|
ශ්‍රී දළදා සමිඳු තේවාමුරය
මෙවර අස්ගිරි මහා විහාරයට
මහනුවර ශ්‍රී දළදා සමිඳුන් උදෙසා සිදුකරනු ලබන තේවා මුරය මල්වතු මහා විහාරයෙන්
අස්ගිරිය මහා විහාරයට මෙවර පැවරීමේ සම්ප්‍රදායික චාරිත්‍රය මෙම ජූලි 27 වෙනිදාට
යෙදී තිබෙන ඇසළ පුර පසළොස්වක පෝය දිනට පසුදින සිදුකෙරේ.
පසුගිය වසරේ ඇසළ පෝය දින සිට ශ්‍රී දළදා සමිඳුන් වෙනුවෙන් පවත්වාගෙන ගිය තේවාමුරය
මල්වතු මහා විහාරයේ තේවාව බාරව වැඩ සිටි මහා සංඝරත්නය විසින් තේවාව සඳහා මෙවර වැඩම
කරන අස්ගිරිය මහා විහාරයේ සංඝරත්නය වෙත පවරාදීමේ චාරිත්රමය අවස්ථාවට මල්වතු
අස්ගිරි අතිපූජ්‍ය මහානාහිමිවරු අනුනා හිමිවරුන්ද ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන
නිළමෙතුමා ද සහභාගි වෙති.
ඉතිරිය» |
|
ඇසළ පුර පසළොස්වක පෝය
ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 26 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 11.18 ට ලබයි. 28
වනදා සෙනසුරාදා පූර්ව භාග 01.51 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 27
වනදා සිකුරාදාය.
මීළග පෝය ඇසළ අව අටවක අගෝස්තු මස 04 වනදා සෙනසුරාදා
|
|
|
|
|
|
|