|
|
මිහින්තලා ලේක්හවුස්
මාසික කප්රුක් පූජා පින්කම ඉකුත් බිනර
පෝදා මිහින්තලා පුදබිමේ දී මිහින්තලා රාජ
මහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ
ධම්මරතන ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි
පැවැත්විණි. එම පින්කමේ මෙවර දායකත්වය
වැල්ලවත්ත පියනන්ද සමාජ සේවා පදනමේ
අධ්‍යක්ෂ ශාස්ත්‍රපති කිරිවැල්දොළ පියනන්ද
නාහිමියන්ගේ අනුශාසනා පරිදි ගෝනාපීනුවල
චන්දානන්ද හිමියන්ගේ මෙහෙයවීමෙන් සැදැහැති
දායක පිරිසකගේ දායකත්වයෙන් පැවැත්විණි. |
|
|
|
|
නීලගිරි ශ්‍රී සර්වඥධාතු වන්දනා පින්කමක්
පුරා විද්‍යා කැණීම් වලින් සොයා ගන්නා ලද නීලගිරි ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා
බෞද්ධ සැදැහැවතුන්ට වැඳ පුදා ගැනීමට අවස්ථාව සලසමින් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ
අනුග්‍රහය මත උඩුගම්පොල දොරණාගොඩ ශ්‍රී සුමතින්දාරාම පුරාණ රජ මහා විහාරස්ථ
භද්‍රානන්ද මහ පිරිවෙනේදී ඔක්තෝබර් මස 05,06,07 යන තෙදින තුළ ප්‍රදර්ශනය කිරීමට
කටයුතු සලසා ඇත.
ඔක්තෝබර් මස 05,06,07 යන තෙදින තුළ පෙරවරු 06.00 සිට රාත්‍රී 10.00 දක්වා
ප්‍රදර්ශනය පැවැත්වෙන අතර එම තෙදින තුළ ශ්‍රී සර්වඥධාතුන් වහන්සේ උදෙසා බුද්ධ පූජා
හා අටපිරිකර සෙසු පිරිකර සහිතව ආශිර්වාදාත්මක බෝධි පූජාවද පැවැත්වීමට කටයුතු
සංවිධානය කර ඇත.
ඉතිරිය» |
|
බිනර අව අටවක පෝය
බිනර අව අටවක පෝය ඔක්තෝබර් මස 02 වනදා අඟහරුවාදා පූර්ව භාග 04.10 ට ලබයි.
03 වනදා බදාදා පූර්ව භාග 2.18 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 02
වනදා අඟහරුවාදාය.
මීළඟ පෝය ඔක්තෝබර් 08 වනදා සඳුදාය.
|
|
|
|
|
|
|