|
|
කළුගලෙන් නිර්මාණය කළ චෛත්‍යය හා බෝ සමිඳු |
|
|
|
මීගහතැන්නේ විවේකාරාමය
ගාල්ල ඇල්පිටිය ඕපාත ගම් පියසේ 1958 සැප්තැම්බර් 20 වෙනි දින මෙලොව එළිය දුටු
අදිමාලි කංකානම්ගේ ජයසිරි නම් ළදරුවා නිසි වයසට එළඹීමෙන් ඇල්පිටිය ඕපාත සීවලී
කනිෂ්ඨ විද්‍යාලය හා ඇල්පිටිය විහාර මහා දේවි පිරිවෙනෙහි මූලික පිරිවෙන් අධ්‍යාපනය
ලබන අතරතුර මව්පියන්ගේ අවසරය ලබා 1968 මාර්තු 15 වෙනි දින ඕපාත තපස්ලෙන්
විහාරාධිපති වහන්සේගේ ආචාර්යත්වයෙන් පැවිදි බිමට ඇතුළත් විය.
1972 දී කළුතර දිස්ත්‍රික්කයේ පස්දුන් කෝරළයේ මීගහතැන්න විවේකාරාම විහාරස්ථානයේ
විද්‍යාරාම විද්‍යායතන පිරිවෙනට ඇතුළත් වූ ඕපාත ඤාණිස්සර හිමිපාණෝ පිරිවෙන්
අධ්‍යාපනය ආරම්භ කළහ. එහිදී අ.පො.ස. (උසස් පෙළ) සහ ප්‍රාචීන මධ්‍යම විභාග සමත් වූහ.
පසුව ශාස්ත්‍රවේදී උපාධිය 1985 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ද ශාස්ත්‍රපති
උපාධිය 1990 ද බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයෙන් ද, පිරිවෙන් ගුරු පත්වීම 1985 දී
ලබා1991 පරිවේනාධිපති ධූරය භාර ගැනීමට සිදුවිය. 1991 සිට 2018 සැප්තැම්බර් 20 වෙනි
දින දක්වා වසර 27 ක් සේවය කිරීමෙන් අනතුරුව 2018 වර්ෂයේ විශ්‍රාම ගැනීමට නියමිත ය.
ඉතිරිය»
|
|
බිනර අව අටවක පෝය
බිනර අව අටවක පෝය ඔක්තෝබර් මස 02 වනදා අඟහරුවාදා පූර්ව භාග 04.10 ට ලබයි.
03 වනදා බදාදා පූර්ව භාග 2.18 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 02
වනදා අඟහරුවාදාය.
මීළඟ පෝය ඔක්තෝබර් 08 වනදා සඳුදාය.
|
|
|
|
|
|
|