මානව හිතවාදී සමාජයකට
දම්පල්
චින්තනයෙන් . . .
ජාතික පනතින්...
*
බියගුල්ලා කීපවිටක් ම මැරෙතත් වීරයා මැරෙන්නේ එකවිටක් බව සිතනු
*
මරණය බය විය යුතු ස්ථානයක් නොවන බව උගන්වනු
*
තමා කරා හොඳ හෝ නරක පැමිණෙතත් යුතුකම ඉටු කිරීමට ප්‍රමාද නොවෙනු
*
මොහොතක්වත් නිකරුණේ ගත නො කිරීමට සිතට ගනු
*
කැසපටගසා කුඹුරට බැස කරන ගොවිකම, රජකමට වඩා උසස් යැයි සිතනු
*
වෙළඳාම, ගොවිතැන, හස්ත කර්මාන්ත, ආණ්ඩුවේ තනතුරුවලට වඩා උසස් බව සිතනු
*
විදේශීය භාෂා, ශාස්ත්‍ර ඉගෙනීමටත්, ඉතිහාසය, වීර චරිත ඉගෙනීමටත්, දේශනයටත් කුඩා කල
පටන් ස්වකීය දූ පුතුන් මෙහෙයවනු.
*
මේ අමුතු රටකි, මේ අමුතු භාෂාවකි, මේ අමුතු වර්ගයකි යන හුඹස් බිය සිත් තුළින්
දුරලනු.
*
සෑම තැන ම එඩිතර ව ක්‍රියා කරනු
*
ආදායම අනුව වියදම පිළියෙළ කරනු
*
තමාට ප්‍රයෝජනවත් නැති දෙය අඩු මිලට වුවත් නො ගනු
*
පරදේශීන්ගේ වුවත් යහපත් දේ අනුගමනය කරනු
*
ස්වකීය ජාතික, ආගමික ප්‍රතිපත්ති වෙනස් නොකරනු
*
රහසේ වුවත් පව් නො කරනු
*
පස් පව්, දස අකුසල් නො කිරීමට තරයේ අධිෂ්ඨාන කර ගනු
*
වචනයක අගය සලකනු. නිකරුණේ කතා නොකරනු
*
ජීවිතයාගේ කෙළවර මරණය ඇති බැව් සිතා ඉතා යුහුසුලුව සිය යුතුකම් ඉටු කරනු
*
ස්වකීය ඉරියව්වලින් අන්‍යයන්ගේ සිත් නොරිදවීමට පරෙස්සම් වෙනු
*
දියුණු වූ රටවල ජාතික ඉතිහාසය කියවනු
*
දුප්පතුන්ට පිහිට නැති පොහොසතුන් ඉතා පහත් කොට සිතනු
*
වත් පොහොසත්කමට හෝ මුදලට හෝ බල පුළුවන් කාරකම් වලට නොව නැණ, ගුණ, ප්‍රතිපත්ති,
නිහතමානී ගති ආදියට ගෞරව කිරීමට පුරුදු වෙනු
*
පහත් සතුන්ට වද දීම හා ඔවුනගේ මස් කෑම ද අන්‍යයන්ට කරදර හිරිහැර කිරීම ද , වසල
ගතියක් බව සිතනු
*
තමාගේ ජීවත්වීම අන්‍යයන්ට කරදරයක් හිරි හැරයක් නොවීමට වග බලා ගනු
*
ස්වකීය ඉඩම් කඩම් මුඩු වී තිබීමට ඉඩ නොදී, හැකිතරම් වගා කිරීමට කටයුතු යොදනු |