ශ්‍රී දළදා සමිඳු තේවාමුරය
මෙවර අස්ගිරි මහා විහාරයට
මහනුවර ශ්‍රී දළදා සමිඳුන් උදෙසා සිදුකරනු ලබන තේවා මුරය මල්වතු මහා විහාරයෙන්
අස්ගිරිය මහා විහාරයට මෙවර පැවරීමේ සම්ප්‍රදායික චාරිත්‍රය මෙම ජූලි 27 වෙනිදාට
යෙදී තිබෙන ඇසළ පුර පසළොස්වක පෝය දිනට පසුදින සිදුකෙරේ.
පසුගිය වසරේ ඇසළ පෝය දින සිට ශ්‍රී දළදා සමිඳුන් වෙනුවෙන් පවත්වාගෙන ගිය තේවාමුරය
මල්වතු මහා විහාරයේ තේවාව බාරව වැඩ සිටි මහා සංඝරත්නය විසින් තේවාව සඳහා මෙවර වැඩම
කරන අස්ගිරිය මහා විහාරයේ සංඝරත්නය වෙත පවරාදීමේ චාරිත්‍රමය අවස්ථාවට මල්වතු
අස්ගිරි අතිපූජ්‍ය මහානාහිමිවරු අනුනා හිමිවරුන්ද ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන
නිළමෙතුමා ද සහභාගි වෙති.
ඉතිරිය» අනුරාධපුර ඓතිහාසික
ශ්‍රී දළදා පෙරහර
ජාතික අභිමානය හා ශ්‍රේෂ්ඨ බෞද්ධ සංස්කෘතිය මුළු ලොවටම විදහා දක්වන අනුරාධපුර ශ්‍රී
දළදා පෙරහර මෙම 26 - 27 යන දෙදන තුළ අනුරාධපුර ඓතිහාසික පින්බිමේ දී අත්‍යලංකාරයෙන්
පැවැත්වේ.
ඉතිරිය»
සදහම් අමා ගඟ ගලාගිය
ඇසළ පුන් පොහොය
අසිරිමත් බුදු සිරිතේ සහ ශාසනික ඉතිහාසයේ සිද්ධීන් රැසක් දැක්වෙන දිනයකි ඇසළ පොහොය.
අප මහා බෝසතාණන් වහන්සේ තුසිත දෙව්ලොවින් චුත ව මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගැනීම,
රාහුල කුමරු මෙලොවට බිහිවීම, බෝසතාණන් වහන්සේ සතර පෙරනිමිති දැක ගිහිගෙය ගැන කලකිරී
මහා අභිනිෂ්ක්‍රමණය කිරීම බුදුරජාණන් වහන්සේ මුල්වරට වස් සමාදන් වීම, බුදුරජාණන්
වහන්සේගේ මංගල ධර්ම දේශනාව වූ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව සිද්ධ කිරීම,
උපසම්පදා භික්ෂූන් වහන්සේලා පෙරවස් සමාදන් වීම, බුදුරජාණන් වහන්සේ ගණ්ඩබ්බ රුක මුල
යමක මහා ප්‍රාතිහාර්යය දැක්වීම, මාතෘ දිව්‍ය රාජයාණන්ට අභිධර්ම දේශනාව පැවැත්වීම
ඇරැඹීම, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඇතුළු පන්සියයක් රහතන් වහන්සේලා ප්‍රථම ධර්ම
සංගායනාව පැවැත්වීම පිණිස වස් සමාදන් වීම සහ ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසනයට වැදගත්
වන්නා වූ සිදුවීම් රැසක්ද ඇසළ පුන් පොහෝදා සිදුවී තිබේ.
ඉතිරිය»
වස්සාන සමය ඇරඹේ
අදට යෙදී ඇති ඇසළ පුර පොහෝ දිනයෙහි සිදුකෙරෙන ඉතා වැදගත් චාරිත්‍ර ධර්මයක් ද
මතුනොව, මහා පින්කමක් ද වන වස්විසීමට අදාළ වූ වස්සූපනායික ශික්ෂාපදය පැනවීම
තථාගතයන් වහන්සේගේ මහජන මතයට ගරුකිරීමේ උතුම් ගුණය ප්‍රකටවන අවස්ථාවකි. බුදුරජාණන් වහන්සේගේ පහළවීම සිදු වූ භාරතයෙහි තත්කාලීන ආගමික ඉගැන්වීම් දෙසැටක් පමණ
වූ බව ශාසන ඉතිහාසය මඟින් අනාවරණය වේ. මෙම ආගමික ඉගැන්වීම් අතර සුවිශේෂී ඉගැන්වීමක්
වූ බුදුදහම මූලික වශයෙන් ම තරුණ පිරිසක් ඒකරාශි කොටගෙන ව්‍යාප්ත වූවකි.
සාම්ප්‍රදායික වෙනත් ඉගැන්වීම් අතර බුද්ධ ධර්මය නව මගක් ගත් දහමක් විය. දිගුකලක්
මුළුල්ලේ පෙරුම් පුරා ඉතා දුෂ්කරව සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ විසින් අවබෝධකරගත් මෙම
ධර්මය උන්වහන්සේ විසින් දේශනාකරන ලද්දේ මුළු මහත් සත්ත්ව ප්‍රජාව පිළිබඳව වූ මහත්
කරුණාවෙන් යුතුවම ය.
ඉතිරිය»
ධර්ම දේශනාව:
සසර දුකින් එතෙර වීමට ...
“ද්වෙ මෙ භික්ඛවෙ, අන්තා පබ්බජිතෙන න සෙවිතබ්බා. යොචායං කාමෙසු කාමසුඛල්ලිකානුයොගො
හීනො ගම්මො පොථුජ්ජනිකො අනරියො අනත්‍ථසංහිතො, යො චායං අත්තකිලමථානුයොගො දුක්ඛා
අනරියො අනත්‍ථසංහිතො” “මහණෙනි, අනාර්ය වූ, ග්‍රාම්‍ය දහමක් වූ, පෘථග්ජනයන් විසින් සේවනය කරන්නා වූ,
ආර්යයන් සතු නොවූ, අවැඩ පිණිස වූ, කාම වස්තූන් කෙරෙහි ඇලීම ද, දුක් වූ ආර්යයන් සතු
නොවූ, අවැඩ ඇසුරු කළ, ශරීරය පෙළීමෙහි පුන පුනා යෙදීමක් වේ ද පැවිද්දන් විසින් මෙම
අන්ත දෙක නොසෙවිය යුතුය.”
සියලු කෙලෙසුන් නසා ගුරුවරයෙකු නොමැතිව ස්වකීය වීර්යයෙන්, ඥාන ශක්තියෙන් උතුම්
සර්වඥතා ඥාන දර්ශනය අවබෝධ කළ, අප බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ විසින්ම අවබෝධ කොට
ගත් ගැඹුරු ධර්මය ප්‍රථමයෙන් දේශනා කළ යුත්තේ කාටදැයි කල්පනා කරද්දී ධර්මය සොයා යන
ගමනේ දී තමන් වහන්සේට උපකාරී වූ ආලාරකාලාම පළමුව ද, උද්දකාරාමපුත්ත දෙවනුව ද
සිහිපත් වූ නමුත්, ඒ වන විට ඔවුන් දෙදෙනාම ජීවතුන් අතර නොමැති බව දැන, සය වසරක
දුෂ්කර ක්‍රියා සමයේ දී උපකාරී වූ කොණ්ඩඤ්ඤ, භද්දිය, වප්ප, මහානාම, අස්සජි යන පස්වග
තවුසන් බරණැස ඉසිපතනයේ මිගදායේ සිටින බව දැන ඔවුන් සොයා එහි වැඩම කළ සේක.
ඉතිරිය»
|