස්වල හෝ අන්‍යයන් සතුටින් සිටින අවස්ථාවල ඔබ කලකිරීමකින්
සිටින්න පුළුවන්. හිතට යමිකිසි නොමනාපයක් තියෙනවා නම්, අවංක සිතෙන් සිනහ වෙන්න
බැහැ. සතුටින් ඉන්න බව පෙන්වන්න උත්සාහ කළත් එය කරන්න බැහැ. අන්‍යයන්ගේ සමහර
ක්‍රියාදාමයන් දෙස බැලූවිට ම හිතට නැඟෙන ඊර්ෂ්‍යාව මෙබඳු සංසිද්ධිවලට හේතු වෙන්න
පුළුවන්. ඊර්ෂ්‍යාවෙන් දැවෙන්න එපා.
ගිනිකූරු ගැටීම නිසා ගින්දර හට ගන්නවා. නමුත් මුලින් ම දැවී යන්නේ ගින්න ඇති කිරීමට
ප්‍රයෝජනවත් වූ ගිනිකූර ම නේ ද?යමක් සොරකම් කරන පුද්ගලයකු ගැන සිතමු. වරදෙහි ගැඹුර
නැතහොත් ප්‍රමාණය අනුව එහි විපාක ලැබෙනතුරු ඔහුට තමා අනුන්ගෙන් ගත් යමක් ඉතිරි
වෙනවා. නමුත් ඊර්ෂ්‍යාකාරයා ට එබඳු තාවකාලික ප්‍රීතියක් වත් තියෙනවා ද? හිතේ සුළු
කලකට හෝ තිබුණ සැහැල්ලුකමත් නැතිවීම පමණයි. ලැබූ කිසිවක් නැහැ.
ඉතිරිය»
ධර්ම දේශනාව:
දහම නුවණින්
මෙනෙහි කරන්න
ලෝකවාසීන් දුක හටගන්නා හැටි නොදන්නා නිසා ඇහැට පෙනෙන රූප තුළින් සැප සොයා යනවා. කනට
ඇසෙන ශබ්ද තුළින් සැප සොයනවා. දිවට ගන්නා කෑම බීම වලින් සැප සොයනවා. නාසයට දැනෙන
ගන්ධයන් තුළින් සැප සොයනවා. ශරීරයට දැනෙන ස්පර්ශයන් තුළිනුත් එලෙසයි.
බුදුරජාණන් වහන්සේ අද ජිවමාන ව වැඩ නොසිටිය ද, ධර්ම විනය දෙක පවතී. ගිහි පැවිදි
දෙපිරිස ම ඊට ගරු කළ යුතු ය. වර්තමානයේ යමෙකු ධර්ම විනය දෙකට අගෞරවය කරන මොහොතක්
පාසා බුදුරදුන්ට අගෞරව කළා වෙනවා. වර්තමානයේ ඇතැම් පැවිදි අය උතුම් ධර්ම විනයෙන්
ඈත් වන බව දක්නට ලැබෙනවා. මේ අකුසල් ගති වර්ධනය වී යෑමෙන් අනාගතයේ යම් දවසක
සිවුරත්, පාත්‍රයත් අතුරු දහන්වී බෙල්ලේ කහපාට නූලක් පමණක් ගැටගසා ගත් කාසාව
කණ්ඨකයන් බිහිවිය හැකියි.
බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර ධර්මයන් වත්මන් සමාජය විසින් බලවත් විකෘති
කිරීම් වලට ලක්කර ඇති බව ඇසීමට හා දැකීමට ලැබේ. ධර්මයට වැරැදි අර්ථ කථනයන් දෙනු
ලැබේ. ප්‍රාතිමෝක්ෂශීලයට අදාළ විනය කරුණුවලටත් තම හිතූ මනාපයට අනුව අර්ථයන් දෙයි.
මේ වැරැදි කරන්නේ ධර්ම විනය නමැති ශාස්තෘන් වහන්සේ ලොවේ වැඩ ඉන්නවාය කියන කාරණය ගැන
අවබෝධයක් නැති ගිහි පැවිදි ඇත්තන් ය.
ඉතිරිය»
සුව සෙත සලසන
වස්සාන සමය
බොහෝ දෙනාට ඇහුම්කන්දීම ප්‍රජාතන්ත්‍රවාදයෙහි සැබෑ ලක්ෂණයයි. ගෞතම බුදුරදුන් ලොව
පහළ වූ මුල්ම ප්‍රජාතන්ත්‍රවාදී ශාස්තෘවරයාණන් ය.
සාධාරණ හා යුක්තිගරුක යැයි හැඟුණහොත් අන් මත ගරු කොට සැලකීම බුදුරදුන්ගේ සිරිත ය.
තත් කාලීනව පැවැති බොහෝ අරුත් සුන් ආගමික ක්‍රමවේදයන් යථාර්ථවාදී හා ආර්ය දර්ශනයට
අනුගත කොට, දෙලොව සුව සලසන ක්‍රියාවලියක් ලෙස සංස්කරණය කොට සමාජ ගත කිරීමට
උන්වහන්සේට සිදු විය.
බුදුරදුන් අනුදත් “පෙර හා පසුවස් විසීම” යැයි වස් විසීම් දෙකකි. පෙර කී පරිදි බුද්ධ
ප්‍රඥප්තියට අනුව ඇසළ පෝදාට පසුදා වස් එළඹීම සාම්ප්‍රදායික චාරිත්‍රයයි. යම් සාධාරණ
හේතු මත එදිනට වස් විසීමට නොහැකි වූ යතිවරුන්ට නිකිණි පෝදා වස් විසීමට අනුදත්හ. මෙය
“පසුවස්” නම් වේ.
මෙලෙස ශාසනික වැදගත්කමකින් යුත් වස් විසීමේ චාරිත්‍රය ලංකාවට පැමිණියේ බුදුසසුන
පිහිටුවාලීමෙන් පසුවය. ඒ අනුව මිහිඳු මා හිමියන් ප්‍රමුඛ ධර්ම දූත පිරිසක් ‘අරිට්ඨ’
මහ රහතන් වහන්සේ ප්‍රධාන 56 ක් වු රහතන් වහන්සේලාත් දෙවන පෑ තිස් රජුගේ ඇරයුමින්,
එතුමා විසින් ඉදිකර දෙන ලද “අටසැට ලෙන්වල” වස් එළිඹියහ. මෙය ලක්දිව සිදුවු ප්‍රථම
වස්සූප ගමනයයි. මේ දක්වා මෙම උතුම් චාරිත්‍රය වසර දහස් ගණනක් මුළුල්ලෙහි බොදුනුවන්
විසින් පරපුරින් පරපුරට නොසිඳ පවත්වා ගෙන එනු ලැබේ.
ඉතිරිය» |